vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

IIGEP - ඉවත් වීම හා ජනාධිපති කොමිසමේ ස්වාධීනත්වය



‛‛2006 වර්ෂයේ ජනවාරි මස දී ත්‍රිකුණාමලයේදී තරුණයන් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා 2006 අගොස්තු මස දී මූතූර් ප්‍රදේශයේදී AFC නැමැති ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු පසුගිය කාලය තුළ සිදුවු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරු නිස්සංක උඳුලාගම මහතාගේ මූලිකත්වයෙන් ‛‛බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම’’ පත්කරනු ලැබූ අතර එයට අමතරව ජනාධිපතිවරයා විසින්ම එහි කටයුතු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ස්වාධීන විද්වත් මංඩලයක්ද පිහිටුවනු ලැබුවා. නමුත් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු රජයේ විවිධ පාර්ශව විසින් මෙම ස්වාධීන විද්වත් මංඩලය විවිචනයට ලක්කල අතර ඔවුනගේ කටයුතු වලට සහායෝගය නොදක්වන තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.මේ අතර ප්‍රකාශයක් නිකුත් කල ජාත්‍යන්තර විද්වත් මංඩලය කියාසිටියේ ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන් සෑහීමකට පත්නොවන බවත් එහි කටයුතු ස්වාධීනව කරගෙන යා නොහැකි ලෙස බරපතල බාහිර ඇගිලිගැසීම් සිදුවන නිසා තම කණ්ඩායම කොමිසමේ නිරීක්ෂන කටයුතුවලින් ඉවත්වන බවත්ය.’’
ඒ අනුව ජාතයන්තර ස්වාධීන විද්වත් මංඩලය මාර්තු 31 වැනිදා සිට අධීක්ෂණ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරන ලදි. විකල්ප මෙම සිද්ධිය පිළිබඳව මෙරට සිටින ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් මෙන්ම නීතිඥවරියක්ද වන නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සමග සංවාදයක නිරත වුවා. ඉහත දැක්වෙනුයේ එහිදි ඇය දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයයි.

Last 5 posts by Vikalpa_R

518 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment