Archive for Colombo
July 25, 2008 at 11:20 am · Categories: Colombo, සිංහල, Democracy, Life quips, Human Rights | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
ජීවිතය සඳහා සාමූහිකය විසින් කලු ජූලියේ 25වන සැමරුම සඳහා පැවැත්වුණූ උද්ඝෝෂණයේ කෙළවරක මා සිටගෙන සිටියේ සරණාගත කඳවුරු එපා යන පුවරුවක් අතැතිව ය. බ්‍රිස්ටල් බෝඩ් නමින් අප දන්නා කොළයක පෙලට් පෑනෙන් ලියා තිබූ එම පාඨය එතරම් හොදින් පෙනෙන්නට තිබුණේ ද නැත. එනමුත් ලංවී එය කියවා බැලූ මැදිවියේ පුද්ගලයෙක් මා අසළම සිටගෙන බැණ වදින්නට පටන් ගත්තේ ය. “ සිංහලයෝ මැරුණහම තමයි කවුරුත් නැත්තේ, එක දෙමළෙක් මැරුනොත් උද්ඝෝෂණ කරනවා, එක දෙමළෙක් ඉස්සුවොත් සිරසේ සුදු වෑන් කියා දානවා. ඇයි සිංහලයෝ මරන්නේ නැත් ද? මේ ඔක්කොම ප්‍රභාකරන් බේර ගන්න, හමුදාවේ කොල්ලෝ හෙට අනිද්දාම උන් ඔක්කොම නැති කරනවා. එතකොටත් වරෙල්ලා පුලුවන් නම් පිකට් කරන්න…. ”
ඔහුට අවශ්‍ය වී තිබුනේ මා සමඟ ගැටුමක් ඇති කර ගැනීමට ය. බිය නිසාම මා මුවින් නොබැණ …
July 18, 2008 at 9:35 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද්දේ ඔහු විශ්‍රාම ගිය විගසම ය. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ඔහු මෙරට දෙමළ ජනයාගේ සිත දිනා ගැනමට සමත් වුයේ ද? නැත්නම් සිත් බිඳවීමට සමත් වූයේ ද?
තමන්ගේ අරමුණ දෙමළ ජනයා දිනා ගැනීම බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියා සිටින පිළිවෙත ය. දෙමළ ජනයා දිනා ගැනීමට නම් අද කළ යුතු ප්‍රධානතම කාරණය කුමක් ද? ඔව්න්ගේ මානව හිමිකම් සුරැකීම ය. පසුගිය කාලය පුරා සිදු කෙරුණු සියළු සමීක්ෂන පෙන්නුම් කරන්නේ දෙමළ ජනයා මුහුණ දි සිටින ප්‍රධාන තම ප්‍රශ්නය ජීවිතාරක්ෂාව බව යි. එනම් ජීවිතයට ඇති අයිතිය යි. රටක ජනයාගේ ජීවිතයට ඇති අයිතිය සුරැකෙන්නේ නීතිය පාලනය රටක පවතින විට ය. නීතියේ පාලනය පවත්වාගෙන යෑම බාරව …
July 3, 2008 at 9:01 am · Categories: Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක මාධ්‍යවේදී නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යයාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහෙන්ද්‍ර රත්නවීර යන මහත්වරුන්ට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන් විරෝධතාවක් අද (2.7.2008) කොල්ලුපිටිය මංසන්දීයේදී පැවැත්වුනි. ඉහත දැක්වෙනුයේ එහි අවස්ථා ඇතුලත් විඩියෝ පට හා ඡායාරූපයි. …
July 2, 2008 at 9:57 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Governance | by Vikalpa_R
දේශණයක් අවසන් වෙලා පඩි පෙළ බැහැගෙන පහළට එද්දී මේසයක් උඩ නැගලා කවුදෝ කතා කරනවා දැක්කා. එයට ටිකක් සමීප වෙලා ඇහුම් කන් දෙන්න මට හිතුනේ විශ්ව විද්‍යාලය තුළ එය ඉතා දුර්ලභ අවස්ථාවක් හින්දා. මේසේ උඩ නැග සිටි පුද්ගලයා අවට රැස් වෙලා සිටි පිරිසගෙන් වතුර බෝතලය බැගින් ඉල්ලා සිටියා. එසැණින්ම මගේ සිත සතුටට පත් වුණේ නියඟයකින් හරි ගංවතුරකින් හරි අනතුරට පත් වෙලා අසරණ වෙලා ඉන්න පිරිසකට වෙන්න ඇති මේ වතුර බෝතල් කියලා හිතුණ නිසයි.
ඒ කතාව අහගෙනම මම ඉස්සරට ඇවිදගෙන යද්දි නිකමට වගේ දැන්වීම් පුවරුව දිහා බැලුණා. එහි අලවා තිබුණ දැන්වීම දැක්කට පස්සෙයි මට තේරුම් ගියේ ඉහත මා ඇහුම් කන් දුන් කතාවේ මුල කොටස.
අප වෙනුවෙන් රුධීරය හලන වීරෝධාර රණවිරුවන් වන්නි ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් ඔවුන් සඳහා ජලය …
June 27, 2008 at 1:27 pm · Categories: Colombo, සිංහල, Democracy | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
දෙසතියකට පෙර ලංකා සංචාරක මණ්ඩලය ඉංග්‍රිසි පුවත්පත්හි දැන්විමක් පල කළේ ය. ඒ වයස්ගත විදේශිකයින් පදිංචිය පිණිස මෙරටට ගෙන්වා ගැනීමට ය. ඒ සඳහා වීසා ලබා ගැනිමට නම් කළ යුත්තේ ඩොලර් 15,000 ක ස්ථිර තැන්පතුවක් මෙරට බැංකුවක තැන්පත් කිරිම ය. මසකට ඩොලර් 1500 ක් මෙරට දී වැය කිරීම ය.
මේ සඳහා අනුබල සේ කරුණු ගණනාවක් එම දැන්වීමේ දක්වා තිබුනි. ඉන් එකක් නම් මෙරට ජීවත්වීමට පැමිනීමෙන් කීකරු දක්ෂ ගෘහ සේවකයින් ලබා ගැනිමට අවස්තාව පෑදෙන බව ය.
ආණ්ඩුව වැටී සිටින විදේශ විනිමය අමාරුකම පෙන්වීමට අටුවා ලිවීම අවශය නැත. ඒ සඳහා දැන් ජාතිය ද විකිණේ.
චන්ද්‍රිකාගේ ඉංග්‍රීසි පන්තිය
චන්ද්‍රීකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කළ එක් හොද දෙයක් වුයේ බමුනු කුළයට සිමා වි තිබූ ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය …
June 25, 2008 at 11:30 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Governance, Corruption, Human Rights | by Vikalpa_R
කොටි සංවිධානයට සම්බන්ද යැයි සැකපිට රැඳවුම්භාරයේ සිටින දෙමළ තරුණයින් ඕනෑ තරම් මෙරට බන්ධනාගාර තුළ සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම මෙම සැක සහිත තරුණයින් බන්ධනාගාර තුළ නොයෙකුත් හිංසාවන්ට හා අඩම්තේට්ටම් වලට ලක්වන බව ද අද ප්‍රසිද්ධ රහසක් වී ඇත. විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ සිත්පිත් නැති ක්‍රියාකාරකම් නිසා මෙම රැඳවුම්කරුවන් අනන්ත අප්‍රමාණ දුක්වලට මුහුනපාන්නට සිදු වන බව පෙනේ.
මෙම නිළධාරින්, නිරායුද හා අත්අඩංගුවට පත් රෑඳවුම් කරුවන්ගෙන් අල්ලස් ලබාගැනිම සහ ශාරීරික හා මානසික වදබන්දනයට ලක් කිරිම යන කාරණා සඳහා උපන් හපන් දක්‍ෂතා ඇති පිරිසක් ලෙස මේ වන විට නම් දරා ඇත. මෙම අනාවරණය ද ඒ සම්බන්ද පුවතකි.
කොටි සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන දෙමල තරුණයින්ගෙන් නවීන ආකාරයට අල්ලස් ලබාගැනිමේ ව්‍යාපාරයක් මේ වන විට හෙලිදරව් කරගෙන තිබේ. එනම් ඇතැම් බන්ධනාගාර නිලධාරින් …
June 24, 2008 at 4:15 pm · Categories: Colombo, සිංහල, Corruption, Human Rights | by Vikalpa_R
புலிகள் அமைப்புடன் தொடர்புடையவர்கள் என்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்து தடுத்துவைக்கப்பட்டிருக்கும் இளைஞர்களிடமிருந்து சிறைக்காவலர்கள் நவீன பாணியில் லஞ்சம் பெற்றுவருகின்றனர் என அறியமுடிகிறது.
புலிகள் அமைப்பைச் சார்ந்தவர்களென்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்யப்படும் மலையகம் உட்பட வடக்கு - கிழக்கு பகுதிளைச் சேர்ந்த தமிழ் இளைஞர்கள் விளக்கமறியலில் வைக்கப்படுகின்றனர். தடுத்துவைக்கப்பட்டிருக்கும் குறித்த தமிழ் இளைஞர்களின் வீட்டு தொலைபேசி இலக்கங்களை அறிந்துகொள்ளும் சிறைக்காவலர்கள‚் அந்த இலக்கங்களூடாக வீட்டாரைத் தொடர்புகொண்டு தங்களது கையடக்க தொலைபேசி இலக்கங்களைக் குறிப்பிட்டு ஆயிரம் ரூபர அல்லது அதற்கு மேல் ஒரு தொகையை மீள் நிரப்புகை (ரீலோட்) செய்யுமாறு உத்தரவிடுக்கின்றனர்.
சில வேலைகளில் குறித்த இளைஞர்களைப் பேசவைத்தும் சிறைக்காவலர்களின் கையடக்கத் தொலைபேசிகள் மீள் நிரப்புகை செய்யப்படுகின்றன.
இத்தகைய சந்தர்ப்பங்களில் பெற்றோரும்‚ தங்களது பிள்ளைகள் சிறையில் கஷ்டங்களை அனுபவிக்கக் கூடாதென்ற எண்ணத்தில் வறுமைக்கு மத்தியிலும் கடன்பட்டாயினும்‚ நகைகளை அடகுவைத்தும் பணத்தைப் பெற்று சிறைக்காவலர்களின் கையடக்கத் தொலைபேசிகளுக்கு மீள் நிரப்புகை செய்கின்றனர்.
இதேவேளை -
தங்களது வீட்டு தொலைபேசி இலக்கங்களை வழங்க‚ வீட்டுடன் தொடர்புகொண்டு பேச மறுக்கும் இளைஞர்களை சிறைக்காவலர்கள் சித்திரவதைக்கு உட்படுத்துகின்றனர் என்றும் தெரியவருகிறது.
இது …
June 20, 2008 at 9:13 am · Categories: Colombo, සිංහල, Democracy, Media | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
ජනමාධ්‍ය දුක්ගැනවිලි සොයා බැලීමට ආණ්ඩුව ඇමැති අනු කාරක සභාවක් පත් කරන බව දැන ගන්නට තිබේ. මේ වන විට එය පත්කර තිබීමට ඉඩ තිබේ. මේ කමිටුවට සොයා බැලීම පිණිස අඩුම වශයෙන් පහත සදහන් කරුණු ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු:
පසුගිය දෙ වසර තුළ ඝාතනය කරන ලද කිසිදු මාධ්‍ය සේවකයකු පිළිබඳව හෝ ජනමාධ්‍යට එල්ලකරන ලද තර්ජන ගර්ජන සහ බිය වැද්දවීම් කිසිවක් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අවසාන කිරිමට ආණ්ඩුව අසමත්ව තිබීම. ඝාතනය කරන ලද මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව 14කි. පැහැර ග්නා ලද මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව 9කි. අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 13කි. ගිනි තැබීම් දෙකකි. ජනමාධ්‍ය ආයතන වසා දැමීම් තුනකි. බිය වැද්දවීම් සහ පහරදීම් සිය ගණනාවකි.
අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දෙසැ 27 වැනි දින රූපවාහිනී සංසංථාවට කඩාවැදීම …
« Previous entries ·
Next entries »