මරණයේ තුවක්කුව නොදුටු ජීවිතයේ කැමරාව……
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව මේ වන විට අතිශය ප්‍රභල මට්ටමක පවතින බවට රජය නිරන්තරයෙන් පවසන අතර ජාතික ආදායමේ විශාල කොටසක් නිතිපතා ඒ වෙනුවෙන් වෙන් කෙරේ.ඔබ කොළඹ ප්‍රධාන වීදියක ගමන් ගන්නා විට දී, සමහර විට ඔබට මහ පාරෙන් ඉවත ඇති මුල්ලකට ගාල් කෙරේ. එපමණක් නොව ඔබ පාර දෙසට පිටුපා සිටිය යුතු බවටද අණ කෙරෙයි. ඔබ ඒ අතර වාරයේ හොර ඇහින් මහ පාර දෙස බැලුවොත් කළු වීදුරු සහිත වේගයෙන් පියාඹායන රථ හා හමුදා සාමාජිකයන් පුරවාගත් ජීප් රථ දැකිය හැකිය. එම හමුදා සාමාජිකයන්ගේ තුවක්කු බට එල්ල වී ඇත්තේ ඔබ දෙසටයි. ඔබට ඇතිවන නොසන්සුන්තාව නිසා අසල වැටි ඇති කෙසෙල් ලෙල්ලක් වැරදීමකින් හෝ පෑගී ශරීරයේ තුලනය පාලනය කර ගැනීමට නොහැකිව ඔබේ හිස යම් හෙයකින් පාර දෙසට නැමුන හොත් ඊළඟ මොහොතේ ඔබේ ඔලුව කුඩු වී යා හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න. තත්ත්වය එසේ තිබියදී ත් තවමත් රාජ්‍ය නායකයන් ඉතා සරළ හා විසුලු ආකාරයෙන් කොළඹ නගරයේ මහ මඟ මිය යයි. එසේ වන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇත්තටම ප්‍රබලද?
අපි පසුගියදා ත්‍රිකුණාමල නිළාවේලි මාර්ගය දිගේ ගමන් කරමින් සිටයෙමු. මෙහි දි කිසිවෙකුට අඩියෙන් අඩිය ඇති හමුදා මුර කපොලු වල පරීක්ෂාවට ලක් නොවී රිංගා යාම එතරම් පහසු කටයුත්තක් නොවේ. මෙය නැවත සිහි ගන්වන්නේ කොළඹ නගරයේ ආරක්ෂක වාතාවරණයයි. මේ පාරේ එක්තරා මුරකපොල්ලක් අසලදී මෝටර් සයිකලයකින් යන මුස්ලිම් යුවලක් හා කුඩා දරුවෙකුගේ දසුනක් කැමරාවට හසු කරගැනීමට මාගේ මිතුරෙකු උත්සාහ ගත්තේය. මේ නොමනා ක්‍රියාව අර මුර කපොල්ලේ හමුදා සෙබලාගේ උදහසට ලක්විය. ඔහු එම ඡායා රූපය වහා මකා දමන ලෙස අණ කලේය. මගේ මිතුරා එය කළේය. ඉන්පසු ඔහුගේ විමසුම් ඇසට ලක් වුනේ මාළඟ තිබු විඩියෝ කැමරාවයි. ‛‛ මේ පැත්ත විඩියෝ කරාද ’’ඔහු ඇසීය මම එසේ නොකල බව කීවෙමි. ඔහු එය බැලීමට ඉල්ලූ අතර කිසි වරදක් මා අත නොමැති නිසා මම නොපැකිලව කැමරාව ඔහුට දුන්නේමි. ටික වේලාවක් කැමරාව දෙස බලා සිටි ඔහු එක් වරම ‛‛ මෙන්න අපේ කෑම්ප් එක විඩියෝ කරලා….’’ යැයි මහ හඬින් කෑ ගසන්නට විය.
එය ඇසුන තවත් උසස් නිළධාරියෙක් එතැනට පැමිණියේය. මා අත තිබූ කැමරාවෙන් මටත් හොරෙන් ඔහුගේ කඳවුර විඩියෝ වුයේ කෙසේදැයි සිතා ගත නොහැකිව මමද ඒ වෙත ගියෙමි. සියල්ල පැහැදිලිය කැමරාවේ කාචයෙන් ඔවුන්ගේ කඳවුර දර්ශණය වීම විඩියෝ කිරීමක් ලෙස හමුදා සෙබලා වැරදියට වටහාගෙන ඇත. අපේ වාසනාවට සිද්ධිය උසස් නිළධාරියා වටහා ගත්තේය. ඔහු නොවන්නට සමහරවිට අපේ කැමරාව කුඩුපට්ටම් වනු ඇත. එවිට රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් අපි එහි පාඩුව දරාගත යුතුවෙමු නැත්නම් ඔහු අපව ඔවුන්ගේ මූලස්ථානයට රැගෙන යනු ඇත. එහිදී මෙන්න අපේ මූලස්ථානයත් වීඩියෝ කරලා යැයි නැවතත් බෙරිහන් දෙනු ඇත. කෙසේ වුවද අපේ සියළු කැමරා අංගෝපාංග ඔවුන්ගේ මුර කපොල්ලට බාර දෙන්නැයි ඔවුන් නියෝග කළේය. නැවතත් එන විට අපට ඒවා නිරුපද්‍රිතව භාර කෙරිණි. මම මේ ලිපිය ලිවීමෙන් ඉහත කී හමුදා සෙබලාට අපහාස කිරීමට අදහස් නොකරමි. යම් තාක්ෂණික මෙවලමක් භාවිතා කොට නැති තැනැත්තෙක් එහි තාක්ෂණය අවබෝධ කර නොගැනීම සිනහවට හෝ පුදුමයට කරුණක් නොවේ. එය ඉතා සාමාන්‍ය තත්ත්වයක්. වරද තිබෙන්නේ එතැන නොවේ එවැනි තැන්වලට එවැන්නන් ස්ථානගත කිරීමේ යාන්ත්‍රනයේයි.
කොළඹ නායකයන් ඝාතනය වන්නේද මේ හිඩැස තුළයි. සෑම හමුදා සාමාජිකයකුටම නූතන තාක්ෂණය හා මනෝවිද්‍යාව පිළිබඳවද දියුණු දැනුමක් ලබාදීම රාජ්‍ය ආරක්ෂාවේ වැදගත් කොටසකි. උකුසු ඇස් මෙන්ම අහිංසක ගේ කුරුළු ඇස් ද අපි යුධ හමුදා නිල අඳුම් අතරින් ඕනෑ තරම් දැක ඇත්තෙමු. තමන් ඉදිරියේ ඇති මරණයේ දුක්බර මාවතේ ඇවිද යන ඔවුනට ‛‛ හදවතින් අපි යුධබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ ’’ වැනි ලණු දෙනවාට වඩා රජයක් කළ යුතු දේ බොහෝය.
Last 5 posts by Vikalpa_R
- மட்டக்களப்பு மாவட்டத்தில் இன ஜக்கியம் ஏற்படுத்தப்படுமா? அல்லது ஏற்படுமா? - August 7th, 2008
- පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - July 31st, 2008
- සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි - July 30th, 2008
- NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය - July 30th, 2008
- தீர்வுக்கு தேவை விட்டுக்கொடுப்புகளே! - July 29th, 2008
ඔහේ said,
“යම් තාක්ෂණික මෙවලමක් භාවිතා කොට නැති තැනැත්තෙක් එහි තාක්ෂණය අවබෝධ කර නොගැනීම සිනහවට හෝ පුදුමයට කරුණක් නොවේ. එය ඉතා සාමාන්‍ය තත්ත්වයක්. වරද තිබෙන්නේ එතැන නොවේ එවැනි තැන්වලට එවැන්නන් ස්ථානගත කිරීමේ යාන්ත්‍රනයේයි. ”
ඔබ පවසන ආකාරයට කල හැකිද? එය කොතරම් ප්‍රායෝගිකද?
9/11 සිදිධියෙන් පසු ඇමරිකාවේ “පඩයක්” ගියත් පෙන්ටගනය ට වාර්තා කරන තත්වයක් ඇතිවුනි.
ලන්ඩන් උමං දුම් රිය පොළේදි තම ශරීරයට වඩා ලොකු ජැකට්ටුවක් හැඳ සිටි බ්‍රසිල ජාතික තරුණයෙකු “තාක්ෂණය හා මනෝවිද්‍යාව හඳුනන” ලන්ඩන් පොලිසියේ වෙඩි වරුසාවක් මැද මිය ගියේය.
මිරිස් පහේ වැඩිපුර දමා හොඳි හදන විට “රසායනික බෝම්බ” යැයි කියා පොලිසියෙන් වට කර දෑත් වලට මාංචු දමා අත් අඩංගුවට ගත් සිද්දීන් මගෙ හිසේ කෙස් ගණනට ඔබට පෙන්වා දිය හැකියි.
මෙවැනි තත්ව ඉතා සුලභය. ඔබ දෙන විකල්පය පොලවෙන් අඩි 4 ක් උඩය. ප්‍රායෝගික නොවේ. න්‍යායික හා පොතට සීමා වෙච්ච බොලඳ අදහසකි.
RSS feed for comments on this post · TrackBack URI


