යාපනයේ ජීවිත…

‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි.
‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු.
‛නම්බර්ස් දියල්ලා. මං කෝල් කරන්නම්’ අපේ දුරකථන අංක සිය ජංගම දුරකථනයේ සටහන් කර ගන්නා මිත්‍ර මේජර්වරයා නික්ම යයි. ඔහු යන්නේද යාපනය වෙත ය. ඔහුට අංක දුන් අපේ දුරකථන විසංධි කොට හමුදා බාරයට ගැනේ.
‛මුරුක්කණ්ඩි වලදි හම්බවෙයි’ ගුවන් හමුදා නිලධාරිනිය මඳහසින් යුතුව පවසයි.
පෙරවරු 7.30ට රත්මලානට ආ අප පලාලියට පැමිණෙන්නේ පස්වරු 2.00ට ය. පැයක ගුවන් ගමනක් නමුදු පැය 6.30ක රස්තියාදුවකි. ගුවනේ පැයකි. ඉතිරි කාලය ඉතිරි වැඩවලටය.
පලාලි හීදී ගුවනින් බට තැන ගැහැණු පිරිමි පෝලීම් දෙකකි. සේයා රූ සටහන් කර ගැනීටමත්, ආ තැන - යන තැන සටහන් කරගැනීමටත් ය. තරුණ ගුවන් හමුදා නිලධරයෝ දෙදෙනා …




