vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ලාබයි… වකුගඩුවක් විකිණීමට තිබෙ

බදුල්ලේ සිට නෙත්

මහත්තයා ඉන්නවාද?
ඕව් ඇයි
මට මහත්තයාට කතා කරන්න ඕනි
ඔයා හම්බවෙන්න කවුද ඇවිල්ල

මා නිවසේ ඉදිරි දොරටුව වෙත පිය නැගුවෙමි. මා ඉදිරිපස ඉතා වයෝවෘද්ධ වුත් කෙසඟ ශරීරයකට හිමිකම් කිමට හැකි අයෙකු සිටි. මෙම පුද්ගලයා අන්කවරෙකු නොව අප ප්‍රදේශයට වඩේ, පැටිස් අලෙවිකරන වඩෙ මාමායි. මෙම පුද්ගලයා සතියේ දිනවල සෑම නිවසකටම ගොස් සිය රාජකාරියේ යෙදෙයි. ඔහු ගෙන් පැටිස් මිලදී ගැනිම නිසා අප දෙදනා අතර දැඩි හිතවත් කමක් ද විය.
හේ මුස්ලිම් ජාතිකයෙකු වුවත් මනාලෙස සිංහල බස හැසිරවීමට සමත්විය. කාලයක්ම මෙම පුද්ගලයා නොපැමිණි අතර කලකට පසුව පැමිණ මා හට කතා කරයි.
මහත්තයා හමුවෙන්න ආවේ ලොකු උදවුවක් ඉල්ලාගෙනයි
මොකද්ද ?

මහත්තයා මට දූලා තුන්දෙනෙක් ඉන්නවා උන් බන්දලා දෙන්න ඕනි. ඒකට ලොකු වියදමක් යනවා මගේ ලඟ ලොකු සල්ලියක් නෑ මේ වඩේ විකුනලා එකතු වෙන කීයකින් හරි තමයි අපේ පවුලේ පස් දෙනෙක් ජීවත් වෙන්නේ ඉතින් මට සල්ලි ටිකක් අවශ්‍යයි මහත්තයට පුලුවං නං පත්තරේ දැන්වීමක් දාලා දෙන්න.
මොකටද ?
මගේ වකුගඩුවක් විකුණන්න තියනවා කියල.
මං පත්තරවල දැකලා තියනවා වකුගඩු ඕනි කියලා දැන්වීම් දාල තියෙනව
කියන්න මං වකුගඩුවක් දෙන්න කැමතියි හැබැයි රුපියල් හැටදාහක් වත් ඕනි කියල
.

තමුසෙට පිස්සුද?
ඔහු ගේ වයස ගැනවත් නොසලකා මම ඇසුවෙමි
මට තියන ප්‍රශ්න මහත්තයා දන්නේ නැහැ. මට කොහෙම හරි ඕනි කෙල්ලෝ තුන් දෙනාව බන්දලා දෙන්න.
මහත්තයා උදව්වක් විදියට මේක කරලා දෙන්න යැයි මෙම මිනිසා දිගින් දිගටම බැගෑපත් වෙයි
බේරුමක් නොමැති තැන මා ඔහු පිටත් කොට හැරීය
අහස උසට නැගි ජීවන වියදම හමුවේ රට වැසියන්ගේ සැබෑ තත්ත්වය එසේය. මුදල් හදල් හිඟ වු විටදි තම ශරීරයේ කොටස් අලෙවි කර හෝ එම තත්වයට මුහුණ දීමට ඔව්හු පෙළඹී සිටී.

Last 5 posts by Vikalpa_R

914 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment