Archive for Anuradhapura
April 21, 2008 at 10:04 am · Categories: සිංහල, Anuradhapura, Governance, Education | by Vikalpa_R
විනාශය රැගෙන කෙටි දුර දුවන
චණ්ඩ සැඩ සුළඟට අපි මඳ පවන වෙමු
රිඩ් මාවත පුරන බොල් දුවිල්ලට අපි මල් කිණිති වෙමු
අතු ඉති දොඩන හඩ පවනය
මල් කතා කරන හඩ සුවඳය . . . .
කොළඹ විශ්ව විද්‍යාලයට අපි ආදරයට කිව්වේ පුරවර සරසවිය කියලා. ඒ කාලේ මේ කවියට අපි ආදරේ වගේම රිඩ් මාවත දිගේ ඇවිදගෙන යද්දි ඇගේ වැදිච්ච හැම වැලි කැටයකටම අපි ආදරය කළා. හැමදාම රෑ 7- 8 වෙනකම් නව කලාගාරයේ පෙන්නපු චිත්‍රපටියක් බලලා හරි, එහෙමත් නැතිනම් faculty යේ ජෑම් ගහ වටේට බංකුවල ඉඳගෙන සින්දු කියමින් කාලය ගෙවපු මතකය තාමත් හිතට ඇති කරන්නේ පුදුමාකාර මිහිරි බවක්. අපි රීඩ් මාවතට පය ගහන්න කලින් තව ගොඩක් අය එහේ ඇවිත් ගිහිල්ලා තිබුණා. අපෙන් පස්සෙත් තවත් අය දැන් එහේ ඇවිල්ලා. නමුත් එදා …
December 8, 2007 at 7:06 pm · Categories: Peace and reconciliation, සිංහල, Anuradhapura, Life quips | by Vikalpa_R
‛‛ඔබ ප්‍රවෘත්තියක් බවට පත් වීමෙන් වලකින්න’’
මේ ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට පොදුවේ ලැබෙන උපදෙසකි.
එහෙත් මෙරට ජනමාධ්‍ය ඉතිහාසයේ තවත් ඛේදවාචකයක් සනිටුහන් කරමින් කැබිතිගොල්ලෑව දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදියා තවදුරටත් ප්‍රවෘත්ති වාර්ථා කරන්නෙකු නොව ඛේදජනක ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත.
‛‛…..මිය ගිය පිරිස අතර කැබිතිගොල්ලෑව දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදී ඩබ්. ගුණසිංහ මහතාද වෙයි. පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ මහතා වෘත්තියෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු වන අතර ඊයේ (5 දා) අනුරාධපුරයේ පැවති රාජකාරී රැස්වීමකට සහභාගී වී මෙම බස් රියෙන් ආපසු නිවෙස බලා යමින් සිටියදී ඔහු මෙම ප්‍රහාරයට ලක්වී මියගොස් ඇත…’’
2007 දෙසැම්බර් මස 6 වනදා දිවයින පුවත්පත එම ඛේදවාචකය වාර්ථා කර තිබුනේ එසේය.
අනුරාධපුර සිට ජනකපුර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකට දෙසැම්බර් මස 05 වනදා රාත්‍රී 8.30 ට පමණ
කැබිතිගොල්ලෑව අභිමානපුරදී එල්ලවූ අධිබලැති …
October 23, 2007 at 2:40 pm · Categories: සිංහල, Anuradhapura, Human Rights | by Vikalpa_N
රසිකා ප්‍රියදර්ශනී වන මම 2007 අගෝස්තු මාසයේදී වකුගඩු රෝගීන් ගැන තොරතුරු ලබා ගන්න අනුරාධපුර රෝහලට ගියා. උතුරුමැද පළාතේ දැනට වකුගඩු රෝගීන් 30000ට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු මට ලැබී තිබුණා. ඒ ගැන ත්, මේ තත්ත්වයට පිළියම් ලෙස කළ හැක්කේ මොනවාද කියාත් ප්‍රදේශයේ මිනිසුන් දැනුවත් කළ යුතුයි සිතූ නිසා නිවැරදි නිල විස්තර දැනගැනීමට සිතාගෙන මම වකුගඩු ඒකකය බාර නිලධාරියා හමුවීමට ගියා. නමුත් ඔහු එකපාරටම කඩා පැන තොරතුරු ලබා දෙන්න බැරි බව කීවා. ඔයා කවුද? මොකටද ඔයාට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ? ඔයා මොන සංවිධානයෙන්ද? යනාදී වශයෙන් ප්‍රශ්න රාශියක් මගෙන් එකදිගට අහගෙන ගියා. ඒ තොරතුරු අවශ්‍ය නම් සෙඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය අරන් එන ලෙස මට දැන්වුවා. එහෙම නැතිව තොරතුරු කිසිවක් දෙන්න බැහැයි කිවිවා. ඊළග සිකුරාදා මේ සම්බන්ධව විෙශ්ෂඥ වෛද්‍යවරයෙක් රෝහලට ඒමට නියමිත බව මා …
August 3, 2007 at 4:55 pm · Categories: Peace and reconciliation, Colombo, English, Anuradhapura, Galle, Hambantota, Kalutara, Kandy, Kegalle, Kurunegala, Matale, Matara, Moneragala, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Gampaha, Ratnapura, Badulla, Governance, Democracy, Stories from the silent, Media, Newsletter | by Vikalpa Admin

We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on conflict transformation, democracy, good governance and peace in Sri Lanka, this website aims to showcase voices rarely featured in mainstream media in the vernacular.
Vikalpa demonstrates the commitment of the Centre for Policy Alternatives (CPA), Colombo, Sri Lanka to critique and strengthen governance and democracy through citizen journalism and new media. It also complements Groundviews, Sri Lanka’s first citizen journalism site and now a recognised standard for alternative perspectives, news, analysis and information on Sri Lanka.
Please download our flyer here.
For further details, …
August 2, 2007 at 12:32 pm · Categories: Peace and reconciliation, සිංහල, Anuradhapura | by Vikalpa_N
අවිචාරවත්
මැදවච්චිය මුරපොල
දිනය 2006 දෙසැම්බර් 08 වෙනිදා. වෙලාව හවස 3.30ට විතර ඇති. මැදවච්චිය මුරපොළේ වෙනදා මෙන් සෙනගක් අද දකින්නට නැත. මා ඉදිරිපසින් මිනිස්සු 10ක් 12ක් පමණ ඉදිරියට ඇදෙති.
'’අත්දෙක උස්සන්න….”
එතැන හිටපු ග්‍රාමාරක්ෂක නිළධාරියෙක් මා පිරික්සිමට ලක්කරයි.
‘’සාක්කුවෙ මොකක්ද?'’
‘’ඉන්න පෙන්නන්නං'’ මම සාක්කුවෙන් ඇද මගේ කුඩා කැමරාව ඔහුට පෙන්වූයෙමි. ඔහු එය එතරම් හොඳින් පරීක්ෂා කරනවා පෙනෙන්නට නොතිබිණි.
‘’මෙන්න කැමරාව..'’ බිම නොවැටී කැමරාව යළි මා අතට පත්වූයේ අහම්බෙනි.
මා ඇතුළු එතැන සිටි සියලු දෙනා පෝලිමට ඉදිරියට ඇදුණහ. ‘’ජාතික හැඳුනුම්පත දෙන්න…'’ එතැන සිටි එක් පොලිස් නිළධාරියෙක් මට කිය. මා පසුම්බිය ඇද මාගේ වලංගු …
July 31, 2007 at 10:31 am · Categories: සිංහල, Anuradhapura, Democracy | by Vikalpa_N
දඹුලු ගලත් දුටුවා
දිනය 2007 ජුලි 23 වැනිදාය. වේලාව පෙරවරු 10.00ට පමණය. අපි දඹුල්ල නගරයේ උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාවතේ වාහනයකින් ගමන් කරමින් සිටියෙමු. අප ගමන් කළ වාහනය ඉදිරියෙන් තවත් වෑන් රථයක් (අංක EP GY 7585) …