vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Colombo

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද ෙද්ශප්‍රිය

මල්වතු නාහිමි වාරණය කිරීම
මල්වතු නාහිමි හමුවී ජනමාධ්‍ය මර්ධනය පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන පහ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සාකච්ජා කලේ පසු ගිය සඳුදා ය. එම සාකච්ජාව පිලිබඳ පුවත ආණ්ඩුවේ දිනමිණ පුවත් පත පළ කලේ මල්වතු නාහිමි වාරණය කරමිනි.

ජනමාධ්‍යවේදින්ට එල්ලවන තර්ජන ගර්ජන නිසා සිදුවිය හැකි විපත් ගැන එහිමියන් වදාළ කරුනු ආණ්ඩුවේ දිනමිණ සහමුලින්ම වාගේ කපා දමා තිබුණි. එම වාර්තාව ලියා තිබුනේ ජනමාධ්‍යවේදින්ට එල්ලවන පහරදීම් මල්වතු නාහිමි වක්‍ර ලෙස සාධාරණ කරන්නේ යැයි පෙනි යන පරිදි ය.

මෙම වාර්තාව පළ කළ අනෙක් පුවත්පත් දෙකම සාධාරණ ලෙස එහිමියන් වදාළ කරුණු වාර්තා කර තිබුනි. රජය විසින් පාලනය කරන ජනමාධ්‍ය සගූණත්වය අතින් ආදර්ශමත් ලෙස පවත්වා ගෙන යන බවට මහින්ද චින්තනය පොරොන්දුවක් දුන්නේ මෙළෙස නාහිමිවරුන් පවා වාරණය කිරිමට ද? …

தீர்வுக்கு தேவை விட்டுக்கொடுப்புகளே!

கடந்த வாரம் இந்தியாவுக்கான தனிப்பட்ட விஜயம் ஒன்றை மேற்கொண்ட ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ‚ திருப்பதி கோயிலில் வளிபாட்டில் ஈடுபட்ட பின்னர் ஊடகவியலாள் உடனான சந்திப்பில் கருத்து தெரிவிக்கையில் தான் விடுதலைப் புலிகளுடன் இன்று கூட பேசுவதற்கு தயார் ஆனால் பயங்கரவாதிகள் முதலில் ஆயுதங்களை கீழே வைக்க வேண்டும்‚ ஏனெனில் எப்போதேல்லாம் அவர்கள் பலயீனமாக இருக்கிறார்கலேர அப்போதெல்லாம் அவர்கள் பேச்சுக்கு தயாராக இருக்கிறார்கள் எனறு தெரிவித்திருந்தார்.

தொடர்ந்து கருத்து தெரிவிக்கையில்‚ நாம் அணைவரும் இலங்கையர்கள். நாம் அணைவரும் சகோதரர்கள். வடக்கு‚ கிழக்கு அல்லது தெற்கு எங்கிருந்தாலும் நிச்சயமாக‚ நமக்கிடையில் பேச்சுவார்தைகளை மேற்கொள்வதன் மூலம் நாம் தீர்வு காணலாம் என்று தெரிவித்திருந்தார்.

கடந்த வாரத்திற்கு முதல் வாரம்‚ ஸ்ரீ லங்கர சுதந்திர கட்சியின் பொதுச் செயலாளரும் விவசாய அபிவிருத்தி மற்றும் விவசாய சேவைகள் அமைச்சர் மைத்ரியால சிறிசேன‚ செய்தியாளர் மாகாநாடு ஒன்றில் கலந்து கொண்டு கருத்து தெரிவிக்கையில்‚ அரசாங்கம் தேசிய பிரச்சினை திர்வுக்கும் சமாதான பேச்சுவார்த்தைக்கும் எப்போதும் தயாராகவே உள்ளது. ஆனால் விடுதலைப் புலிகள் ஆயுதங்களை கீழே வைத்து சரணடைய வேண்டும். ஓற்றையாட்சியை ஏற்றுக்கொள்ள வேண்டும். இல்லாவிட்டால் பேச்சுவார்த்தை …

කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

ජීවිතය සඳහා සාමූහිකය විසින් කලු ජූලියේ 25වන සැමරුම සඳහා පැවැත්වුණූ උද්ඝෝෂණයේ කෙළවරක මා සිටගෙන සිටියේ සරණාගත කඳවුරු එපා යන පුවරුවක් අතැතිව ය. බ්‍රිස්ටල් බෝඩ් නමින් අප දන්නා කොළයක පෙලට් පෑනෙන් ලියා තිබූ එම පාඨය එතරම් හොදින් පෙනෙන්නට තිබුණේ ද නැත. එනමුත් ලංවී එය කියවා බැලූ මැදිවියේ පුද්ගලයෙක් මා අසළම සිටගෙන බැණ වදින්නට පටන් ගත්තේ ය. “ සිංහලයෝ මැරුණහම තමයි කවුරුත් නැත්තේ, එක දෙමළෙක් මැරුනොත් උද්ඝෝෂණ කරනවා, එක දෙමළෙක් ඉස්සුවොත් සිරසේ සුදු වෑන් කියා දානවා. ඇයි සිංහලයෝ මරන්නේ නැත් ද? මේ ඔක්කොම ප්‍රභාකරන් බේර ගන්න, හමුදාවේ කොල්ලෝ හෙට අනිද්දාම උන් ඔක්කොම නැති කරනවා. එතකොටත් වරෙල්ලා පුලුවන් නම් පිකට් කරන්න…. ”

ඔහුට අවශ්‍ය වී තිබුනේ මා සමඟ ගැටුමක් ඇති කර ගැනීමට ය. බිය නිසාම මා මුවින් නොබැණ …

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය

සුනන්ද දේශප්‍රිය

හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද්දේ ඔහු විශ්‍රාම ගිය විගසම ය. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ඔහු මෙරට දෙමළ ජනයාගේ සිත දිනා ගැනමට සමත් වුයේ ද? නැත්නම් සිත් බිඳවීමට සමත් වූයේ ද?

තමන්ගේ අරමුණ දෙමළ ජනයා දිනා ගැනීම බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියා සිටින පිළිවෙත ය. දෙමළ ජනයා දිනා ගැනීමට නම් අද කළ යුතු ප්‍රධානතම කාරණය කුමක් ද? ඔව්න්ගේ මානව හිමිකම් සුරැකීම ය. පසුගිය කාලය පුරා සිදු කෙරුණු සියළු සමීක්ෂන පෙන්නුම් කරන්නේ දෙමළ ජනයා මුහුණ දි සිටින ප්‍රධාන තම ප්‍රශ්නය ජීවිතාරක්ෂාව බව යි. එනම් ජීවිතයට ඇති අයිතිය යි. රටක ජනයාගේ ජීවිතයට ඇති අයිතිය සුරැකෙන්නේ නීතිය පාලනය රටක පවතින විට ය. නීතියේ පාලනය පවත්වාගෙන යෑම බාරව …

නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු……. උද්ඝෝෂණය

Picketing against Jounalist Assualt

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක මාධ්‍යවේදී නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යයාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහෙන්ද්‍ර රත්නවීර යන මහත්වරුන්ට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන් විරෝධතාවක් අද (2.7.2008) කොල්ලුපිටිය මංසන්දීයේදී පැවැත්වුනි. ඉහත දැක්වෙනුයේ එහි අවස්ථා ඇතුලත් විඩියෝ පට හා ඡායාරූපයි. …

වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය

දේශණයක් අවසන් වෙලා පඩි පෙළ බැහැගෙන පහළට එද්දී මේසයක් උඩ නැගලා කවුදෝ කතා කරනවා දැක්කා. එයට ටිකක් සමීප වෙලා ඇහුම් කන් දෙන්න මට හිතුනේ විශ්ව විද්‍යාලය තුළ එය ඉතා දුර්ලභ අවස්ථාවක් හින්දා. මේසේ උඩ නැග සිටි පුද්ගලයා අවට රැස් වෙලා සිටි පිරිසගෙන් වතුර බෝතලය බැගින් ඉල්ලා සිටියා. එසැණින්ම මගේ සිත සතුටට පත් වුණේ නියඟයකින් හරි ගංවතුරකින් හරි අනතුරට පත් වෙලා අසරණ වෙලා ඉන්න පිරිසකට වෙන්න ඇති මේ වතුර බෝතල් කියලා හිතුණ නිසයි.
ඒ කතාව අහගෙනම මම ඉස්සරට ඇවිදගෙන යද්දි නිකමට වගේ දැන්වීම් පුවරුව දිහා බැලුණා. එහි අලවා තිබුණ දැන්වීම දැක්කට පස්සෙයි මට තේරුම් ගියේ ඉහත මා ඇහුම් කන් දුන් කතාවේ මුල කොටස.

අප වෙනුවෙන් රුධීරය හලන වීරෝධාර රණවිරුවන් වන්නි ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් ඔවුන් සඳහා ජලය …

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - අපි කීකරු ගෘහ සේවකයෝ

සුනන්ද දේශප්‍රිය

දෙසතියකට පෙර ලංකා සංචාරක මණ්ඩලය ඉංග්‍රිසි පුවත්පත්හි දැන්විමක් පල කළේ ය. ඒ වයස්ගත විදේශිකයින් පදිංචිය පිණිස මෙරටට ගෙන්වා ගැනීමට ය. ඒ සඳහා වීසා ලබා ගැනිමට නම් කළ යුත්තේ ඩොලර් 15,000 ක ස්ථිර තැන්පතුවක් මෙරට බැංකුවක තැන්පත් කිරිම ය. මසකට ඩොලර් 1500 ක් මෙරට දී වැය කිරීම ය.

මේ සඳහා අනුබල සේ කරුණු ගණනාවක් එම දැන්වීමේ දක්වා තිබුනි. ඉන් එකක් නම් මෙරට ජීවත්වීමට පැමිනීමෙන් කීකරු දක්ෂ ගෘහ සේවකයින් ලබා ගැනිමට අවස්තාව පෑදෙන බව ය.

ආණ්ඩුව වැටී සිටින විදේශ විනිමය අමාරුකම පෙන්වීමට අටුවා ලිවීම අවශය නැත. ඒ සඳහා දැන් ජාතිය ද විකිණේ.

චන්ද්‍රිකාගේ ඉංග්‍රීසි පන්තිය

චන්ද්‍රීකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කළ එක් හොද දෙයක් වුයේ බමුනු කුළයට සිමා වි තිබූ ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය …

බන්ධනාගාර නිලධාරින්ගේ රී ලෝඩ් වදහිංසාව

කොටි සංවිධානයට සම්බන්ද යැයි සැකපිට රැඳවුම්භාරයේ සිටින දෙමළ තරුණයින් ඕනෑ තරම් මෙරට බන්ධනාගාර තුළ සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම මෙම සැක සහිත තරුණයින් බන්ධනාගාර තුළ නොයෙකුත් හිංසාවන්ට හා අඩම්තේට්ටම් වලට ලක්වන බව ද අද ප්‍රසිද්ධ රහසක් වී ඇත. විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ සිත්පිත් නැති ක්‍රියාකාරකම් නිසා මෙම රැඳවුම්කරුවන් අනන්ත අප්‍රමාණ දුක්වලට මුහුනපාන්නට සිදු වන බව පෙනේ.

මෙම නිළධාරින්, නිරායුද හා අත්අඩංගුවට පත් රෑඳවුම් කරුවන්ගෙන් අල්ලස් ලබාගැනිම සහ ශාරීරික හා මානසික වදබන්දනයට ලක් කිරිම යන කාරණා සඳහා උපන් හපන් දක්‍ෂතා ඇති පිරිසක් ලෙස මේ වන විට නම් දරා ඇත. මෙම අනාවරණය ද ඒ සම්බන්ද පුවතකි.

කොටි සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන දෙමල තරුණයින්ගෙන් නවීන ආකාරයට අල්ලස් ලබාගැනිමේ ව්‍යාපාරයක් මේ වන විට හෙලිදරව් කරගෙන තිබේ. එනම් ඇතැම් බන්ධනාගාර නිලධාරින් …

· Next entries »