vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ගිරාඳුරුකෝට්ටේ මහවැලි නිළධාරීන් ඉඩම් කොල්ලයක

ශ්‍රී ලංකාවේ විශාලතම ගොවිජන ව්‍යාපාරය වන මහවැලි යෝජනා ක්‍රමය 1979 වසරේ දී දිවංගත ගාමිණි දිසානායක ඇමතිතුමා විසින් ආරම්භකර පසුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය බවට පත්කරනු ලැබුවා. මේ අදෝනාව මහවැලි සී කලාපයේ ගොවි ජනතාව පිළිබඳවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 13ක් එක්කොට ගිරාඳුරුකෝට්ටේ මහවැලි උපකළාපය සෑදී තිබේ. මෙහි ජනගහනය පනස් දහසකට ආසන්නවේ.මෙහි පදිංචිකරුවන් වන්නේ ගොවීන්ය.කොත්මලේ,වික්ටෝරියා හා ලොග්ගල් ඔය ජලාශ වලට සිය පාරම්පරික වටිනා ඉඩම් යටවුන ප්‍රදේශවල ජනතාවට මෙහි ඉඩම් ලබා දී ඇත. කොස්,පොල් වැනි විවිධ ශාකවර්ග සහිත ඉඩම් වෙනුවට අද ඔවුනට උරුම වී ඇත්තේ වී ඇටය පමණක් වගා කල හැකි ඉඩම් පමණි. ඒ වී ඇටයද අද කූටවෙළඳුන් විසින් තුට්ටු දෙකට ගසාකද්දී පරිපාලනයේ නියලී සිටින ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඒකක කළමනාකාරවරයාගේ සිට ඉඩම් නිළධාරී,කොට්ඨාශ කළමනාකරු හරහා නේවාසික ව්‍යාපාර කලමනාකරු හා ඉඩම් අධ්‍යක්ෂකවරයා දක්වා මහවැලි ගොවියා ගසකමින් ඔවුන් පීඩනයට පත්කොට ගොවීන්ගේ දුවා දරුවන්ට හිමිව තිබෙන මහවැලි ඉඩම් අක්කර දහස්ගනනක් කෝටිපති ව්‍යාපාරිකයන්ට දිගුකාලීනව බද්දට දී ඇත.එම ඉඩම් බද්දට ගත් ගම්පොල ගෝල්ඩන් මුදලාලි,කොළඹ සී.අයි.සී,ක්‍රිස්කෝ,ජෝන් කීල්ස්,කඩුවෙල සමූපකාරය වැනි කෝටිපති ව්‍යාපාරිකයන් එම ඉඩම් වල මහා පරිමානයේ ගොවිපලවල් ආරම්භකොට ඇත.ගොවීන්ගේ දුවාදරුවන්ට ඉඩම් නොමැතිව මහමග හිඟාමනයට පත්ව සිටිද්දී මහවැලි නිළධාරීන් දිනෙන් දින ගොවීන්ගේ ඉඩම්ද ටිකෙන් ටික උදුරා ගනිමින් ගසාකමින් සිටිති.
ගොවීන්ට නීත්‍යානුකූලව ලබාදුන් ඉඩම් බලපත්‍ර පවා ව්‍යාජ ඒවා බව කියමින් මහවැලි නිළධාරීන් ගොවීන්ට එම ඉඩම් අහිමිකරමින් සිටිති. සීමිත තේරීම් යටතේ ඉඩම් කච්චේරි මඟින් ගොවීන්ගේ දරුවන්ට ලබාදුන් ඉඩම් දැනටමත් ඔවුන්ට අහිමිකොට ඒවා ව්‍යාපාරිකයන්ට බදු දී හමාරය.එම ඉඩම්වල පදිංචිව සිටි ගොවි දරුවන්ගේ නිවාස ගිරාඳුරුකෝට්ටේ පොලීසිය යොදවා විනාශ කරන ලදි. මේ නිසා මහවැලි ගොවීන්ට හා ඔවුනගේ දරුවන්ට ශ්‍රී ලංකා රජයේ පිලිසරණක් නැත.මහවැලි නිළධාරින්ට ඔවුන්ගේ ඕනෑ එපා කම් ඉටුකර ගනිමින් මුදලාලිලා බවට පත්ව ඇත.
ගොවි ප්‍රශ්න විසඳීමට මහවැලි විෂය භාර ඇමතිවරයා මැදිහත් වන්නේ ලියුම් කැබැල්ලකින් පමණි.එසේ දෙනු ලබන ලියුම් කැබැල්ලට මහවැලි නිළධාරින් සොච්චමක වත් තැකීමක් කරන්නේ නැත.එය බත්කා අතපිසදමන කොලයක් බවට පත්වෙයි.රටේ විධායක ජනාධිපතිවරයා අත්සන් කොට ගොවීන්ට ලබාදී ඇති ඉඩම් ඔප්පුව පිළිනොගන්නා තරමටම මහාවැලි ගොවි ජනතාව පීඩනයට ලක්කොට ගොවීන්ගේ ඉඩම් මංකොල්ලයේ යෙදෙන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරින්ට පමානොකොට දඩුවම් ලබා නොදුනහොත් මහවැලි ඉඩම් වල බිම් අඟලකවත් අයිතියක් ගොවීන්ට නැති වීම වැලැක්විය නොහැක.ගොවීන් පත්වී ඇති මෙම ඛේදවාචකයට කන්දෙන්නට පාලකයන්ට සිත් පිත් පහල වේවායි පතමි.

වීගොඩ හේමපාල
ගිරාඳුරුකෝට්ටේ

Last 5 posts by Vikalpa_R

538 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment