දුෂ්කරතා ජයගන්න වෙරදරන ඇකිරියන්කුඹුරේ දරුවෝ
නයන තෙන්නකෝන් - බදුල්ල


බදුල්ල ආපදා කලමනාකරණ ඒකකය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙයවු ආපදා කලමනාකරණ වැඩසටහනක් ඇකිරියන් කුඹුර පාසලේදී පැවැත්වුනා.මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබුනු ඇකිරියන්කුඹුර පාසල රිදීමාලියද්ද කියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වුවක්. රිදීමාලියද්ද කියන්නේ ලංකාවේ තිබෙන දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්.
ඇකිරියන්කුඹුර බදුල්ල දිසාවේ කෙලවර එහා පැත්තෙන් අම්පාර අරන්තලාවට ආසන්න ගමක්. කෙටියෙන් පවසනවා නම් මායිම් ගම්මානයක්. ගම වටේට බංකර් ඉදිකරලා මෙවැනි දුෂ්කරතා මැද ඇකිරියන් කුඹුරේ වැසියන් ජීවත් වෙනවා. ප්‍රවාහනයද දුෂ්කරයි.
ඇකිරියන්කුඹුර පාසලට තිබෙන පහසුකම් අඩු වුවත් තිබෙන පහසුකම් වලින් උපරිම පලයන් නෙලා ගන්නා පාසලක් කීවොත් වැරදී නෑ. පාරිසරික වශයෙන් ගත්කල සෑම වර්ෂයකම නියං වලින් මෙම පලාතේ වැසියන් පීඩා විඳිනව. කැලෑ ගිනි තැබීම් ද බහුලයි.
උත්සවය පාසලේ ප්‍රධාන ශාලාවේ පැවැත්වූවා. වැඩසටහන පැවැත්වුයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහන දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පාසල් දරුවන් නොයෙක් ක්‍රියාකාරකම් එහිදී ඉදිරිපත් කලා. කෙටි නාට්‍යක් වාර්ෂිකව එන නියඟය හා එයට මුහුන දියයුතු ආකාරය විදහා දැක්වුවා.
කොළඹ පාසල් වල ඇතැම් දරු දැරියන් කිසිදාා මෙවන් ප්‍රයෝගික තත්වයන් වලට මුහුන දී නොමැති බවත් ඔවුනට දිය ඇල්ලක සුන් දරත් වය මෙන්ම කැලයේ ඇති රමණීය බව කිසිදා සැබෑ ලෙස දක්නට නොලැබි ඇති බවත්. ඇකිරියන් කුඹුර පාසලේ දරු දැරියන්ට පරිසර විනාශය පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැතැයි ද, ඔවුන්ගේ පාරිසරක දැනුම කොළඹ දරුවන්ට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් ඇති බව ද බදුල්ල දිසිත්‍රික් ලේකම් රෝහන කීර්ති දිසානායක මහතා මෙහි දී පැවසුවා.
ඇත්තෙන්ම එය ඌවට ආඩම්බරයක්. මොණරාගල දිස්ත්‍රික්කය ලංකාවේ දිලිඳුම පලාත කියලා නම් කරලා තිබෙනවා. නමුත් දුෂ්කරයි කියන මෙම ප්‍රදේශයේ දරු දැරියන් ගේ දැනුම ඉතා විශිෂ්ඨයි ඔවුන් එකතුවී අනාගතයේ යම් දවසක මෙම තත්ත්වයේ වෙනසක් කරා වි කියා වැඩ සටහනට සහභාගීවීමෙන් අනතුරුව මට සිතුනා
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


