වාකනේරි අනාතයන් - මඩකළපුව
වාකනේරි යනු පසුගිය වසර 20 පුරාවට එල්ටීටීඊ පාලනය යටතේ පැවැති මඩකලපුව දිස්ත්‍රික්යට අයිති ප්‍රදේශයකි. එහි වැසියන් පසුගිය විසිවසර පුරාවටම ජීවත්වූයේ අවම වරප්‍රසාද සහිතවයි. ඔවුන්ට රෝහල් ,පාසැල්, මංමාවත් වැනි මූලික පහසුකම් නොතිබුනි. මාරනාසන්න රෝගියෙකු උව ඔවුන් මඩකළපුවට රැගෙන ආයුතුය. බොහෝ රෝගීන් එන අතර මගදි මරණය වැළඳ ගැනීම සාමාන්‍ය සිදුවීමකි. මේ ප්‍රදේශයේ පාසැල් ක්‍රියාත්මක නොවු නිසා දරුවන් පාසැල් නොගියාය. පසුගිය විසිවසර පුරාවටම කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකොට නොමැති අතර දරුවන් මෙන් ම වැඩිහිටියන් ද මන්ද පොෂණ තත්ත්වයෙන් පසුවේ. පසුගිය කාලයේ සිදුකළ තොප්පිගල මුදාගැනීමේ මෙහෙයුම් වලදී යුධ අනාතයන් ලෙස මෙම ප්‍රදේශයේ ජනයා මඩකළපුවට පැමිණියය. පසුව ඔවුනව පුනානි ප්‍රදේශයේ තාවකාලික කුඩාරම් වල රැදවු අතර මේවන විටත් ඔවුන් රැදිසිටින්නේ එම තාවකාලික කුඩාරම් වලයි.
ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ වාකනේරි අනාතයින් තමන්ට ආධාර ලබාදීමට පිරිසක් පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් තම තාවකාලික කූඩාරම් අසල මග දෙපස රැදි සිටින දර්ශනයි.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


