ජේමිස්ට අත්වූ ඉරණම
ජේමිස්ට කිසිඳු නඩු විභාගයකට මුහුණ නොදී වසර 50ක් සිරබත් කෑමට සිදුවිය. අවසානයේදී ඔහු සියලු චෝදනා වලින් නිදහස් විය. 1958 අගෝසතු 31 වන දින සිය පියාට පිහියකින් ඇණ තුවාල සිදුකිරීම සම්බන්‍ධයෙන් කුරුණෑගල අධිකරණයේදී ඔහුට විරුද්ධව නඩු පවරන ලදි.
ජේමිස් ගේ සිද්ධිය මගින් වත් බන්ධනාගාර පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත යුතුය.
ශ්‍රී ලංකාවේ සිරගෙවල් වල තන්‍වය සතුටු දායක නැත. යටිතල පහසුකම් වල තන්‍වය ඉතාම ශෝචණීය වේ. සිරකරුවන්ට ඇඳීමට ප්‍රමාණවත් ඇඳුම් නොමැති අතර, ඇතැම් අවස්ථාවලදී ඔවුන් නිරුවත්වද සිටී. වර්තමානය වන විට සිරකරුවන් අතර සිදුවන්නාවූ මත්ද්‍රව්‍ය භාවිතය බරපතල සමාජ ගැටලුවක් බවට පත්වී ඇත.
ජේමිස් වැනි සිරකරුවන් තවත් සිරමැදිරි වල සිටිනු ඇත. ජේමිස්ලා අප වැනිම මනුෂ්‍යයන්ය. වැරදිකරුවකු සිරගත කරනු ලැබීමේ පරමාර්ථය ඔහුව පුනුරුත්ථාපනය කිරීමයි. නමුත් ශ්‍රී ලංකාවේ බන්‍ධනාගාර වලින් මෙම අපේක්‍ෂිත අරමුණ ඉෂ්ඨ නොවේ. ඔවුන් නිරතුරුව වධහිංසාවට හා කෲර අමානුෂික සැලිකිලි වලට පාත්‍ර වේ.
රැඳවුම් ආයතනවල වධහිංසාව හා කෲර අවමන් සහගත සැලකිලි අවම කිරීමෙහිලා එක්සත් ජාතීන් විසින් වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට අදාල වෛකල්පික ප්‍රොටොකෝලය හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාව මෙයට අත්සන් තබා නොමැත. මෙම සම්මුතියට අත්සන් කරන රාජ්‍යයන්ට තම රටවල බන්‍ධනාගාර පද්ධතිය දියුණු කිරීමේ අවශ්‍ය ආධාර ලබා ගැනීමේ අවස්ථාව උදාවේ.
දකුණු අප්‍රිකාවේ අසහාය නායක නෙල්සන් මැන්ඩෙලා මහතා වසර 26ක් බන්‍ධනාගාර ගතව සිටි පුද්ගලයෙකි. සිය සිරදඩුවම අවසාන වීමත් සමග දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්වු ඔහු ප්‍රකාශකලේ -
‛‛ජාතියක් විනිශ්චය කල යුත්තේ ඔවුන්ගේ ඉහළ පුරවැසියනට සලකන ආකාරය මත නොව පහළ පුරවැසියනට සලකන ආකාරය මතය”
හර්ෂි චිත්‍රාංගි පෙරේරා
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


