පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් - බඩගින්නට දෙන වැටුප
සුනන්ද දේශප්‍රිය
ඉහළ යන ජීවන වියදම හමුවේ අප හැම මුහණ දෙන දූෂ්කරතා ගැන අලුතෙන් ලිවීමට අවශ්‍යතාවයක් නැත.
නමුත් ලීවීමට වටිනා දෙයක් තිබේ. එනම් ආණ්ඩුවේ නියමය අනුව වැඩකරන ජනයා ලැබිය යුතු වැටුප් මට්ටම යි. පසුගිය මැයි 27 දා දිනමිණ පුවත්පතෙහි ආණ්ඩුව විසින් පළ කළ දැන්වීමකට අනුව ක්ෂේත්‍රයන් ගණනාවක් සඳහා නියමිත අවම වැටුප් මෙසේ ය:
ජනමාධ්‍ය:
සේවා වර්ෂය විශේෂ ශ්‍රේණිය 1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය 3 ශ්‍රේණිය
1 වසර 12,550 10,300 9,650 9,125
15 වසර 15,700 14,500 13,150 11,925
කතුවරුන් අයත්වන්නේ විශේෂ ශ්‍රේණියට ය. වාර්තාකරුවන් අයත් වන්නේ 3වන ශ්‍රේණියට ය. මේ නීතිය අනුව වසර 15කට පසු ලැබිය යුතු අවම වැටුප දෙස බලන්න.
ආරක්ෂක සේවා කර්මාන්තයෙහි 26 වසරක සේවා කාලයකට පසු ලැබිය යුතු අවම වැටුප රු. 8250 කි. විස්කෝතු සහ රසකැවිලි කර්මාන්තයේ සේවකයිනට වසරකට පසු ලැබිය යුතු අවම වැටුප රු. 6000 සහ 7000 අතර ය. කිසිම කම්කරු සේවාවක මාසික වැටුප වසර පහකට පසුව වුවද 10,000 ඉක්මවන්නේ නැත. මේ ගැසට් නිවේදනයට අනුව දිනක මාසික කුළිය රු, 235 කි.
වැඩකරන ජනයා ගැන පෙනී සිටීම සිය දේශපාලන ළකුණ බවට පත් කර ගත් මහින්ද රාජපක්ෂ මහතා වැටුප් තල ගැන කුමක් කියනු ඇත් ද? අද පවත්නා ජීවන වියදම අනුව මෙවැනි අවම වැටුප් තල පවත්වා ගැනීම ජනයා නොමරා මැරීමට අවසර දීමක් නොවන්නේ ද?
Last 5 posts by Vikalpa_R
- වන්නියේ සරණාගතයන් දුටු අයෙකුගේ ඇසින්........ - September 5th, 2008
- மாகாணசபைத் தேர்தலிலும் மத்திய அரசின் நிகழ்ச்சி நிரலே… - September 5th, 2008
- රත්නායක විමලාවතී දෙමළ වූවාය - September 3rd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය - August 28th, 2008
- අපිට නිදහස දෙන්න - යාපනය විවෘත සිර කදවුර - August 22nd, 2008


