ජවිපෙ දෙකට කැඩෙයි…..??
තමාව පක්ෂයේ සියළු තනතුරුවලින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇති බවට ඊයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. කාලයක් තිස්සේ, එළියට නොපෙනෙන්නට ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ ඇවිලෙමින් තිබූ සීිතල යුද්ධය, විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කළ මේ දීර්ඝ හැඟීම්බර කතාවෙන් පසු ඊයේ පුපුරා ගියේය.
වීරවංශ මහතාගේ එම ප්‍රකාශයෙන් පසුව ජවිපෙහි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 11 දෙනෙකු තමන් වීරවංශ මහතාට සහාය පළ කරන බවට ප්‍රසිද්ධියේ කියා සිටියහ. මේ පිරිස විසින් තමන්ගේ ස්ථාවරය රටට හෙළිදරවු කිරීමේ අරමුණින් ඊයේ සවස කොළඹ නිපොන් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡිවක් කැඳවා තිබුණි.
වීරවංශ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වී ඇත්තේ, පියසිරි විජේනායක, අචල සුරංග ජාගොඩ, සුජාතා අලහකෝන්, ජයන්ත සමරවීර, දීපාල් ගුණසේකර, ජයන්ත රණවීර, පද්ම උදයශාන්ත, සමන් සිරි හේරත්, නිමල් ප්‍රේමවංශ, වීර කුමාර දිසානායක, සහ එම්. මුසම්මිල් යන මන්ත්ර්‍රීවරුන් 11 දෙනාය. කෙසේ හෝ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුරදී ඊට සහභාගි වූ රණවීර පතිරණ මන්ත්‍රීවරයා සෙසු මන්ත්‍රීවරුන්ගේ අදහසට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට වීමත් සමගම එතැන විශාල කලබැගෑනියක් ඇති විය. අවසානයේදී රණවීර පතිරණ මන්ත්‍රීවරයාට පොලිස් රැකවරණ මැද එතැනින් ඉවත් ව යාමට සිදු විය.
ඊයේ නිපොන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව ආවරණය කළ විකල්ප, එහිදී ලබා ගත් වීඩියෝ දර්ශන කිහිපයකි ඉහතින් දැක්වෙන්නේ.
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008
- ජේමිස්ට අත්වූ ඉරණම - March 19th, 2008


