vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Author Archive

මරණයේ තුවක්කුව නොදුටු ජීවිතයේ කැමරාව……

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව මේ වන විට අතිශය ප්‍රභල මට්ටමක පවතින බවට රජය නිරන්තරයෙන් පවසන අතර ජාතික ආදායමේ විශාල කොටසක් නිතිපතා ඒ වෙනුවෙන් වෙන් කෙරේ.ඔබ කොළඹ ප්‍රධාන වීදියක ගමන් ගන්නා විට දී, සමහර විට ඔබට මහ පාරෙන් ඉවත ඇති මුල්ලකට ගාල් කෙරේ. එපමණක් නොව ඔබ පාර දෙසට පිටුපා සිටිය යුතු බවටද අණ කෙරෙයි. ඔබ ඒ අතර වාරයේ හොර ඇහින් මහ පාර දෙස බැලුවොත් කළු වීදුරු සහිත වේගයෙන් පියාඹායන රථ හා හමුදා සාමාජිකයන් පුරවාගත් ජීප් රථ දැකිය හැකිය. එම හමුදා සාමාජිකයන්ගේ තුවක්කු බට එල්ල වී ඇත්තේ ඔබ දෙසටයි. ඔබට ඇතිවන නොසන්සුන්තාව නිසා අසල වැටි ඇති කෙසෙල් ලෙල්ලක් වැරදීමකින් හෝ පෑගී ශරීරයේ තුලනය පාලනය කර ගැනීමට නොහැකිව ඔබේ හිස යම් හෙයකින් පාර දෙසට නැමුන හොත් ඊළඟ මොහොතේ ඔබේ ඔලුව …

නැගෙනහිර ඡන්දය - එක එක අයට එක එක විදිහට සලකයි


නැගෙනහිර පලාත් සභා ඡන්දයට දින නියම කිරීමත් සමගම නැවතත් එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරව වෙසෙන ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එම ප්‍රදේශවල මුස්ලිම් කොංග්‍රසය හා ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් කොටස් අතර ගැටුම් වාර්ථාවන අතර විවිධ මැතිවරණ අසාධාරණයන් පිළිබඳව ද පැමිණිළි ලැබී ඇති බව කියවේ. ඉහත දැක්වෙනුයේ කල්මුණේ ප්‍රදේශයේ වැසියෙක් ඒ පිළිබඳව දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයකි.

ලාබයි…. උපකුලපතිවරු විකිණීමට තිබේ…

විනාශය රැගෙන කෙටි දුර දුවන
චණ්ඩ සැඩ සුළඟට අපි මඳ පවන වෙමු
රිඩ් මාවත පුරන බොල් දුවිල්ලට අපි මල් කිණිති වෙමු
අතු ඉති දොඩන හඩ පවනය
මල් කතා කරන හඩ සුවඳය . . . .

කොළඹ විශ්ව විද්‍යාලයට අපි ආදරයට කිව්වේ පුරවර සරසවිය කියලා. ඒ කාලේ මේ කවියට අපි ආදරේ වගේම රිඩ් මාවත දිගේ ඇවිදගෙන යද්දි ඇගේ වැදිච්ච හැම වැලි කැටයකටම අපි ආදරය කළා. හැමදාම රෑ 7- 8 වෙනකම් නව කලාගාරයේ පෙන්නපු චිත්‍රපටියක් බලලා හරි, එහෙමත් නැතිනම් faculty යේ ජෑම් ගහ වටේට බංකුවල ඉඳගෙන සින්දු කියමින් කාලය ගෙවපු මතකය තාමත් හිතට ඇති කරන්නේ පුදුමාකාර මිහිරි බවක්. අපි රීඩ් මාවතට පය ගහන්න කලින් තව ගොඩක් අය එහේ ඇවිත් ගිහිල්ලා තිබුණා. අපෙන් පස්සෙත් තවත් අය දැන් එහේ ඇවිල්ලා. නමුත් එදා …

බදුල්ල කුණු ප්‍රශ්නයට සරල විසඳුමක්

බදුල්ලේ සිට නෙත්
b-nayana-kunu-2-rz.jpg

‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’

මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි.

සරත්චන්ද්‍ර මහතාගේ වසර 33 ක සේවා කාලය තුළ දී විවිධ පර්යේෂණයන් මගින් ඔහු විසින් දේශයට දායාද කලදේ බොහෝයි.
කැඩී ගිය ටියුබ් බල්බ් උපයෝගී කොට ගනිමින් නිපදවු ක්‍ග ත්‍ග ඛ බල්බය හා අහක දමන කුනු පිලිස්සීමෙන් එක්වන තාප ශක්තිය මගින් ක්‍රියාකරන බහු ඉන්ධන දැලි නොබැදෙන උදුන ඒ අතර ප්‍රමුඛ තැනත් ගනී.

ඔහුගේ නවතම පර්යේෂණය මගින් කසල ප්‍රතිචක්‍රීයකරනය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වාදී ඇත. මෙම ක්‍රියාවලිය මගින් බදුල්ල නගරයේ කසල ගැටළුවට විකල්පයක් ලබාදීමට ඔහු බලාපොරොත්තු වෙයි.
බදුල්ල නගරයෙන් දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය …

ඉර හද යට අද අපි…..

එකම ඉර යට
එකම හඳ යට
එකම පොළවක ඉපදිලා
මහපොළව අපෙ අපෙ යැයි කියා
දෙකට බෙදිලා යුධකළා
උතුරුකරයේ තරුණයින්
මහවිරු සොහොන්වල සැතපිලා
දකුණුකරයේ තරුණයින්
දැයෙන් සමුගෙන සැතපිලා
යුද්දෙ මැද්දෙම ඉපදිචීච
කිරිසප්පයෝ
අද
තරුණයො වෙලා
ඉමක් නොපෙනෙන
නිමක් නොදකින
පිටරැටියන්ව පෝසත් කරන
අපේ උන්ව දුප්පත් කරන
අනුන්ගේ අවි අතදරා
අපේ උන්ගෙ දිවි තොරකරන
යුද්ධයක වල්මත් වෙලා?

හර්ෂණ බණ්ඩාර
2008/03/30


එළවළු වතුරේ ගොවීන් පාරේ




පසුගිය කාලයේ අස්වැන්න නෙලිමට පටන් ගැනිමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගනන් පහත වැටුනා. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකිවු අතර ඒවා සතුන්ට කෑමට දැමීමට පවා සිදුවුනා. විකල්ප මේ පිළිබඳව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අස්වැන්න රැගෙන පැමිණි ගොවීන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ එම විඩියෝ පටයි.

IIGEP - ඉවත් වීම හා ජනාධිපති කොමිසමේ ස්වාධීනත්වය


‛‛2006 වර්ෂයේ ජනවාරි මස දී ත්‍රිකුණාමලයේදී තරුණයන් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා 2006 අගොස්තු මස දී මූතූර් ප්‍රදේශයේදී AFC නැමැති ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු පසුගිය කාලය තුළ සිදුවු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරු නිස්සංක උඳුලාගම මහතාගේ මූලිකත්වයෙන් ‛‛බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම’’ පත්කරනු ලැබූ අතර එයට අමතරව ජනාධිපතිවරයා විසින්ම එහි කටයුතු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ස්වාධීන විද්වත් මංඩලයක්ද පිහිටුවනු ලැබුවා. නමුත් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු රජයේ විවිධ පාර්ශව විසින් මෙම ස්වාධීන විද්වත් මංඩලය විවිචනයට ලක්කල අතර ඔවුනගේ කටයුතු වලට සහායෝගය නොදක්වන තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.මේ අතර ප්‍රකාශයක් නිකුත් කල ජාත්‍යන්තර …

යුද්ධයේ දරුවෝ….

තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා….
හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන යනව. සිගරට් ඉල්ලන අයට සාක්කුවේ ඇති සිගරට් පැකට්ටුවෙන් සිගරට් දෙන ඔහු ඒ සැනෙන් කුස්සියට දිවගොස් බයිට් පිඟානක් රැගෙන යන්නේ බයිට් ඉල්ලන අයගේ කෑගැහීමටයි. ඔහු ගේ මුහුණෙන් මහන්සියක සේයාවක් නොපෙනෙයි.
තම්බි ඔන්ගඩ පේර එන්න?

‛‛මගේ නම ජනත්, මට වයස අවුරුදු 14යි. අපේ පවුලේ හතර දෙනයි මායි අම්මයි, අක්කයි, මල්ලීයි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. එයා යුද්ධයෙන් මැරේන කොට මං හුගක් පොඩියිලු. මට හම්බ වෙන එකෙන් තමයි මම අම්මව බලාගන්නේ. මං වැඩ කරේ නැත්නම් අම්මට කන්ඩ දෙන්න බැරිවෙනව. අම්මත් කුලී වැඩ කරනව ඔය ගොයම් කපන වගේ වැඩ. ඒත් …

« Previous entries · Next entries »