නැගෙනහිර පළාත් ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය
නැගෙනහිර පළාත් සභා ඡන්දයට අදාළව සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳව නැගෙනහිර පළාතේ සිටින විකල්ප පුරවැසි මාධ්‍ය ජාලයේ සාමාජිකයින් විසින් එවන කෙටි ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා කුඩා වෙබ් අඩවියක් Twitter නැමැති චැනලයේ දැන් විවෘත කර ඇත. මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු දැනගැනීම සඳහා Eastern Election 2008 වෙබ් අඩවියට පිවිසෙන්න. මේ සියලු ප්‍රවෘත්ති සහ වාර්තාවන් විකල්ප වෙබ් අඩවියේත් පළ වෙනවා ඇත. (කරුණාකර මැද ඇති තීරුව බලන්න)
බිම් මට්ටමේ පුරවැසියන් විසින් එවන කෙටි පණිවිඩ (SMS) මැතිවරණ වාර්තාකරණයක් සඳහා ශ්‍රී ලංකවේ යොදා ගනු ලබන ප්‍රථම අවස්ථාව මෙයයි. මැතිවරණයට ආසන්න දින කීපය තුළ සහ මැතිවරණ දිනයේ ( 2008 මැයි 10) සිදුවෙන සිදුවීම් එම ප්‍රදේශයේ ජීවත් වන පුරවැසියන් විසින් කෙටි පණිවිඩ මාර්ගයෙන් විකල්ප විශේෂ මැතිවරණ වාර්තාකරණ අඩවියට එවනු ඇත.
ලැබෙන සෑම කෙටි පණිවිඩයකම අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය බව පරීක්ෂා කිරීම අපට කළ නොහැක්කක් බැවින් අපගේ කුඩා වෙබ් අඩවියේ පළ වෙන වාර්තා සම්බන්ධයෙන් පුරවැසියන්ම මැදිහත් වී තමන්ගේ පැහැදිලිකිරීම්, නවතම තත්ත්වයන්, සහ වෙනස් අදහස් සහ අර්ථකතනයන් නොපමාව අප වෙත එවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
අපගේ වාර්තා පිළිබඳ ඔබට RSS Alert එකක් ලබා ගත හැකි අතර Twitter හි නොමිලයේ ලියාපදිංචිවීමෙන් ලොව කොතනක සිටියත් මැතිවරණය පිළිබඳ අලුත්ම ප්‍රවෘත්ති ඔබගේ ජංගම දුරකතනයට ලබාගැනීමටත් පිළිවන්.
ඔබගේ මැතිවරණයට අදාළ වාර්තා සහ ප්‍රවෘත්ති කෙටි පණිවිඩ මගින් 0777312079 දුරකතන අංකය ඔස්සේ විකල්ප වෙත එවන්න.
Last 5 posts by Vikalpa_R
- මෙන්න තවත් ජන්ද ප්‍රතිඵල .... - May 16th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


