පෞද්ගලික බස් රථයේ පොඩි එකාට ඉඩ නැතේ
මේ පෞද්ගලික බස් රථ වල රියැදුරු කොන්දොස්තර උන්නැහේලගෙන් මඟීන්ට සිදු වන හිරිහැර කරදර ගැන මම කොච්චරවත් අහලා තිබුණා වුණාට මොකද මේවා හැබහින්ම අත් දකින්න හම්බවුණේ මම කුරුණෑගල නගරයේ පදිංචිය අත ඇරලා ටිකක් දුර පළාතකට ගියාට පස්සෙයි. පෞද්ගලික බස් රථයේ යන්න එන්න ගත්තට පස්සෙයි. කුරුණෑගලින් බස් රථයට ගොඩ වුණාම කොන්දොස්තර තැන ඉබ්බාගමුවෙන් මෙහා යන අය වාඩි වෙන්න එපා කියලා සැර පරුෂ විදියට කියලා තමයි මගීන් කරුණාවෙන් පිළි ගන්නේ. මොනවා කරලා හරි මටයි මගේ දරුවටයි වාඩිවෙන්න කියලා ආසනයක් හොයා ගත්තත් ඔන්න ඊලඟ කරදරයට මුහුණ දෙන්න ඕනේ. වාඩි වෙච්ච වෙලේ ඉඳලා කොන්දෙස්තර උන්නැහේ බෙරිහන් දෙනවා අවුරුදු 11 මගේ කොළුවව ඔඩොක්කුවට ගන්න කියලා. කීප දවසක් මම එහෙමත් කෙරුවා. ගෙදර ලඟින් බහින කොට කකුල් දෙක හිරි වැටිලා. එච්චර ලොකු කොළුවෙක් ඔඩොක්කුවේ තියාගෙන හැතැප්ම දහයක් දොලහක් ගිය හැකිද මං අහන්නේ.
ශාමලීන් ප්‍රනානදු
කුරුණෑගල
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


