Toppigala Victory
තොප්පිගල ජය සැමරුම
තොප්පිගල ජයග්‍රහණය සැමරීම සදහා රජයේ පාසැල්වල උත්සව සංවිධානය කළ යුතුයැයි රජය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ ඒ පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තම තමන්ට පුළු පුළුවන් විදියට උත්සව සංවිධානය කළා.
මම මීගමුව ප්‍රදේශයේ පාසැලක ආපන ශාලාවක් පවත්වාගෙන යනවා. ඒ නිසා ඒ පාසලේ පැවැත්වූ තොප්පිගල ජය සැමරුම් උත්සවයට මමත් ඔලුව දැම්මා. ප්‍රධාන දේශනය බාරවි තිබුණේ පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මයෙකුට. එතුමා පැවැත්වූ දේශනය කිසිසේත්ම දරුවන් අසා සිටිය යුතු එකක් නෙමෙයි කියා මට සිතුණා. යුද බිමේදී සිංහල සොල්දාදුවන් වෙඩි වැදී ඇද වැටෙන හැටිත් එල් ටී ටී ඊ ය සිංහල සොල්දාදුවන්ට වද දෙන හැටිත් ඇසින් දුටුවා සේ විස්තර කරමින් ඔහු කතා කළා. ඔහුගේ අරමුණ වූයේ දරුවන් තුළ දෙමළ යයි කියන හැමදෙනා පිළිබදවම වෛරී හැගීමක් ඇති කරවීමයැයි මට සිතුණා. මගේ ඇග හිරි වැටුණා. අහිංස දරුවෝ ඔහේ අහගෙන හිටියා.
අධ්‍යාපනය ලැබීම කියන්නේ දරුවන් අධ්‍යාත්මිකව නිර්මාණශීලිත්වයෙන් පෝෂණය වීමයි. දයාව, කරුණාව පිරි හදවත් ඇත්තන් බවට පත්වීමයි.
වෛරය හා ක්‍රෝධය දරුවන් තුළ වගා කිරීම අතිශයින් භයංකර ප්‍රතිඵල අනාගතයේදී ඇති කරනු නැතිද?
මේ පාසලේ දරුවෝ උදේ හවා මේ ගීකිතාව ගයනවා.
කවුරුවුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මගේ සහෝදරයා ඔබ
ජාතිය පෙළපත මොනවා වුවත්
ඔබ මගේ සොහොයුරෙකි…….
දරුවන් මෙය ගයන්නේ අහිංසක සිත්වලින්.
ලොරේටා පීරිස්
මීගමුව
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


