අප්පිරියයි අප්පිරියයි….
කොහෙන් එළියට බැස්සත්, කොහාට යන්න හැරුණත් පාර දෙපැත්තේ තාප්ප වලයි, ගස් ගල් වලයි අලවලා තියෙන අප්පිරියා හිතෙන දේශපාලන පෝස්ටර් ඇහැ ගැහෙනවා. රට පුරාම අඩියෙන් අඩියට එක එක සෙයියාවෙන් මිහිඳු
වැඩ හිටලා ඉන්නවා. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමාට පක්ෂයේ භාණ්ඩාගාරික කමක් හම්බවෙලා කියලා දස අතේ තොරණ ගහලා තිබුණා. එයාට ඒ ගැන සුබ පතලා තව පෝස්ටර් වටයක් ගියා. මර්වින් සිල්වා කැළණියට පත් කළා කියලා පතාක පුවරු කැළණිය ප්‍රදේශය පුරාම හිටවලා තියෙනවා.
අලුතෙන්ම ඇස් රුදාව හදවන්නෙ දුමින්ද සිල්වා ගේ පෝස්ටර් මාලාව. අධි පෝෂණය සහිත පුෂ්ටිමත් දුමින්ද සිල්වා කන්න බොන්න නැතුව දිරාපත් වෙච්ච අසරණ මහලු අම්මා කෙනෙක් බදාගෙන ඉන්න පෝස්ටරේ යටින් ලියලා තියෙනවා රටක් වටින පුතෙක් කියලා..දුක් විඳලම හේබා ගිය තරුණයෙකුට එතුමා තට අත දෙනවා, තව පෝස්ටරේක තියෙනවා. මෙච්චර ජනතා හිතකාමී පාලකයොයි පාලකයො වෙන්න හිතාගෙන ඉන්න අයයි ඉන්න රටේ පොදු ජනතාවට ගිහින් තියෙන කල…
පසුගිය දවසක අහම්බෙන් රූපවාහිනිය දිහා බැලුව වෙලාවක දැක්කා අපේ රටේ අගමැති තුමා බොහෝම ආවේගයෙන් කතාවක් කරනවා. ඌ මූ ඒකා මේකා උගේ නැහැදිච්ච් කම, අනේ මං ඌට කියන්නෑ….වගේ දේවල් කිය කියා එතුමා කෑ ගහනවා. ටිකක් වෙලා ගියාම මට තේරුණා මේ කතා කරන්නේ එක්සත් ජාතීන්ගේ සහනාධාර සම්බන්ධිකාරක ජෝන් හෝල්ම්ස් ගැන බව. අපේ රටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ජාත්‍යන්තර නියෝජිතයෙකුට ප්‍රසිද්ධියේ කතා කරපු ැටි ඒ…..
අනේ කාලේ !!!! කියනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
කටුස්සා
කොළඹ විශ්ව විද්‍යාලය
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


