යුද්ධයේ දරුවෝ….
තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා….
හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන යනව. සිගරට් ඉල්ලන අයට සාක්කුවේ ඇති සිගරට් පැකට්ටුවෙන් සිගරට් දෙන ඔහු ඒ සැනෙන් කුස්සියට දිවගොස් බයිට් පිඟානක් රැගෙන යන්නේ බයිට් ඉල්ලන අයගේ කෑගැහීමටයි. ඔහු ගේ මුහුණෙන් මහන්සියක සේයාවක් නොපෙනෙයි.
තම්බි ඔන්ගඩ පේර එන්න?
‛‛මගේ නම ජනත්, මට වයස අවුරුදු 14යි. අපේ පවුලේ හතර දෙනයි මායි අම්මයි, අක්කයි, මල්ලීයි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. එයා යුද්ධයෙන් මැරේන කොට මං හුගක් පොඩියිලු. මට හම්බ වෙන එකෙන් තමයි මම අම්මව බලාගන්නේ. මං වැඩ කරේ නැත්නම් අම්මට කන්ඩ දෙන්න බැරිවෙනව. අම්මත් කුලී වැඩ කරනව ඔය ගොයම් කපන වගේ වැඩ. ඒත් හැමදාම වැඩ හම්බවෙන්නෙ නැහැ. එදාට අපි ඔක්කොම බඩගින්නේ. මං වැඩ කරන නිසා දැන් අම්මට සල්ලි යවනව කෑමත් තියෙනව, කට්ටියත් ගොඩක් එනව ඒ නිසා මං හුගක් කැමතියි’’
එක දිගට කියාගෙන ගිය ජනත් අවිහිංසක විදිහට හිනාවෙල බිම බලාගන්නව
ගෙදර යන්නේ නැද්ද ? මගේ ප්‍රශ්නෙත් සමග ඔහු නැවතත් කතාව පටන් ගත්ත
‛‛යනව අවුරුද්දකට දෙපාරක් විතර අම්මව බලල එන්න. ඒ ඇරුනම කාලි කෝවිලේ උත්සවයට නම් නොවරදවාම යනව අම්මට (කාලි අම්මට) සේවය කරන්න ඕන නිසා. ඒ උත්සවය සතියක් පැවැත්වෙනව ඒ ගියාම සතියම කෝවිලේ තමයි ඉන්නෙ ගමේ අය හැමෝම එනව හරිම ෂොක් මං හුඟක් ආසයි ’’
මමත් අනෙක් අය වගේ ඉස්කෝලේ යන්න ඉගෙන ගන්න ආසයි. ඒත් ඊට වඩා මගේ අම්මවයි ගෙදර අයවයි බලා ගන්න එක ලොකුයි. මං සල්ලි යැවුවේ නැත්නම් ඒඅය බඩගින්නේ. මං ශ්‍රි ශක්ති විද්‍යාලයේ හයේ පංතියට වෙනකම් ඉස්කෝලේ ගියා. මේහේ එන්න කලින් කුලීවැඩ කළා. මේසන් බාස්ල ලඟ උත් උදවු දෙන වැඩ කලේ. ඒයිට වඩා මෙහේ වැඩ හොදයි. කන්ඩත් හම්බවෙනවනේ.
අක්ක කොළඹ ගෙදරක වැඩට ගියා මං ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. මල්ලිට තාම වයස අවුරුද්දයි. මමා කෙනෙක් ඉන්නව එයා පලංචියෙන් වැටිල ඔලුව වැදිල අසනීපෙන් ඉන්නේ වැඩක් පලක් කරගන්න බැහැ.’’
ඔහුගේ අපූරු හිනාව ආත්ම ශක්තිය පෙන්නුම් කරන කණ්ණාඩියක් බඳුයි. ඔහුගේ එකම අරමුණ අම්මාව හා පවුල රැකබලා ගැනීමයි. මේ ජනත් ඔහු ගැන කියපු කතාවයි. එහෙත් ඔහුගේ ජීවිතයේ ඔහු නොදන්න තවත් පැත්තක් තියෙනව.
ජනත් ඉපදිලා තියෙන්නේ 1993 අවුරුද්දෙ මඩකළපු දිස්ත්‍රික්කයට අයත් අන්නමලෛ කියන ගමේ. ඒ දවස්වල මඩකලපුවේ තදින්ම යුද්දෙ. මේ සිද්ධිය සිද්ද වෙනකොට ජනත් ඉපදිල හරියටම දවස් 17 යි. ජනත්ලගෙ ගම ආසන්නයේදී එල්ටීටීඊ ය හා හමුදාව අතර ගැටුමක් හට ගත්ත. ඒ ගැටුමෙන් හමුදාවේ සැහෙන්න පිරිසක් මිය ගියා. සිද්ධියෙන් පසුව එහි ආපු හමුදා ඇඳුම් ඇඳගත්ත පිරිසක් ජනත්ගෙ ගමට පැනල එහි ජීවත් වෙච්ච අහිංසක වැසියන්ට පහර දුන්න. ජනත්ගෙ අම්මයි තාත්තයි දෙන්නවත් ඒඅ ය කපල මැරුව. ඒත් ජනත් බේරුනා. ඒ ප්‍රහාරයෙන් ගමේ තවත් බොහෝ දෙනෙක් මැරුම් කෑව. දවස් දාහතක් වයස ජනත්ව හදාගත්තේ ඔහුගේ ලොකු අම්ම. ජනත් අදටත් අම්ම කියන්නෙ ලොකු අම්මට. ඔහු හිතන් ඉන්නෙ ඒ ඔහුගෙ අම්ම කියල.
රම්ෙප
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


