vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය

මෙම සිදුවීම සිදුවුනේ 25.07.2008
මාර්ග අංක 380 බස් රථය කිරිබත්ගොඩ සිට කඩුවෙල දක්වා ධාවනය වෙමින් තිබියදී තැඹිළිගස්මුල්ල ආසන්නයේදී හදිසීයේම යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක නවතනු ලැබීය. ‛‛බස් රථයේ ඉන්න හැමෝම බැහැල ඉස්සරහට යන්න’’ ඒ සැනෙකින් බස් රථයේ කොන්දොස්තරවරයාගේ හඬ දෝංකාර දුනි. පේළියට ඉදිරියට අයගේ ගමන් මළු හා ජාතික හැඳුනුම්පත්ද පරීක්ෂාවට ලක්කරන ලදි. මගේ වාරය එළඹිනි ‛‛ජාතික හැදුනුම් පත ගන්න’’ පොලිස් නිලධාරියා මාගේ හැඳුනුම්පත ඉල්ලා පරීක්’ෂාවට ලක්කළා. එහිදි මා දෙමළ ජාතිකයෙකු බව දැනගත් ඔහු මගෙන් ඇසු ප්‍රශ්ණ සහ මා දෙනු ලැබු උත්තර පහත දැක්වේ.

ඃ ඔයාගේ සේවා ස්ථානය කොහේද තියෙන්නෙ? කොල්ලුපිටියෙ

ඃ ආයතනයේ නම? විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

ඃ ඒක රජයේ එකක්ද? නැහැ

ඉන් පසු ඔහු මාගේ සේවා ස්ථානයේ හැදුනුම් පත ඉල්ලා සිටියා. එය හරවා බැලූ ඔහු ‛‛ආ මෙයා NGOකාරයෙක් ’’ ඇත්තද එහෙනම් මෙයත් කොටියෙක්ද දන්නේ නැහැ. එම ප්‍රශ්ණයෙන් මම දැඩි අපහසුවටත්, අසරණ බවටත් පත්වුණි. ඒ අතර තවත් පොලිස් නිළධාරියෙක් මා අසලට විත් ‛‛ අපි නොදන්න එන්.ජී.ඕ,මේ ගොල්ලො ඇති තරම් කොටින්ට උදවු කරන අය’’ යැයි පැවසූවේ හිනා මුසු මුහුණිනි. එවිට මගේ බිය ටිකක් පහව ගිය අතර ඔවුන් මට යන්නට අවසර දුනි.
එතෙක් මා සිතා සිටියේ එදින මට පොලිස් කූඩුවේ ලගින්නට වේ යැයි කියායි.

සුෙර්න් ජූලියන්

Last 5 posts by Vikalpa_R

240 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment