vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Author Archive

යාපනයේ ජීවිත…

 

jaffna-waiting.jpg
‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි.
‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු.
‛නම්බර්ස් දියල්ලා. මං කෝල් කරන්නම්’ අපේ දුරකථන අංක සිය ජංගම දුරකථනයේ සටහන් කර ගන්නා මිත්‍ර මේජර්වරයා නික්ම යයි. ඔහු යන්නේද යාපනය වෙත ය. ඔහුට අංක දුන් අපේ දුරකථන විසංධි කොට හමුදා බාරයට ගැනේ.
‛මුරුක්කණ්ඩි වලදි හම්බවෙයි’ ගුවන් හමුදා නිලධාරිනිය මඳහසින් යුතුව පවසයි.
පෙරවරු 7.30ට රත්මලානට ආ අප පලාලියට පැමිණෙන්නේ පස්වරු 2.00ට ය. පැයක ගුවන් ගමනක් නමුදු පැය 6.30ක රස්තියාදුවකි. ගුවනේ පැයකි. ඉතිරි කාලය ඉතිරි වැඩවලටය.
පලාලි හීදී ගුවනින් බට තැන ගැහැණු පිරිමි පෝලීම් දෙකකි. සේයා රූ සටහන් කර ගැනීටමත්, ආ තැන - යන තැන සටහන් කරගැනීමටත් ය. තරුණ ගුවන් හමුදා නිලධරයෝ දෙදෙනා …

පද්මසිරි - බෝට්ටුවෙන් ට්‍රයිසිකලයට ගොඩ වූ ධීවරයා

padmasiri-photo.jpg                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      
මංජුල වෙඩිවර්ධන
 
‛‛මොකෝ සූසයිඩ්ද?’’
ඉදිරියට ඇදී එන සුවිශේෂී මෝටර් ට්‍රයිසිකලයට මඟ අවුරමින් අත දමන නාඹර සොල්දාදුවා නො දැමුණු සෝපහසයෙන් හඬ නගයි.
සැබැවින් ම ඔහු පැද එන්නේ සුවිශේෂී ට්‍රයිසිකලයකි. ඒ ඔහු විශේෂිතයකු වන බැවිනි. ප්‍රශ්නය නගන්නා - තරුණ සොල්දාදුවා - ඒ විශේෂිතභාවයේ පුරාවෘත්තය නොදනී. ප්‍රශ්නයේ නොදැනුමුණුභාවයත්, සෝපහාසයත්, නොගැඹුරත් එබැවිනි.
තිරිංග තද වේ. ට්‍රයිසිකලය මුරපොළ අබියස ඉද්ද ගසයි. ඈත මාවත වෙතත්, ඉදිරියට ඇදි එන වාහන දෙසත් රැඳුණු ඔහුගේ තියුණු දෑස් වේදනාවෙන් බර වෙයි.
‛‛මල්ලි.. සූසයිඩ් වෙනව නම් එහෙම වෙන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට ඉස්සර’’ වේදනාව වචන බවට පෙරළෙමින් තිබේ.
‛‛ඇයි ඒ. ඇයි එහෙම කියන්නෙ?’’ තරුණ සොල්දාදුවා ට්‍රයිසිකලයේ පිටුපසට ඈඳූ පෙට්ටියේ අතුරා ඇති මාළු වර්ග දෑසින් කිරා මැන බලමින් අසයි.
හේතුව: පුරාවෘත්තය - වික්ෂිප්ත සංක්ෂිප්තයක් බවට පෙරැළේ. අවසන, දැමුණ සොල්දාදුවා හික්මුණු හඬින් මෙලෙස විමසයි.
‛‛අයියා, නේවි එකත් එක්ක …

යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය

මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ

‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද ඇතුළත්ව මාධ්‍ය සේවකයන් 7 දෙනෙකු අවම වශයෙන් ඝාතනය වී තිබේ. එක් මාධ්‍යවේදියෙකු අතුරුදහන් වී ඇති අතර අවම වශයෙන් පුවත්පත් අලෙවි කරන ස්ථාන 3ක් ප‍්‍රහාරයට ලක්ව තිබේ. මාධ්‍යවේදීන් සැළකිය යුතු ගණනක් ප‍්‍රදේශය හැර ගොස් හෝ තම වෘත්තීය හැර ගොස් හෝ තිබේ. රජය පොරොන්දු වී තිබියදී සහ සැකකරුවන් නම් කර තිබියදීත් ෙමි කිසිදු සිදුවීමක් පිළිබඳව බලවත් පරීක්‍ෂණයක් සිදුවී නොමැත.’’

ශී‍්‍ර ලංකාෙවි මාධ්‍ය නිදහස පිළිබඳ සොයාබැලීමට පැමිණි ජාත්‍යන්තර ¥ත මණ්ඩලයේ කොටස් කරුවන් වූ දේශසීමා නැති මාධ්‍යෙවිදියෝ (ඍීත්‍* සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව (ෂඵී* නියෝජිතයෝ ඒකාබද්ධව නිකුත් කළ නිරීක්ෂණ වාර්තාවේ එසේ …

ප්‍රේමචන්ද්‍රන් : පා අටකින් නැගී සිටි මිනිසෙක්

මංජුල වෙඩිවර්ධන

‛‛දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’
වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලුමයිලුම් ප්‍රේචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන ම ය.
‛‛යං ඇතුළට’’
ඔහු අප සිය නිවහන වෙත කැඳවයි.
එකට යා කළ කුඩා තාවකාලික නවාතැන් පේළි කිහිපයකින් සමන්විත එය සුනාමියෙන් අවතැන් වූවන් වෙනුවෙන් ඉදිවූවකි. ත්‍රි’මලේ ‛‛සල්ලි’’හි පිහිටි එහි පදිංචිව සිටින පවුල් ගණන 27කි. ඉන් පළමු කුඩා නිවස ප්‍රේමචන්දන්ගේ වාසභවන යි.
ප්‍රේමචන්ද්‍රන් ලෑලි බිත්තියට සයිකලය බර කරයි. එසැණ ඔහු වට කර ගන්නා දූවරු තිදෙනෙකි. වැඩිමහලී - දයානා - දස හැවිරිදි ය. මද්දුමී - දිලුක්ෂියා - අක්කාට දෙවසරකින් බාල ය. බඩපිස්සී මධුෂායිනී - මද්දුමීට දෙවසරකින් බාල ය. සැබැවින් ම එය තාවකාලික නවාතැන් පළක් නොව සොම්නසින් පිරී ගිය කැදැල්ලකි.
ප්‍රේමචන්ද්‍රන්ගේ ‛අප්පා’ ධීවරයෙකි. …