vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

IIGEP ලංකාවෙන් ඉවත්වයාමේ මාධ්‍ය සාකච්ඡාව



බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ‛‛ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයයන් කණ්ඩායම’’ එම වැඩකටයුතු වලින් ලබන 30 වැනිදා සිට ඉවත්වීමට තීරණය කළ බව ඊයේ (22) කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබුවා.

‛‛ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයාබැලීමට පත්කල ජනාධිපති කොමිෂන් සභාවේ වැඩකටයුතු විධිමත් කිරීම සඳහා අප විසින් රජයට නිර්දේශ රාශියක් ඉදිරිපත් කලා. එම යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වු නිසා අපගේ බලාපොරොත්තු සුන්වී තිබෙනවා. එසේම පැමිණිලිකරුවන් සහා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමත්, කොමිෂන් සභාවේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් තොරවීම හා කාර්‍යක්ෂමතාවයකින් තොරවීමත්, රාජ්‍ය ආයතන වල සහායෝගය නොමැතිවීමත් මෙම තීරණය සඳහා බලපෑබවත් එහි සභාපති පී.එන්. භගවතී හිටපු ඉංදීය අගවිනිසුරුවරයා ප්‍රකාශකර සිටියා.’’

ඉහත දැක්වෙනුයේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ අවස්ථා ඇතුලත් විඩියෝ පටයි.

Last 5 posts by Vikalpa_R

222 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment