vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Author Archive

දෙහිවල රෙල් පාරේ බොම්බ පිපිරුම….!



අද (05.06.2008) උදේ 7.15 පමණ දෙහිවල ඉනීෂියම් පාර කෙළවර රේල් පාරේ සවිකර තිබූ බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය පුපුරුවනු ලැබුවේ කොලඹ කොටුව බලා ධාවනය වන මගී දුම්රියක් ඉලක්ක කරමිනුයි. මෙම සිද්ධයෙන් 16 දෙනෙකු තුවාල ලැබූ අතර දුම්රියට හා අසල නිවෙස් වලටද සුළු හානි සිදුවුවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ සිද්ධිය ඇසින් දුටුවෙකු සමඟ විකල්ප සිදුකල විඩියෝ සාකච්ඡාවකි

ගංවතුරක් - කළ හදියක්

වැස්සේය…. වැස්සේය… වැස්සේය.. දින හතරක් පුරා එක දිගට වැස්සේය.දිවා රෑ නැතිව වට නා කපන වැස්ස කැඳවාගෙන ආ මහ සුළඟ විසින් ගස්වල වූ අතුකඩා බිම දැමිමේය.සමහර අතු කඩා වැටුනේ විදුලි කම්බි මතටය.මුලින් මුලින් විදුලි බල මණ්ඩලයේ කාර්මිකයන් ඉක්මනින් පැමිණ ඒවා ප්‍රතිසංස්කරණය කළත් ඔවුන්ගේ හැකියාවත්, කැපවිමත් වැස්ස ඉදිරියේ පරාජය විය.පළාතම අඳුරේ ගිලින.තැනින් තැන රෑ දැල්වුනු කුප්පි ලාම්පු එළියෙන් බැල්ලපිටිය ගමේ වැසියන් රැය පහන් කළහ.
උදේ අවදිව බැලු කල කුකුලේ ගඟ ගෙවල් දොරකඩ සිට ඔච්චමට සිනා නගමින් සිටියේය.බැල්ලපිටියට ආසන්න නගර දෙකකි.එක්කෝ හොරණ නගරයයි නැතිනම් නැබොඩ නගරයයි මේ දෙකටම යාගත නොහැකිවන ලෙස බැල්ලපිටියේ වැසියන් ගංවතුරට කොටු වි සිටියහ.
ඔවුනට පිළිසරණක් ලැබෙතොත් මෙවැනි අවස්ථාවක එය ලැබෙන්නේ අගුරුවාතොට පොලීසියෙනි.ඒත් පොලීසිය ගංවතුරට යටවී ඇත. පොලිස් නිලධාරින්ට පවා කර කියාගත හැකි දෙයක් නැත.වේගයෙන් ගලා යන ජල පහර …

කිරිබත්ගොඩ නගරයේ මහා තොරන…

ජාතකය …. මර්වින් සිල්වා
මේ වෙසක් කාලයයි. කිරිබත්ගොඩ නගරය වෙනදාට වඩා අලංකාරයි.
වීදි දෙපසේ වෙසක් කුඩු, පාට පාට විදුලි බුබුලු, සෑම තැනකින්ම බැති ගී හඩ මෙන්ම වෙහෙස නිවන්න දන්සැල් ආදී පිං වැඩ. නගරය මැද වූ විශාල තොරනද එය නරඹන්න ආ ජනයා නිසාද කිරිබත්ගොඩ නගරය වෙසක් සිරියෙන් ඇළලී ගිහින්.

මේ අතර පසුගිය මැයි 21 වෙනිද කිරිබත්ගොඩ බස් නැවතුම අසලින් අපූරු ජාතක කතාවක් ශ්‍රවනය කිරීමේ හැකියාව එහි වු සියළු දෙනාට ලැබුනි. මේ ජාතක කථාවේ නම මර්වින් සිල්වා ජාතකයයි.එම ජාතක කථාවෙන් ඇසුන කවි පදයක් හා විස්තරයකි පහත දැක්වෙනුයේ

නමත් ඇති වැඩත් ඇති මර්වින් සිල්වා ඇමැති
කරන දෙයක් කරයි හිතලා මෙන්න නියම පුරපති

අපේ මර්වින් ඇමැතිතුමා නිසා මෙ කිරිබත්ගොඩ නගරය තවතව ලස්සන වෙනවා.සුරා සූදූවෙන් තොර නගරයක් හදන්න ඇමැතිතුමා වෙහෙසෙන …

පුරවැසි ජනමාධ්‍යකරුවකුගේ සටහන් - පිල්ලෙයාන්

සුනන්ද දේශප්‍රිය

රනිල් වික්‍රමසිංහට අනුව පිල්ලෙයාන් තවමත් ත්‍රස්තවාදියෙකි. පසුගිය බදාදා කොළඹ කොටුවේදී දස දෙනෙකුට පමණ මරුකැඳවමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට පිල්ලෙයාන් පක්ෂය සම්බන්ධ බවට. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ ඇඟවූයේ, මෙම ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ නිසා, ආණ්ඩුව එම පරීක්‍ෂණය යටපත් කිරීමට උත්සහා කරන බවයි.
රජයේ ආරක්‍ෂ අංශ යන නිර්නාමික මූලාශ්‍රය ඇතිව ප්‍රවෘත්ති වෙනුවට කතාන්තර ලියන ජනමාධ්‍යකරුවන්ට අනුව එම මරාගෙන මැරෙන බෝම්බකරුගේ ඉලක්කය මහ ඇමැති පිල්ලෙයාන් ය. එම පුවත සති අන්ත පුවත්පත් හි ශීර්ෂ පාඨ බවට පැමිණුනි.
ඉංග්‍රිසි පුවත්පත් හි පළවූ තවත් වාර්තාවකට අනුව මෙම බෝම්බකරු පිල්ලෙයාන් පාර්ශවයට රිංගාගත් එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවෙකි. බෝම්බය ඇටවූ යතුරුපැදිය කොළඹට ගෙන එන ලද්දේ ද පිල්ලෙයාන් පාර්ශවයේ සහාය ඇතිවය. පිල්ලෙයාන් පක්‍ෂය වන ටී.එම්.වී.පී. ය තුළ මෙයට පෙරද එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවන් ක්‍රියාත්මක වූ බවට පෙන්වා දෙන මෙම …

ගිරාඳුරුකෝට්ටේ මහවැලි නිළධාරීන් ඉඩම් කොල්ලයක

ශ්‍රී ලංකාවේ විශාලතම ගොවිජන ව්‍යාපාරය වන මහවැලි යෝජනා ක්‍රමය 1979 වසරේ දී දිවංගත ගාමිණි දිසානායක ඇමතිතුමා විසින් ආරම්භකර පසුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය බවට පත්කරනු ලැබුවා. මේ අදෝනාව මහවැලි සී කලාපයේ ගොවි ජනතාව පිළිබඳවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 13ක් එක්කොට ගිරාඳුරුකෝට්ටේ මහවැලි උපකළාපය සෑදී තිබේ. මෙහි ජනගහනය පනස් දහසකට ආසන්නවේ.මෙහි පදිංචිකරුවන් වන්නේ ගොවීන්ය.කොත්මලේ,වික්ටෝරියා හා ලොග්ගල් ඔය ජලාශ වලට සිය පාරම්පරික වටිනා ඉඩම් යටවුන ප්‍රදේශවල ජනතාවට මෙහි ඉඩම් ලබා දී ඇත. කොස්,පොල් වැනි විවිධ ශාකවර්ග සහිත ඉඩම් වෙනුවට අද ඔවුනට උරුම වී ඇත්තේ වී ඇටය පමණක් වගා කල හැකි ඉඩම් පමණි. ඒ වී ඇටයද අද කූටවෙළඳුන් විසින් තුට්ටු දෙකට ගසාකද්දී පරිපාලනයේ නියලී සිටින ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඒකක කළමනාකාරවරයාගේ සිට ඉඩම් නිළධාරී,කොට්ඨාශ කළමනාකරු හරහා නේවාසික ව්‍යාපාර …

මෙන්න තවත් ජන්ද ප්‍රතිඵල ….

සුනන්ද දේශප්‍රිය

1. අම්පාර දිසාවේ මුස්ලිම් ජාතිකයින් සඳහා ඉදි කැරෙන සුනාමි නිවාස නතර කරන සේ ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි. පොදු පෙරමුනේ බුලත් කොළය යටතේ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ හෙළ උරුමය නැගෙනහිර ජන්දය සඳහා තරඟ වැදුණේ එකට ය. මැතිවරණය අවසන්ව ගත වූයේ දෙදිනකි. හෙළ උරුමය තමන් සමඟ එකට තරඟ වැදුණු මුස්ලිම් පක්ෂයන්හි ව්‍යාපෘතියකට එරෙහිව උසාවි ගොස් තිබේ.

2. හෙළ උරුමය ඡන්දය සඳහා ටීඑම්වීපි ය සමඟ ද සංධාන ගතව සිටියේය. මැතිවරණයෙන් දෙදිනකට පසු හෙළ උරුමයේ ප්‍රධානී ඇමැති චම්පික රණවක පුවත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ නැගෙනහිර පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලතල දීමට තමන් විරුද්ධ බව යි. ටීඑම්වීපි ය ඡන්දයේ දි කියා සිටියේ තමන් සම්පූර්ණ බලතල සහිත පළාත් සභාවක් පිහිටුවන බව යි.

මැතිවරණ සමයේ හෙළ උරුමය …

නැගෙනහිර පළාත් ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය

නැගෙනහිර පළාත් සභා ඡන්දයට අදාළව සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳව නැගෙනහිර පළාතේ සිටින විකල්ප පුරවැසි මාධ්‍ය ජාලයේ සාමාජිකයින් විසින් එවන කෙටි ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා කුඩා වෙබ් අඩවියක් Twitter නැමැති චැනලයේ දැන් විවෘත කර ඇත. මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු දැනගැනීම සඳහා Eastern Election 2008 වෙබ් අඩවියට පිවිසෙන්න. මේ සියලු ප්‍රවෘත්ති සහ වාර්තාවන් විකල්ප වෙබ් අඩවියේත් පළ වෙනවා ඇත. (කරුණාකර මැද ඇති තීරුව බලන්න)

බිම් මට්ටමේ පුරවැසියන් විසින් එවන කෙටි පණිවිඩ (SMS) මැතිවරණ වාර්තාකරණයක් සඳහා ශ්‍රී ලංකවේ යොදා ගනු ලබන ප්‍රථම අවස්ථාව මෙයයි. මැතිවරණයට ආසන්න දින කීපය තුළ සහ මැතිවරණ දිනයේ ( 2008 මැයි 10) සිදුවෙන සිදුවීම් එම ප්‍රදේශයේ ජීවත් වන පුරවැසියන් විසින් කෙටි පණිවිඩ මාර්ගයෙන් විකල්ප විශේෂ මැතිවරණ වාර්තාකරණ අඩවියට එවනු ඇත.

ලැබෙන සෑම …

මුහමාලෙයි ජනමාධ්‍ය සටන

සුනන්ද දේශප්‍රිය

මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ මෙරට යුද්ධ වාර්තාකරණය දෙස විමසා බැලීම පිණිස ය.

අප්‍රෙල් 23දා මුහමාලෙයි හි සටනෙහි ගණන් හිලවු 24 දින ජනමාධ්‍ය වාර්තා කළ සැටි බලමු:

Monitoring Muhamalai

මෙරට වාර්තාකරණයේ කැපි පෙනෙන ලක්ෂණය නම් රජයේ සංඛ්‍යාලේඛන කෙරෙන් බැහැර නොවීමට ශ්‍රී ලංකාවේ සියලුම දිනපතා පුවත්පත් සහ රූපවාහිනී නාලිකා කටයුතු කළ අන්දමයි. ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන්ද පැවැතියේ මෙම තත්ත්වයම ය. ඉහත සටහන පෙන්වන්නේ මෙරට ජනමාධ්‍ය මුහමාලෙයි සටන අරභයා ඉදිරියෙන් යන බැටළුවා පසුපස අනෙක් සියළු බැටළුවන් ද යන පරිදි හැසිරුණ බව යි. මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් දත්ත මත හැකිතාක් දුරට …

« Previous entries · Next entries »