vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Author Archive

මියන්මාරයේ නිදහස පතා ශ්‍රී ලංක‍ාවේ බුරුම භික්ෂූණ් වහන්සේලා පා ගමනක්…




ජනවාරි 04 වනදාට මියන්මාරයේ 60 වන නිදහස් දිනය යෙදී තිබේ. ඒ නමුත් මියන්මාරයේ ජනතාව නිදහස වෙනු‍වට අත්විදින්නේ හමුදා පාලනයේ ම්ලේච්ඡ කෲරත්වයයි.

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා බුරුම ජනතාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දියත් කළ සාමකාමී උස්ඝෝෂණය මිලිටරි පාලනය විසින් සාහසික ලෙස මර්දනය කරන ලදි. දස දහස් ගණනින් භික්ෂූණ් වහන්සේලා සිරභාරයට ගත් අතර වධ හිංසා පැමිණවීම් සහ මරා දැමීම් මගින් ජනතාව නිහඩ කිරීම හමුදා පාලකයන්ගේ අරමුණ විය. ඒ සිදුවිමෙන් මාස ගණනක් ඉකුත්ව ගොස් ඇති වුවත් තවමත් හමුදාව තමන්ට එරෙහිව විරෝධතා පෙළපාළිවලට සහභාගි වූ භික්ෂූණ් වහන්සේලා සහ ගිහි වැසියන් සොය සොයා ඔවුන්ට …

වතුකරයේ බැංකු අසල පෝරම පුරවන තැරැව්කාරයෝ

උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ.

හැදුනුම්පත් ලබාගැනීම, උප්පැන්න සහතික ලබාගැනීම, බැංකුවට බඩු උකස් කිරීම, බැංකුවේ මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, ඒ අදාළ ආකෘති පත්‍ර පිරවීම වැනි කටයුතුවලදී තැරැව්කරැවෝවිශාල මිල ගණන් අය කරති.

තේ වතු කම්කරුවන් වෙනුවෙන් වාණිජ බැංකු අසල ආකෘති පිරවීමට ඇතැම් පුද්ගලයෝ කාර්යාල පවා ආරම්භ කර තිබේ.

සිරිල් සෙනෙවිරත්න
බදුල්ල

பல்வேறு தொழிற்சங்கத்தினரும் பங்கேற்பு

உலக மீனவர் தினத்தையிட்டு தேசிய மீனவ ஒத்துழைப்புப் பேரவையும் உலக மீனவ மக்கள் சம்மேளனமும் ஏற்பாடு செய்திருந்த மாபெரும் எதிர்ப்புப் பேரணியும்‚ எதிர்ப்புக் கூட்டமும் 28-11-2007 அன்று நீர்கொழும்பில் நடைபெற்றது. இதில்‚ ஐயாயிரத்துக்கும் மேற்பட்டோர் கலந்துகொண்டனர்.

உலக மீனவ தின வைபவத்தை நடத்தி விவசாய‚ மீனவ‚ தொழிலாளர்‚ தோட்டத் தொழிலாளர்களின் போராட்டத்தைப் பலப்படுத்துவோம் எனும் தொனிப்பொருளின் கீழ் எதிர்ப்புப் பேரணியும் கூட்டமும் நடைபெற்றது.

வடக்கு தவிர்த்து நாட்டின் ஏனைய பிரதேசங்களைச் சேர்ந்த பல்வேறு அமைப்புகளும் இந்தப் பேரணியில் கலந்துகொண்டமை குறிப்பிடத்தக்கது.

ஊடக அடக்குமுறைக்கான இயக்கம் கலந்துகொண்டு ஊடக அடக்குமுறைக்கு எதிராக எதிர்ப்புக் கோஷம் எழுப்பியவாறு சென்றமை குறிப்பிடத்தக்கது. இதில் நாட்டின் அனைத்து பாகங்களிலும் இருந்து வந்த ஊடகவியலாளர்களும் பிரதேச ஊடகவியலாளர்களும் கலந்துகொண்டனர்.

எதிர்ப்புப் பேரணியிலும் கூட்டத்திலும் நீர்கொழும்பு ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் அமைப்பு (கடோல்கலே)‚ ஸ்ரீ லங்கர மீனவ பெண்கள் அமைப்பு (பிடிப்பனை)‚ நன்னீர் மீனவ கூட்டுறவுச் சங்கம் (அங்கமுவ)‚ பிரஜர சக்தி அபிவிருத்தி மன்றம் (கருவலகஸ்வேவ)‚ சூரியகாந்தி சங்கம் (திருகோணமலை)‚ தென் மாகாண மீனவர் சங்கம் (மாத்தறை)‚ லூர்மாதர மீனவர் சங்கம் …

මාධ්‍යකරුවන්ට භයානකම රටවල් අතුරින් ශ්‍රී ලංකාව 3 වන තැනට

_42485985_protest_afp250body1.jpg
The Press Emblem Campaign මගින් 2007 වසර තුළදී ලෝකයේ මාධ්‍යකරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන පිළිබදව කරන ලද සමීක්ෂණයකට අනුව මාධ්‍යකරුවන්ට සිය වෘත්තියේ නියැලීම සදහා අනාරක්ෂිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට පත්ව තිබේ. සමස්තයක් ලෙස ගත්විට පසුගිය වසරවලට සාපේක්ෂව 2007 වසර ලෝකය පුරාම මාධ්‍ය නිදහස දරුණු ලෙස උල්ලංඝණයට ලක්වූ සහ වැඩිම මාධ්‍යකරුවන් ප්‍රමාණයක් ඝාතනයට ලක් වූ වසර ලෙස වාර්තාගත වන බව එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. මේ වසර තුළදී ලෝකයේ විවිධ රටවල්වල මාධ්‍යකරුවන් 110 දෙනෙකු ඝාතනයට ලක් වී ඇත. 2006 සහ 2005 වසරවලදී ඝාතනය කෙරුණු මාධ්‍යවේදින්ගේ ගණන පිළිවෙලින් 96 සහ 68 ක් විය.

2007 වසර තුළදී රටවල් 27 ක මාධ්‍යකරුවන් ඝාතනයට ලක් වී ඇත. ඒ අතුරින් මාධ්‍යකරුවන්ට භයානකම රට ලෙස පිළිගැණෙන ඉරාකයේ මාධ්‍යකරුවන් …

නැගෙනහිර ජනතාවගේ ඉරණම

svtamils_wideweb__470x33801.jpg
මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව හැම රජයක්ම යොදාගත්තේ සිය බල තුලනය පවත්වාගෙන යන්නයි. මෙය මැතිවරණ දේශපාලනයේදීත්, යුද්ධ මෙහෙයුම්වලදීත්, සංවර්ධන කටයුතුවලදීත් දකින්න පුළුවන්.

දෙමළ, මුස්ලිම්, සිංහල, බර්ගර් ජන කොටස් වෙසෙන මේ ප්‍රදේශයේ ජන සංයුතිය පාලකයන් තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න කටයුතු කළේ අද ඊයෙක නොවේ. ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ජනපදකරණයේ සිට මෙය ක්‍රියාත්මක වෙනවා, මහවැළි සංවර්ධන යෝජනා ක්‍රමයේදි වුණේ මේක තවදුරටත් වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යාමක්.

නැගෙනහිර නවෝදය යටතේ අද සිදුවන්නේත් ඒ දේමයි. රජයේ හමුදා යුද මෙහෙයුම්වලින් අත්පත් කරගත් ප්‍රදේශ අද අධි ආරක්ෂිත …

කොහොමද බං බජිරි කන්නෙ,කිලෝ එකක් 110 යිනේ …….

2084bajiri_j1.jpg
ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය.

’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම හාල් කිලෝ එකක් රුපියල් හැටයිනේ..’’ යන්නයි. තරුණයා ලව් බර්ඩ් කුරුල්ලන් ඇති කරන්නෙකි. ඔහු කොළඹ ඩෝසන් වීදියෙන් බජිරි කිලෝ එකක් මිලට ගන්නේ රුපියල් 110 බැගින්ලු.

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ දැනගැනීම පිණිස සටහන් කරමි.

පී. ජේ.

සීසන් නිසා දරුවන් මහමග…..!

school-chidren.jpg
දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා යාමටය. පාසල් සිසුන් ගමන් කරන්නේ සීසන් වලිනි.

මේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා සීසන් වලින් යන මේ දරුවන්ව හපුතලෙන් බස්සවා වෙනත් බස් එකක එන ලෙස කියා, මග සිටින වෙනත් මගීන්ව නග්ගාගෙන පිටත්ව යති. ඊළඟ බස් රිය එනතුරු සීතලේ ගැහි ගැහී බලා සිටින්නට මේ අසරණ දරුවන්ට සිදුවෙයි. එසේ එන බස් රියේ සීසන් පෙන්නා යන්නටද බැරිය. මන්ද, කලින් බස් රියේ කොන්දොස්තර මහතා ඒ සීසන් කපා ඇති නිසාය.

මේ තතත්වය නිසා මේ දරුවන් හැමදාම පාසලට එන විට පාසල පටන් ගෙන හමාරය. …

මිනිසුන් අමාරුවේ නොදමා චෙක් කරන්න බැරිද?

දිවයිනේ කුමන මාර්ගයක ගමන් කළද කුමන හෝ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්වීම මෙරට වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙවැනි මුරපොළවල් කිහිපයක මගීන් හා භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පසුගිය සතියේදී අපගේ නිරීක්ෂණයට භාජනය විය. අප ගමන් කරමින් සිටියේ දිගු කලකින් ප්‍රතිසංස්කරණයට ලක් නොවූ මාර්ගයකයි. මොණරාගල සිට අම්පාර දක්වා දිවෙන ඒ මාර්ගයේ වඩිගාගල මුරපොළ අසල අපව නතර කෙරිණි. ඒ වන විට රාත්‍රී 10. 30 ට ආසන්නව තිබිණි. අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ක්ලෙමෝ බෝම්බයක් පුපුරා යෑම නිසා මෙම මුරපොළින් ඔබ්බට මාර්ගය වසා දමා තිබිණි.

මගී බස් රථ, වෑන්, ලොරි දිගු පෝලිමක් ලෙස පෙළ ගැසුණේ විනාඩි කිහිපයක් තුළයි. නොයෙකුත් රාජකාරි කටයුතු සඳහා ගමන් ගන්නා සියලු දෙනාම මුරපොළ අසල රැය පහන් කළහ.

වඩිගාගල ආසන්නව පිහිටි සියඹලාණ්ඩුව මුරපොළ පසු කරන කිසිවෙකුට මෙම පාර වසා දමා …

« Previous entries · Next entries »