vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Ampara

මුහමාලෙයි ජනමාධ්‍ය සටන

සුනන්ද දේශප්‍රිය

මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ මෙරට යුද්ධ වාර්තාකරණය දෙස විමසා බැලීම පිණිස ය.

අප්‍රෙල් 23දා මුහමාලෙයි හි සටනෙහි ගණන් හිලවු 24 දින ජනමාධ්‍ය වාර්තා කළ සැටි බලමු:

Monitoring Muhamalai

මෙරට වාර්තාකරණයේ කැපි පෙනෙන ලක්ෂණය නම් රජයේ සංඛ්‍යාලේඛන කෙරෙන් බැහැර නොවීමට ශ්‍රී ලංකාවේ සියලුම දිනපතා පුවත්පත් සහ රූපවාහිනී නාලිකා කටයුතු කළ අන්දමයි. ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන්ද පැවැතියේ මෙම තත්ත්වයම ය. ඉහත සටහන පෙන්වන්නේ මෙරට ජනමාධ්‍ය මුහමාලෙයි සටන අරභයා ඉදිරියෙන් යන බැටළුවා පසුපස අනෙක් සියළු බැටළුවන් ද යන පරිදි හැසිරුණ බව යි. මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් දත්ත මත හැකිතාක් දුරට …

නැගෙනහිර ඡන්දය - එක එක අයට එක එක විදිහට සලකයි


නැගෙනහිර පලාත් සභා ඡන්දයට දින නියම කිරීමත් සමගම නැවතත් එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරව වෙසෙන ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එම ප්‍රදේශවල මුස්ලිම් කොංග්‍රසය හා ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් කොටස් අතර ගැටුම් වාර්ථාවන අතර විවිධ මැතිවරණ අසාධාරණයන් පිළිබඳව ද පැමිණිළි ලැබී ඇති බව කියවේ. ඉහත දැක්වෙනුයේ කල්මුණේ ප්‍රදේශයේ වැසියෙක් ඒ පිළිබඳව දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයකි.