ආණ්ඩුවේ නැගෙනහිර පිළිවෙත
සුනන්ද දේශප‍්‍රිය
මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි වත්මන් ප‍්‍රධානීන් වන ආචාර්්‍ය ශී‍්‍රධරන් සහ ආචාර්්‍ය රාජන් හූල් ජීවත්වන්නේ සහමුලින්ම වාගේ රහසිගතව ය.
ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය පිළිබඳව වඩාම නිර්පාක්ෂික වාර්තා ඉදිරිපත් කරන එකතුවක් වන්නේ එය යි. එහි වාර්තා පුළුල් අන්තර්ජාතික පිළිගැනීමකින් යුතු ය.
2007 අගෝස්තු දාතමින් එය විසින් ප‍්‍රකාශයට පත්කර ඇති වාර්තාව නැගෙනහිර තත්ත්වය ගැන ඉදිරිපත් කරන මෙම අදහස් වැදගත් වන්නේ එනිසා ය. මෙරට සිංහල පුවත්පත් බොහෝ කොට පළකරන්නේ මෙම එකතුවෙහි වාර්තාවන්හි එන එල්ටීටීඊ විරෝධී කොටස් පමණකි. දෙමළ පුවත්පත් මෙම වාර්තාවන්ට කිසිදු ප‍්‍රචාරයක් දෙන්නේ නැත.
“ආණ්ඩුව නැගෙනහිර ජයග‍්‍රහණය ගැන ප‍්‍රීති උත්සව පවත්වන්නේ තීරණාත්මක යුද්ධමය සහ දේශපාලන අස්ථාවරත්වයන් සඟවා දමමිනි.
නිරන්තරයෙන් ගුවනින් හෙළන බෝම්බ නිසා සිවිල් වැසියන්ට වන හානි සහමුලින්ම වාගේ නොසළකා හැර තිබේ. අන්තර් ජාතික නීතිය කෙරෙහි වන නොසැළකිල්ල විසින් ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ෙසෙවරීයත්වය සහ නිත්‍යනුකුළ බව යටින් බිඳ හරියි.
සියල්ලටම වඩා නරක දෙය වන්නේ සුලූතර ප‍්‍රජාවන් දිනා ගැනීමට සහ ජාතිය ගොඩ නැගීමේ ව්‍යයාමයෙහි සමාන සහකරුවන් බවට පත්කිරීමට කවර හෝ උත්සාහයක් ආණ්ඩුව විසින් නොදැක්වීම යි.
එල්ටීටීඊ ය විසින් තමන් මුදාගන්නවා වෙනුවට විනාශ කරනු ඇතැයි යන්න දෙමළ ජනයා විසින් තේරුමි ගනිමින් සිටින අවස්ථාවක එල්ටීටීඊ ත‍්‍රස්තය සමඟ සටන් කිරීමේ නාමයෙන් දෙමළ ප‍්‍රජාව විනාශ කිරීම කරා වූ ආණ්ඩුවේ අන්තවාදී නැමියාව ඉතාම අනුචිත ය.
මෙයට පෙර අප වාර්තාකර ඇති පරිදි සහ මෙම වාර්තාවට අනුව දැන් සහමුලින්ම වාගේ ආරක්ෂ අමාත්‍යාංශයේ අධිකාරයක් බවට පත්ව ඇති ආණ්ඩුවේ නැගෙනහිර පිළිවෙත මෙසේ ය. පුදුමාකාර නමුත් එහිලා අත්දැකීම් ලබා ගනිමින් සිටින්නේ එල්ටීටීඊයෙනි.
1. විශේෂයෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධතාවය වෙනුවෙන් පෙනී සිටින දෙමළ අභිලාෂයන් ප‍්‍රකාශ කරන ප‍්‍රධාන පෙලේ දෙමළ නායකයින් නිහඩ කිරීම. ජෝශප් පරරාජසිංහම්, වී. විග්නේශවරන්, එන්. රවිරාජ්, නැගෙනහිර සරසවි උපකුලපති එස්. රවීන්ද්‍රනාත්, නැගෙනහිර ප්ලොට් නායක පාක්්‍යරාජා යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂ අමාත්‍යංශයේ සම්බන්ධය තදින්ම පෙනේ. ආරක්ෂ අමාත්‍යාංශයෙන් යැපෙන කරුණා කණ්ඩායම මේ බොහෝ ඝාතනයන්ට සම්බන්ධ ය. නැගෙනහිර ඊපීආර්එල්එප් නායක තුරෙයිරත්නම් මරා දැමිමට ද කරුණා සිය කාඩර්වරයින්ට නියෝග දී ඇතැයි අපට දැනගන්නට ලැබී තිබේ.
2. දෙමළ ප‍්‍රජාව දුර්වල වන පරිදි විශේෂයෙන්ම ත‍්‍රිකුණාමළයේ ප‍්‍රාදේශිය දෙමළ නායකයින් මරා දැමීම (වාර්තාවෙහි මේ පිළිබඳ උදාහරණ ඇතුලත් ය*
3. ත‍්‍රිකුණාමළ දිසාවෙහි සිංහලයිනට වාසි සැලසෙන පරිදි ප‍්‍රචණ්ඩත්වය යෙදවීම සහ (1983දී කළ පරිදි* ඉඩම් අත්කර ගැනීම මගින් දෙමළ ජනයා අද්දරටම තල්ලූ කිරීම
4. දරුණු හිමිකම් කෙළසීම් වාර්තාවීම නතර කිරීම පිණිස දෙමළ ජනමාධ්‍යවේදීන් ත‍්‍රස්තය මගින් නිහඩ කිරීම
දැන් යළිත් වතාවක් කරනු ලැබ ඇත්තේ ආරක්ෂාව ලබා දීම යනුවෙන් කර ඇත්තේ භූමිය අල්ලා ගෙන එය සිංහල මහජාතිවාදී අධිකාරය යටතට පත්කිරීමට කිරීම යි. එවැනි සිහින පරදවමින් නැගෙනහිර ජීවත්වන දෙමළ සහ මුස්ලිම් ජනයා තවතවත් අනාරක්ෂිත වනු ඇති අතර සිංහල ජනයා විනාශකාරී මතවාදී සටනක ගොදුරු බවට පත්වනු ඇත.
ජනාධිපතිවරයාගේ පිරිස සහ එල්ටීටීඊ ය අතර පූර්ව ජනාධිපතිවරණ ගනුදෙනුවක් පැවැති බවට ලැබෙන විශ්වසනීය සාක්ෂි මගින් ජනාධිපතිවරයාගේ තේරී පත්වීම සැකයට භාජනය කරයි.
ස්වකීය බලයේ සුජාතබාවය බරපතල සැකයන්ට භාජනය වූ කල පාසැල් පොත්හි සදහන් දෙමළ විරෝධි පුරාවෘත්තමය සටන් මෙහෙය වූ වීරවරිත ආරෝපනය කර ගැනීමට දේශපාලනඥයින් උත්සාහ දරන ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. 1982 ප‍්‍රචණ්ඩ ජනමතවිචාරණයෙන් පසුද අපි එය අත් දුටුවෙමු.
අද නැගෙනහිර සිවිල් පාලනය සහමුලින්ම විසිතුන් වසරක යුදධය පුරාම දහස ගණන් දෙමළ ජනයා මරා දමා වරදට දඩුවම් නොලැබීමේ නිරපේක්ෂ අයිතියක් භුක්ති විදින යුදහමුදාවන්හි යුදකරණයට යටත් කොට තිබේ. සිවිල් ජනයාට විශ්වසනීය බවත් ගෙන දෙන අර්ථවත් බලය බෙදීමක් සහිත දේශපාලන විසදුමක් වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන නැත. රජයේ අනුබල ලබන මිනීමරු කල්ලි, නායකත්ව ලක්ෂන සහිත දෙමළ අය මරා දමමින් නිදැල්ලේ හැසිරෙති.
මෙම අරාජිතක්වය පසුබිමෙහි නැගෙනහිර පුනරුත්ථාපනය කිරීමේ මහා වැඩ සටහන් ආණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. එවැනි පුනරුත්ථාපනයක් සිදුවනු ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රචාරයක් ලෙස ය. ජනයා ඒ බව දනී.
සිංහල මහජාතිවාදී ව්‍යාපෘතිය තුළ ත‍්‍රිකුණාමළ දිසාවෙහි දෙමළ ගම්මාන ජනශූන්‍ය කිරීම දීර්ඝ කාලීන අරම්ණක් ලෙස පැවත ඇත. එකක් පසු පස එකක් බැගින් තමන් ආරක්ෂාකාරීව විසූ පෙදෙස් එහි දෙමළ ජනයාට අහිමි වී ඇත. සාම්පූර් එවැනි එක් පෙදෙසකි.
ක්ෂනික අවශ්‍යතාවය වන්නේ අවතැන් වු පිරිස් පුනරුත්තාපනය කොට ආරක්ෂ හමුදාවන්හි සහයෝගයෙන් ක‍්‍රියාත්මක මිනීමරුවන් සහ පැහැරගන්නන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමයි.
මානූෂීය සහනාධාර කටයුතු විශමතාවයකින් තොරව සමානාත්මතාවයේ පදනම මත ගැටුම් සංවේදී ලෙස බෙදා හැරිම සහතික කෙරෙනු ඇත්තේ අනතර්ජාතික සංවිධානයන්ට බාධාවකින් තොරව එහිලා සහභාගි වීමට ඉඩ ලබා දීම මගින් පමණි.
නැගෙනහිර ශ‍්‍රී ලංකාවේ අද තත්ත්වය මැතිවරණයකට හෝ ප‍්‍රති සංවර්ධනයකට යෝග්‍ය නොවේ. නිරායුදකරණයක් ඇතිකොට රාජ්‍ය සහයොගයෙන් කැරෙන මානව හිමිකම් කෙළෙසීම් නැවැත්වීමට සහ ස්වාධින ආයතන ගොඩ නැගීමට ආණ්ඩුව පියවර නොගන්නා තාක් දුරට එවැනි මැතිවරණයකින් හෝ ප‍්‍රති සංවර්ධන කටයුතු වලින් හෝ ජනයාට වාසියක් නොසැළසෙනු ඇත.
ඇත්ත වහයෙන්ම නම් බහු වාර්ගික නැගෙනහිර පළාත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ සහජීවනයේ කලාපයක් බවට පත් කිරිමට අවස්ථාව ඇතත් සෑම පැත්තකින්ම පෙනෙන්නේ සන්නද්ධ කන්ඩායම් විසින් අවුලූවාලන වාර්ගික ධ‍්‍රෑවීකරණ ය යි. ප‍්‍රාදේශිය ජනයා සහ ඔවුන් සවිමත් කැරෙන එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික සහභාගිත්වයෙන් තොරව මෙම තත්ත්වය වෙනස් වීමට ඉඩක් නොමැත.
ආණ්ඩුවට ප‍්‍රදේශයේ ජනයාගේ විශේෂයෙන්ම සුලූතර හිත දිනා ගැනමට අත්තතටම අවශ්‍ය නම් මානවහිමිකම් කෙළෙසීම වළක්වනු ඇති යාන්ත‍්‍රණයක් අවශ්‍ය ය. අන්තර් ජාතික මානව හිමිකම් නිරීක්ෂකයින් විසින් පෙන්නුම් කරනු ඇත්තේ එවැනි කැපවීමකි.”
දළ අනුවාදයකි. සම්පූර්ණ වාර්තාව සඳහා බලන්න.
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008


