අහෝ අපේ බස්….
මම 2007 ජූලි මාසයේ දිනෙක පිටිපන ජා ඇල මාර්ගයේ ගමන් කරන අංක 273 පෞද්ගලික බස්යක මීගමුව බලා එමින් සිටියෙමි. කොතලාවල පාලම පසු කරනවාත් සමගම බසයේ කොන්දොස්තර මහතා හිටිගමන් බසයෙන් එළියට පැන වේගයෙන් ඉදිරියට දුවන්නට පටන් ගත්තා. ඒ වෙන විට මම මගේ බස් ප්‍රවේශ පත්‍රය සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ.
එතනින් එහාට බසයේ රියදුරු කම මෙන්ම කොන්දාස්තර කමද කරන්නට සිදුවූයේ රියදුරු මහතාටයි. ඔහු ළඟ ඉතිරි මුදල් දෙන්නට මාරු කාසි තිබුණේ නැති නිසා මගීන් බොහෝදෙනෙකුට තමන්ගේ ඉතිරි මුදල් ලැබුණේ නැහැ. එම නිසා ගමන සඳහා වැඩි මුදලක් ගෙවා බසයෙන් බැස යාමට මගීන්ට සිදුවුණා. බසයේ ගමනාන්තය තෙක් පැමිණි මා බස් නවතුමේ වේලාව සටහන් කරන්නා හෙවත් ටයිම් කීපර් මහතාට මේ බව දැන්වූවා. ඔහු ගණනකට නොගෙන කීවේ මේ සිද්ධිය සාමාන්‍ය එකක් බවයි. කොන්දොස්තර එසේ පණ කඩාගෙන දුවගෙන ආවේ බස් නැවතුමට බව ඔහු කීවා. හැකි ඉක්මනින් බස් නැවතුමට පැමිණ තමන්ගේ බස් රථයට අයත් මාර්ග බලපත්‍රය ලකුණු කර නොගතහොත් ඊළඟ වාරය නැතිනම් ටර්න් එක පැය කීපයක් ප්‍රමාද වෙන බවත් එසේ වුවහොත් ඔහුගේ බස් රථයේ හිමිකරුගේ දවසේ ටාගට් එක සම්පූර්ණ කරගත නොහැකි වන බවත් ඔහු මට පැහැදිලි කර දුන්නා. බස්වල හැමදැම යන එන අය මේ කාරණය හොඳින් දන්නා බවත් ඒ නිසා එය එතරම් ගණන් ගත යුතු නැති බවත් සිනාසෙමින් කියමින් ඔහු එතනින් එහාට ගියා.
ඉතිරි මුදල් නොගෙන නිහඬවම බැස ගිය මගීන්ගේ ටාගට් එකට කුමක් වේද කියා සිතමින් මම ආපහු හැරුණා.
ලක්මා වීරසේකර
මීගමුව
ඵ
ඡ්දු ඟරීඟර්යගර්‍ණ“ ූලවීඣ0 ඤූ ය ච ඳ ද්‍ව ණී ර්ය - + ඕ
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


