Author Archive
May 6, 2008 at 1:41 pm · Categories: Colombo, සිංහල, Eastern Elections | by Vikalpa_R
නැගෙනහිර පළාත් සභා ඡන්දයට අදාළව සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳව නැගෙනහිර පළාතේ සිටින විකල්ප පුරවැසි මාධ්‍ය ජාලයේ සාමාජිකයින් විසින් එවන කෙටි ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා කුඩා වෙබ් අඩවියක් Twitter නැමැති චැනලයේ දැන් විවෘත කර ඇත. මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු දැනගැනීම සඳහා Eastern Election 2008 වෙබ් අඩවියට පිවිසෙන්න. මේ සියලු ප්‍රවෘත්ති සහ වාර්තාවන් විකල්ප වෙබ් අඩවියේත් පළ වෙනවා ඇත. (කරුණාකර මැද ඇති තීරුව බලන්න)
බිම් මට්ටමේ පුරවැසියන් විසින් එවන කෙටි පණිවිඩ (SMS) මැතිවරණ වාර්තාකරණයක් සඳහා ශ්‍රී ලංකවේ යොදා ගනු ලබන ප්‍රථම අවස්ථාව මෙයයි. මැතිවරණයට ආසන්න දින කීපය තුළ සහ මැතිවරණ දිනයේ ( 2008 මැයි 10) සිදුවෙන සිදුවීම් එම ප්‍රදේශයේ ජීවත් වන පුරවැසියන් විසින් කෙටි පණිවිඩ මාර්ගයෙන් විකල්ප විශේෂ මැතිවරණ වාර්තාකරණ අඩවියට එවනු ඇත.
ලැබෙන සෑම …
May 2, 2008 at 12:07 pm · Categories: Peace and reconciliation, සිංහල, Media, Ampara | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ මෙරට යුද්ධ වාර්තාකරණය දෙස විමසා බැලීම පිණිස ය.
අප්‍රෙල් 23දා මුහමාලෙයි හි සටනෙහි ගණන් හිලවු 24 දින ජනමාධ්‍ය වාර්තා කළ සැටි බලමු:

මෙරට වාර්තාකරණයේ කැපි පෙනෙන ලක්ෂණය නම් රජයේ සංඛ්‍යාලේඛන කෙරෙන් බැහැර නොවීමට ශ්‍රී ලංකාවේ සියලුම දිනපතා පුවත්පත් සහ රූපවාහිනී නාලිකා කටයුතු කළ අන්දමයි. ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන්ද පැවැතියේ මෙම තත්ත්වයම ය. ඉහත සටහන පෙන්වන්නේ මෙරට ජනමාධ්‍ය මුහමාලෙයි සටන අරභයා ඉදිරියෙන් යන බැටළුවා පසුපස අනෙක් සියළු බැටළුවන් ද යන පරිදි හැසිරුණ බව යි. මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් දත්ත මත හැකිතාක් දුරට …
April 27, 2008 at 11:19 pm · Categories: Colombo, සිංහල, Human Rights, Human Security | by Vikalpa_R
‛‛ අපි බලාපොරොත්තු වුනේ නැහැ පිලියන්දලට යුද්ධය එයි කියල. දැන් යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල. මගේ අහිංසක නංගි කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමේ එයාට මෙහෙම දෙයක් වෙයි කියල අපි කවදාවත් හිතුවෙ නැහැ. මීට කලින් මේ වගේ සිද්ධි උනාම අපිට ඒක දැනුනෙ නැහැ. නමුත් මට උනාමයි දැනුනේ ඒක කොච්චර අමාරුද කියල. කළින් අපි කලේ ගනන් මිනුම් කතා කරන එක විතරයි. අමාරුවෙන් ජීවත් වෙන අයට ජීවිත ආරක්ෂාවත් සලසගන්න වීම කොච්චර අමාරුවැඩක්ද? . මේක විසඳන්න ඕන. සාමාන්‍ය අය මේවගේ අමානුෂික විදිහට පාරවල් ගානේ මැරෙන්න නොදෙන්න වග බලා ගන්න ඕන. මේ යුද්දෙ ඉවර උනේ නැත්නම් අපිට සැනසිල්ලේ ජීවත් වෙන්නේ හම්බවෙන්නෙ නැහැ. නිරායුධ අහිංසක මිනිස්සුන්ගෙ ආරක්ෂාව සලසන්න ඕන. කෙනෙක්ට පාරට බහින්න බැරි තත්ත්වයට අද මේ දේවල් පත්වෙලා. බලන්න හරියට මායිම් ගම්මානෙකට ගැහැව්වා වගේ එක …
April 25, 2008 at 10:32 am · Categories: Colombo, සිංහල, Democracy | by Vikalpa_R
April 24, 2008 at 2:30 pm · Categories: Colombo, සිංහල, Democracy, Human Rights | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
මෙරට පුවත්පත් මානවහිමිකම් කෙලෙසීම් වාර්තා කිරිමට කොපමණ උනන්දු වන්නේ ද?
2008 පෙබරවාරි මාසයේ සිංහල පුවත පත් වාර්තා කළ එවැනි සිදුවීම් 45 කි. ඉංග්‍රිසි පුවත්පත් 61 කි. දෙමළ පුවත් පත් 276 කි
එහි බෙදී යාම මෙසේ ය:
පෙරවාරි මාසය - දිනපතා පුවත් පත්
ඩේලි මිරර් 48
දි අයිලන්ඩ් 12
ඩේලි නිව්ස් 11
ලංකාදීප 14
දිවයින 9
දිනමිණ 8
ලක්බිම12
සුඩර්ඔලි 73
වීරකේසරී 93
තිනකරන් 35
තිනක්කූරල් 75
මේ වෙනසට හේතුව අද මෙරට පැහැර ගැනෙන්නේ මරා දැමෙන්නේ දෙමළ ජනයා නිසා ද? ජනමාධ්‍ය වාර්තා කළ යුත්තේ එක් පාර්ශවයක ඛේදවාචකයන් පමණක් ද? එවැනි මාධ්‍ය හැසිරිමක් විසින් ජනයා බෙදයි ද? එක් කරයි ද?
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මෙරටෙ වාර්ගික …
April 24, 2008 at 2:17 pm · Categories: Colombo, සිංහල, Media | by Vikalpa_R
පුරවැසි මාධ්‍යකරුවෙකුගේ සටහන්..
සුනන්ද දේශප්‍රිය
ටී.එන්.එල් රූපවාහිනිය පොහොයක් නොවරදවා බණ විකාශනය කරන සංස්කෘතිය ගැන ද, බණ කියන රූපවාහිනී සේවාවකි. දැන් කළක සිට එහි ඇති විශේෂාංගයක් නම් එහි හිමිකරු වන ෂාන් වික්‍රමසිංහ සහ එහි ගුවන් විදුලි සේවාවේ අධ්‍යක්ෂ වන හඩ්සන් සමරසිංහ අතර කැරෙන උදෑසන සංවාදය යි. හිමිකරු විසින්ම වැඩ සටහන් මෙහෙයවන ශ්‍රී ලංකාවේ දෙවන නාලිකාව මෙයයි.
යහපත් ජනමාධ්‍ය ලක්ෂණයක් වන හිමිකාරත්වය සහ ජනමාධ්‍ය භාවිතය අතර තිබිය යුතු ස්වාධීනත්වය මෙවැනි වැඩ සටහන් මගින් සහමුලින්ම නැතිකර දමනු ලැබේ. සංස්කරණ නිදහස පිලිබඳ සංකල්පය ජනමාධ්‍ය නිදහසේ අත්‍යාවශය ලක්ෂණයකි.
තව ද ටී.එන්.එල් රූපවාහිනිය යනු මතවාදි වශයෙන් සිංහළ බෞද්ධ ජාතිකවාදය ද දේශපාලනමය වශයෙන් ෂාන් වික්‍රමසිංහගේ සහෝදරයා වන රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයට ද බර නාලිකාවකි.
…
April 23, 2008 at 2:19 pm · Categories: Colombo, සිංහල, Democracy, Human Rights | by Vikalpa_R
බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ‛‛ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයයන් කණ්ඩායම’’ එම වැඩකටයුතු වලින් ලබන 30 වැනිදා සිට ඉවත්වීමට තීරණය කළ බව ඊයේ (22) කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබුවා.
‛‛ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයාබැලීමට පත්කල ජනාධිපති කොමිෂන් සභාවේ වැඩකටයුතු විධිමත් කිරීම සඳහා අප විසින් රජයට නිර්දේශ රාශියක් ඉදිරිපත් කලා. එම යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වු නිසා අපගේ බලාපොරොත්තු සුන්වී තිබෙනවා. එසේම පැමිණිලිකරුවන් සහා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමත්, කොමිෂන් සභාවේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් තොරවීම හා කාර්‍යක්ෂමතාවයකින් තොරවීමත්, රාජ්‍ය ආයතන වල සහායෝගය නොමැතිවීමත් මෙම තීරණය සඳහා බලපෑබවත් …
·
Next entries »