vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මානව හිමිකම් සහ ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය

මෙරට පුවත්පත් මානවහිමිකම් කෙලෙසීම් වාර්තා කිරිමට කොපමණ උනන්දු වන්නේ ද?

2008 පෙබරවාරි මාසයේ සිංහල පුවත පත් වාර්තා කළ එවැනි සිදුවීම් 45 කි. ඉංග්‍රිසි පුවත්පත් 61 කි. දෙමළ පුවත් පත් 276 කි

එහි බෙදී යාම මෙසේ ය:

පෙරවාරි මාසය - දිනපතා පුවත් පත්
ඩේලි මිරර් 48
දි අයිලන්ඩ් 12
ඩේලි නිව්ස් 11
ලංකාදීප 14
දිවයින 9
දිනමිණ 8
ලක්බිම12
සුඩර්ඔලි 73
වීරකේසරී 93
තිනකරන් 35
තිනක්කූරල් 75

මේ වෙනසට හේතුව අද මෙරට පැහැර ගැනෙන්නේ මරා දැමෙන්නේ දෙමළ ජනයා නිසා ද? ජනමාධ්‍ය වාර්තා කළ යුත්තේ එක් පාර්ශවයක ඛේදවාචකයන් පමණක් ද? එවැනි මාධ්‍ය හැසිරිමක් විසින් ජනයා බෙදයි ද? එක් කරයි ද?

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මෙරටෙ වාර්ගික අරගලයේ කණගාටුදායක කොටස්කරුවෙකි. ඒවා විසින් ශක්තිමත් කරනු ලබන්නේ ශ්‍රී ලංකිකත්වය නොවේ. පටු ජනවාර්ගිකත්වයන් ය.




Last 5 posts by Vikalpa_R

233 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment