vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Author Archive

ජනතාද්‍රෝහී අය-වැය සහ දේශද්‍රෝහී ජ.වි.පෙ

අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ උද්‍යෝගය තියුණු කිරිමට හේතු විය. අය-වැය දෙ වන හා තෙ වන වර කියවීමෙන් පසු ඡුන්ද විමසීම් ආණ්ඩුවේ ආයු කාලය තීරණය කිරීමට සමත් වීම එහි ඇති වැදගත්කම යි. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන තීරණාත්මක සාධක කිහිපයක් නිර්මාණය වී තිබීම අය-වැය ඡුන්ද විමසීම තුළ ජුගුප්සාජනක බවක් ද ඇති කර තිබුණි. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ නිතැතින් ම සුවිශේෂී විය.

ජනතා විමුක්ති පෙරමුණ රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවා ලෙස මන්ත‍්‍රී ධූර 37 කට හිමිකම් කීම පමණක් නොව, ජනතාව මත බර පැටවෙන අය - වැයක් ඉදිරියේ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නඟන්නේ කෙසේ ද යන්න පිළිබඳ උගතෝකෝටිකයක් නිර්මාණය වී …

දවල් වැටුණු වළ හඳුන්වා දීමටවත් කොළඹ දේශපාලන පීඨය සමත් වුවහොත් …

අපේ රට වැස්සෝ බොහෝ දෙනෙක්, බොහෝ කාලයක සිට ? වැටුණු වළේ දවල් වැටෙන්නෝ ය. එයට රිස්සෝ ය. නැතහොත් වැටි-වැටීත් වැටෙන්නටම කැමැත්තෝ ය. හයිය හත්තිය ඇති කළ එයට ලොබ බැන්දත්, පවුල්-පන්සල් වී කලක් ගත වන විට ද, යමක් තේරෙන විට හා දරිද්‍රතාව ඉහළ ගොස්, හොට බිම ඇණෙන කල ද, දත් මිටි කන හෝ සාප කරන හෝ පිරිසක් අප අතර නැත්තේ නො වේ. එ විට ඔවුන්ගෙන් ඇතැමෙක් පුරවැසියාගේ භූමිකාවට පිවිසේ. එ් වෙන විට පෙළහර ගොස් හමාර ය. මේ අපේ රටේ දේශපාලනයේ හැටි ය. එසේ සිතා නිහඬ විය නො හැකි නිසා දෝ පිරිසක් එක් වී සද්කාර්යයකට අත පොවා තිබේ.

උඩු ගං බලා පිහිනීමක් බඳු ඒ ව්‍යායාමය නම්, කොළඹ දේශපාලන පීඨය :ඣඛධඵඊධ ීක්‍්‍යධධඛ ධත්‍ ඡුධඛෂඔෂක්‍්ඛ* ඇරඹීම යි. එහි සමාරම්භක උත්සවය ඔක්තෝබර් 11 වන දා පස්වරු …

දැනුම හමස් පෙට්ටියට දමා වැද්දන්ගෙන් බණ නො අසන්නට නම් …

අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම මත හෝ යම් වදනක් වැරැුදියට වටහා ගැනීම හා භාවිත කිරීම ව්‍යසනකාරී ය. සමාජයක් එ් තැනට යොමු වීම වැළැක්වීම උදෙසා කටයුතු කිරීම, භාෂා උගතුන්ගේ වගකීම විය යුතු ය. එක් අතකින් එය සමාජ විද්‍යාත්මක පැති කඩක නිර්මිතයකි. මේ පිළිබඳ ව උගතුන් කොතෙකුත් අප අවට වෙසෙයි. මේ සම්බන්ධව පමණක් නොව විවිධ විෂයය ක්ෂේත‍්‍ර සඳහා ද උගතූන් බිහි කිරීම සඳහා විවිධ ආයතනික ව්‍යුහයන් ද කි‍්‍රයාත්මක ය.

විශේෂයෙන් අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය තූළින් සිදුවන්නේ ද එය යි. පාසල් අධ්‍යාපනයට යොමු වන අය අතරින් සියයට දෙකක් එ ලෙස උගතූන් ලෙස අභිෂේක ගැන්වීම උදෙසා ධනය මෙන්ම …

අතීතයත්, වර්තමානයත් අමතක කොට අනාගතයට ?

ජනිත් විපුලගුණ
2007 සැප්තැම්බර් 07

අන්තර් ජාතික වශයෙන් ලංකාවට ඇති වැදගත්කම, ශත වර්ෂ ගණනාවක සිට ප‍්‍රකට වූයේ සුන්දරත්වය, සංස්කෘතික වටිනාකම් හා කුළු බඩු ඇතුළු ආර්ථික බවභෝගයන් හි වටිනාකම් මත ය. මෑත ගෙවුණු දශක කිහිපය තුළ එය හාත්පසින් ම වෙනස් මඟකට යොමු විය. ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඇස මේ දශක කිහිපයේ යොමු වන්නේ දේශපාලනික කි‍්‍රයාකාරකම් රැුසක් සමඟ ය. විශේෂයෙන් ජාතීන් අතර ඇති වූ විරසකය මිලේච්ඡු ස්වභාවයෙන් යුක්තව ලොව හැඳිනගන්නා සමයකට ලංකාව පත් විය.

ශත වර්ෂ කිහිපයකට පෙර වූ යටත් විජිතවාදයේ හෝ අධිරාජ්‍යවාදයේ හෝ කුමන පරාසයක වුව දේශපාලනික අර්ථයක් නො තිබුණේ දැයි මෙහි දී කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි වුවත්, වත්මනෙහි අවධානයට පාත‍්‍ර වූ කරුණු හා සසඳන කල ලංකාවේ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රමුඛත්වයෙහිලා සළකා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගන්නා තැනකට අන්තර් ජාතික ඇස යොමු ව තිබීම නොසලකා හැරිය …

සංසිද්ධියක් චරිත ඝාතනයක් වන තරමට …

කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය ආරම්භවත් ම ජූලි මාසයේ ප‍්‍රකාශිත සංසිද්ධීන් රට තුළ ආන්දෝලනාත්මක කතිකා රැුසක් නිර්මාණය කොට තිබේ. ඒ අතරින් විශේෂ වන්නේ, දක්ෂ කථිකයෙකු නො වන බවට ඇතැමුන් විසින් සමාජගත කොට තිබූ රනිල් වික‍්‍රමසිංහයන් එම මතයට එරෙහි ව යමින්, ඇතැම් පාර්ශවයන් හි දේශපාලනික නිලයන්ට නිවැරදි ව එල්ල කරන ලද ප‍්‍රහාර කිහිපයකි. සුළු පිරිසකගේ නිර්දය විවේචනයන්ට බඳුන් වුවත් පක්ෂ, විපක්ෂ බොහෝ දෙනාගේ පැසසුමට ලක් වන සෘජු ප‍්‍රකාශ කිහිපයක් ඔහු විසින් පසුගිය දා කරනු ලැබුවේ ය. ඒවා අභීත යැයි ඉඳුරාම කිව හැකිය. තම දේශපාලනය හා පක්ෂයේ දේශපාලනය ද පරදුවට තබා 2002 වසරේ විමුක්ති කොටි …