සිංහල ගැබිණි මාතාවන්ට පමණි…..
සම්පත් සමරකෝන්
sampathslk@gmail.com
දිනය 2008 මාර්තු 06වෙනිදා ය. වේලාව දහවල් 11.45 යි. මාතලේ කොළඹ බස් රථයේ එක් අසුනක් හැර අනෙක් අසුන් සියල්ලම මගීන්ගෙන් පිරී තිබුණි. මා වාඩි වූ අසුනට එක් අසුනක් පිටු පසින් වූ අසුනෙහි සිටියේ ප්‍රේමවන්තයින් යැයි විශ්වාස කල හැකි තරුණ යුවලකි. බස් රථය පිටත් වන්නට සුලු මොහොතකට කලින් එහි වූ පිරිමියා බසයෙන් බැස ගියහ.
බස් රථය සුපුරුදු ලෙස කොටුව පොලිස් මුරපොල අසල නතර කෙරුණේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පරීක්ෂා කිරීමටය. බසයට ගොඩවූ පොළිස් නිළධාරිණිය පළමුවෙන්ම ගියේ පෙර කී තරුණ යුවලේ වූ කාන්තාව ලඟටය.
කිසිදු කෙනෙක් පරීක්ෂා නොකර පළමුවෙන්ම ඇය ලගට ගිය නිසා මා වඩා සුපරික්ෂාවෙන් ඇය දෙස බැලීය. මට මතක් උනේ මගේ මිතුරියක් කිවූ කතාවක්. ‛‛අපේ පොට්ටුව දැන් මරණයේ සංකේතයක් වෙලා ඉවරයි..’’
බසයේ සිටි ඇයගේත් නළලේ පොට්ටුවක්. ඒ ඇය දමිළ නිසාය.
‛‛මේ බෑග් එක …



