vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

සිංහල ගැබිණි මාතාවන්ට පමණි…..

සම්පත් සමරකෝන් 
sampathslk@gmail.com
 
දිනය 2008 මාර්තු 06වෙනිදා ය. වේලාව දහවල් 11.45 යි. මාතලේ කොළඹ බස් රථයේ එක් අසුනක් හැර අනෙක් අසුන් සියල්ලම මගීන්ගෙන් පිරී තිබුණි. මා වාඩි වූ අසුනට එක් අසුනක් පිටු පසින් වූ අසුනෙහි සිටියේ ප්‍රේමවන්තයින් යැයි විශ්වාස කල හැකි තරුණ යුවලකි. බස් රථය පිටත් වන්නට සුලු මොහොතකට කලින් එහි වූ පිරිමියා බසයෙන් බැස ගියහ.
බස් රථය සුපුරුදු ලෙස කොටුව පොලිස් මුරපොල අසල නතර කෙරුණේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පරීක්ෂා කිරීමටය. බසයට ගොඩවූ පොළිස් නිළධාරිණිය පළමුවෙන්ම ගියේ පෙර කී තරුණ යුවලේ වූ කාන්තාව ලඟටය.
 
කිසිදු කෙනෙක් පරීක්ෂා නොකර පළමුවෙන්ම ඇය ලගට ගිය නිසා මා වඩා සුපරික්ෂාවෙන් ඇය දෙස බැලීය. මට මතක් උනේ මගේ මිතුරියක් කිවූ කතාවක්. ‛‛අපේ පොට්ටුව දැන් මරණයේ සංකේතයක් වෙලා ඉවරයි..’’
 
බසයේ සිටි ඇයගේත් නළලේ පොට්ටුවක්. ඒ ඇය දමිළ නිසාය.
 
‛‛මේ බෑග් එක කාගෙද…?’’ පොළිස් නිළධාරිනිය විමසීය. 

 ‛‛මගේ නෝනා…’’ඇය පිළිතුරු දුන්නේ තරමක් බියකිනි.
 
‛‛මොනවද මේකේ තියෙන්නේ..? ’’   ‛‛ඇදුම් … ’’
 
‛‛දෙනවා හැදුනුම්පත…?’’  මොකද් ද නෝනා… ’’
 
‛‛හැදුනුම්පත…   ඇහුන්නැද්ද…?’’ තරමක් තර්ජණාත්මකව අයට නැවත වරක් පැවසීය.
 
මම එතෙක් වූ සියලු දේ අසා සිටියෙමි. එහෙත් එකම ප්‍රශ්ණය කීපවතාවක් ඇසුනෙන් මම හැරි බැලුවෙමි. ඒ වන විටත් බසයේ සිටි සියලු දෙනා ඒ දමිළ කාන්තාව දෙස බලා සිටියේ තැතිගත් මුහුණත් සමගය. ඒ දමිළ කාන්තාවට සිදුවන අපහසුතාවය ගැනද…?
 
‛‛අයිඩින්ටි කාඩ් එක දෙනවා….?’’නැවත වරක් පොළිස් නිළධාරිනිය ඇයට කීවේය.
 
ඇය තම හෑන්ඩ් බෑගයෙන් තම හැදුනුම්පත ගෙන පෙන්වීය. මෙතෙක් වේලා පොළිස් නිළධාරිනිය කතා කල භාෂාව එතරම් ඇයට නොතේරුනු බව මට තේරුම් ගියේ හැදුනුම්පත කිවුවිට ඇයට එය ප්‍රශ්ණයක් වූවත්, අයිඩින්ටිකාඩි එක කිවු සැනින් ඇය තම හැදුනුම්පත පොලිස් නිළධාරිනියට ලබා දීමත් සමගය.
 
‛‛ගම කොහෙද…?’’ පොළිස් නිළධාරිනිය නැවතත් ප්‍රශ්ණ ඇසීම ආරම්භ කරන ලදි.
 
‛‛මාතලේ.’’
 
‛‛මේ බෑග් එක ගන්නවා….?’’ පොලිස් නිළධාරිනිය බස් රථයේ ගමන් මලු තබන ස්ථානයේ  වු ඇයගේ බෑගය පෙන්වමින් කීය.
 
‛‛මට ගන්න බෑ නෝනා…’’ ඇයි…
 
‛‛මට බබෙක් හම්බ වෙන්න…….නැගිටින්න ටිකක් අමාරුයි.. ’’
 
‛‛එතකොට බහිනකොට ගන්නේ කොහොමද…?’’
 
‛‛මල්ලි එනවා කිවුවා නෝනා…’’
 
‛‛තනියමද ආවේ…?’’
 
‛‛නෑ නෝනා..  මහත්තයා ඇවිල්ලා ගියා…’’
 
මම එනකොටත් මෙතන මනුස්සයෙක් හිටියා. දැන් එකා බැහැලා ගියා.
මටනම් සැකයි මිස්.. ’’ මා පසුපසින් වූ අසුනේ සිටි අයෙක් පොළිස් නිළධාරිනියට කීය.
 
ඒ අතර ‛‛මේ බෑග් එක අරන් දෙන්න. ’’ පොළිස් නිලධාරිණිය බසයේ කොන්දොස්තර මහතාට කීය.

‛‛මේ කොහෙද…?’’ බෑගය පරීක්ෂා කරන ගමන් පොළිස් නිළධාරිනිය ඇසීය.
 
‛‛මම ඉස්පිරිතාලේ ගියා.. බෙහෙත් ගන්න…’’
 
‛‛මොකට ද බෙහෙත්..?’’
 
‛‛මම ප්‍රෙග්නට්…’’ ඇය දුක්මුසු ස්වරයකින් පිළිතුරු දුන්නාය.
 
‛‛කෝ ක්ලිනික් කාඩ් එක දෙනවා……..?’’ මා පසුපස වූ අසුනේ පෙර කී සිටි පුද්ගලයා ඇයගෙන් ඉල්ලුවාය.
 
ඇය ඉක්මනින් තමන්ගේ ක්ලිනික් කාඩ් එක ඒ පුද්ගලයාට පෙන්වීය. ඒ වන විටත් ඇයගේ බෑගය සහ අනිකුත් සියලු දෑ පරික්ෂාකොට පොළිස් නිළධාරීනිය බසයෙන් බැස ගොස් තිබිණි.
 
‛‛බඩට මාස කීයද…?’’
 
ක්ලිනික් කාඩ් එක බලමින් සිටි පුද්ගලයා ඇයගෙන් විමසීයි.
 
වේගයෙන් ඇයගේ මුහුණ වෙනස්විය. බසයේ සියලු දෙනාගේ ඇස් ඇය වෙත යොමු වී ඇත. ඇය බිම බලාගත්තේ පොළව පලාගෙන යන වේදනාවකින්ද…මට කිසිවක් කර කියා ගන්නට නැත. ලංකාවේ දමිළ වී ඉපදීමේ වේදනාව පිළිබඳ මෙයිට වඩා සාක්ෂියක් කුමට ද.. ඇය ගැබිණි බව වෛද්‍ය වාර්තාවකිනුත් ඔප්පු වී තිබියදී ඇය අපහසුවට පත් කිරිමට තරම් මේ සමාජය තිරිසන් වී ඇත්තේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන්ද.. මම මගෙන්ම අසා සිටියෙමි.
 
‛‛මටත් සැකයි.. දෙන්න ක්ලිනික් කාඩ් එක…?’’
මා වාඩිවී සිටි අසුනෙහි වූ කාන්තාව පෙර කිවු පුද්ගලයා අත වූ කාඩ් එක ඉල්ලුවේය.
 
‛‛ඔයා කවුද..?’’ ඔහු විමසීය.
 
‛‛මම ඩොක්ටර් කෙනෙක්…’’මා අසල වූ කාන්තාවගේ පිළිතුර විය.
 
‛‛මමත් ඩොක්ටර් කෙනෙක්..’’ ඒ පුද්ගලයා පැවසීය.
 
‛‛මොන ඩොක්ටර් කෙනෙක් ද…?’’නැවතත් පෙර කිවූ පුද්ගලයා ඇසීය.
 
‛‛මම ඩොක්ටර් කෙනෙක්…’’නැවතත් මා අසල වු කාන්තාව පැවසීය..
 
‛‛ආයුර්වේද ද…?’’ක්ලිනික් කාඩ් එක බලමින් සිටි පුද්ගලයා ඇසීය.
 
‛‛ඔව්..’’
 
‛‛ආ…ඔයාලට මේව බලන්න තේරෙන්නේ නෑ..’’ (ඔහු මහත් උජාරුවෙන් ක්ලිනික් කාඩ් එක බලමින් කීවේ ය.)
 
‛‛බඩට මාස කීයද…?’’නැවතත් ඔහු දමිළ කාන්තාවගෙන් ඇසීය.
 
‛‛හතයි… ’’ ඉතාමත් දුක්මුසුව ඒ දමිළ කාන්තාව උත්තර දුනි.
 
‛‛කෝ.. මේකේ සීල් එක.’’
 
‛‛ඕක තමයි මහත්තයෝ මට එහෙන් දුන්නේ..?’’
 
‛‛මේකෙ සීල් තියෙන්න ඕන.’’ මේවා හොර ඒවද දන්නේ නෑ.
 
‛‛අපි දන්නේ නෑ… තමුසේ කවුද කියලා.  අහිංසක වෙන්නත් පුලුවන්.  ඒත් කවුද දන්නේ බඩේ තියෙන්නේ බෝම්බද කියලා…’’ තමුසෙලාටනන් මොකද.. අපේ ආරක්ෂාව අපි බලාගන්න ඕනනේ.. කියමින් ක්ලිනික් කාඩ් එක ගැබිණි කාන්තාව අත තැබූ ‛‛පොළිස් දොස්තර’’  තම අසුනේ ඉතාමත් උජාරු ලීලාවෙන් වාඩි උනේ තමන් වෙන්නට ගිය මහා ව්‍යසනයක් වැලැක්වූවා සේය. තවමත් ඒ ගැබිණි කාන්තාව කිසිවක් කර කියාගන්නට නොහැකිව බිම බලාගෙන සිටි. 
මේ සමාජයේ නම් එළිය දකින්නට එපා යැයි ඇයගේ කුස තුළ ඉපදීමට සිටින දරුවා ප්‍රාර්ථනා කරනු ඇතැයි මට සිතුනි. දමිළ වී ජීවත්වීම මරණය තුරුලු කරන් ජීවත්වීම යැයි ඔහුට සිතෙනු ඇතැයි මට සිතේ.
 
දැන් බසය කැලණිපාලම පහුකරනන්ට ආසන්නය. බසය සහ එහි වූ මිනිසුන්, පාර්සල් ආදී සියලු දේ පොළිසිය විසින් පරික්ෂාකර සෑහෙන වේලාවක් ගතවී ඇත. පොළිසියට අනුව බසයේ බෝම්බවත්, ත්‍රස්තවාදියෙක්වත් නැත. ඒත් මේ පොළිස් දොස්තර දමිළ කාන්තාවගෙන් ප්‍රශ්ණ අසා ඉවර නැත. ඔහුට අනුව ඇයගේ බඩේ ඇත්තේ නිදහස් ලොවක හුස්ම ගන්නට පෙරුම්පුරන අහිංසක සිඟිත්තෙක් නොව බෝම්බයකි. ඇය තවමත් බිම බලාගෙනය. 
බසයේ සියල්ලන්ටම වගේ ඇය තවමත් ත්‍රස්තවාදිනියකි. ඒ අන් කිසිවෙකුත් නිසා නොවේ. ඇයව දෙවනි වරටත් තිරිසන් ලෙස පරීක්ෂාකල පොළිස් දොස්තර නිසාය.
 
කැළනි ගඟේ ජලය වේගයෙන් ගලාගෙන යයි. පියාපත් සලා මම ඔබ සොයා එමි රුයේ…බසයේ කැසට් යන්ත්‍රයෙන් ගීතයක් ශ්‍රවනය වෙයි.. 
ඒත් තවමත් ඒ දමිළ ගැබිණි කාන්තාව බිම බලාගෙනය. ඇයට හිස ඔසවන්න මේ සමාජය කවදා ඉඩක් දෙයිද…?
 
මට මතක් උනේ ජයපාලන්ගේ නම් සොදුරු මිනිසාගේ කවියක්…
 
‛‛යෝධයා
යම් දිනෙක
ශ්‍රි පාද කඳු යාය සසලවා
ඉන්දියන් සාගරේ ආගාධෙක
සැගව යනු නිසැකවම ය
එසඳ මෙහි මිනිස්කම අවදි වී
සියලු අත්වල පැළදි යදම් වැල් පුපුරුාවි…….’’
 
පසු සටහන 
අද වන විට සෑම බස් රථයකම ‛‛ගැබිණි මාතාවන් සදහා වෙන්කර ඇත..’’ යනුවන් සදහන් ව ඇත. ඒත් හෙට දිනයේදී,  ‛‛මේ අසුන වෙන්කර ඇත්තේ සිංහල ගැබිණි මාතාවන්ට පමණයි… ’’ යැයි සදහන් කිරීමට දකුණේ සමාජය හුරුකරවන දිනය ඈත නොවේ යැයි මට සිතුනේ ඇය බසයෙන් බැසීමට පවා අපහසු ගැබිණි මවක් යැයි දුටු විටය…
 
 
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         

1,147 views for this article so far.

| Share this article on Facebook

Dili said,

March 14, 2008 @ 7:45 am

Sinhalese can be so short sighted, hot headed, and proud sometimes it just makes me sick to say Im Sinhala Buddhist. Lord Buddha never preached anything but compassion and yet our people justify bigotry and discrimination using Buddhism and being Sinhala.

Self-preservation in dangerous times is one thing but stuff like that is just inhuman, and its not that much a difference from what the “police doctor” did to what the Tigers are doing. Tigers kill physically, we kill mentally.

:(

samanalee said,

March 14, 2008 @ 8:19 am

ඇස්‌ දෙකට කඳුලු ආවා අයියෙ මේක කියවද්දි…
මිනිස්‌සු නෙමෙයි තිරිසන්නුවත් මං හිතන්නෙ නෑ මෙච්චර නපුරු ඇතැයි කියල… කොහොමද එහෙම අය දොස්‌තරලා වෙන්නෙ? මොලේ තිබුනට හිත නැතිනම් මොකටද එහෙම වෛද්‍යවරු? අපේ සමාජය ගැන ගොඩාක්‌ කලකිරෙනව මේ වගේ දේවල් අහන්න දකින්න වෙනකොට. :(

Aravinda said,

March 14, 2008 @ 8:36 am

The behaviour of that ‘doctor’ is pathetic, but what is more pathetic is the silence of the other passengers including the one who was brave enough to write this but not brave enough to speak against that injustice, when it was happening!

charlie said,

March 16, 2008 @ 9:47 pm

This is an unfortunate situation. Similar things occured in London after the bomb blasts in Tubes. The UK police suspected all Midle Easterners.

Gunapala said,

March 17, 2008 @ 12:43 pm

Security alert is more essential in sri lanka, because tamils tigers destroy the untergrity of the country. it is their fault. Dont blame to anyone in this regard.
I think, the police doctor’s behaviour was good, but wants to be more polite than that.

Ruhunu said,

April 8, 2008 @ 5:15 pm

This is a pathatic situation. But who ruined the respect of Motherhood?
In the past a Militory comander has been killed by a pregnent women because soldgers respected a pregenent woman.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment