vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Jaffna

යාපනය - සාතන්ගේ නගරය

‛‛යාපනයේදී හමුවෙන හැම මිනිහෙකුටම කියන්න දුක හිතෙන කථාවක් තියෙනව’’

‛‛මම යාපනයට ගියේ අවුරුදු ගානකට පස්සේ. මම කලින් යද්දි පාර ඇරල තිබුන. ඉතින් මං හිතන්නේ යන්න එන්න සෑහෙන්න ලේසියි. මෙ පාර මම ප්ලේන් එකේ ගියාට …

යාපනය: තවත් පුදුමයක්

jaffna-empty-road.jpg
යාපනය වනාහී ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට බියජනකම නගරවලින් එකකි. දැන් තවත් මානුෂිය ඛේදවාචකයක් සමිබන්ධයෙන් යාපනය නම් දරමින් තිබේ. එය නම් චෝදනාවක් නැතිව හෝ දඩුවම් දීමක් හෝ නැතිව මිනිසුන් සිරගතවන නගරය ලෙස ය.

මානව හිමිකම් සඳහා යාපනය සරසවි ආරචාර්‍යවරුන්ගේ සංගමයේ අලුත්ම වාර්තාව කියන්නේ ලෝකයේ මෙවැනි නගර සොයා ගැනීමට බැරි තරම් බව ය. මෙලෙස ජනයා සිය කැමැත්තෙන් සිරගත වන්නේ දඩයමේ යන රාජ්‍ය මිනීමරුවන්ගෙන් බේරීමට බව එම වාර්තාව කිය යි.

සිරගත වීමට තීරණය කරන පිරිස් පළමුවෙන් මානව හිමිකම් කොමිසම හමුවට ගොස් ලියා පදංචි වෙති. අධිකරණය ඉදිරියට ඔවුන් පමුණුවන්නේ ඉන්පසුව ය. මෙලෙස සිර ගතවීමට කියන්නේ ආරක්ෂාව පතා සිරගතවීම
කියා ය. අද වන විට යාපනයේ බන්ධනාගාරයේ ස්වෙච්ජාවෙන් සිරගත වූ 200 දෙනෙකු පමණ සිටිති.

2007 ඔක්තෝබර් 22දා අට දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර …

අනේ සර් අනුකම්පා නොසිතේද?…

කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි.
මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි. මෙිදී මගීන් බසයෙන් බැසිය යුතු අතර පරීක්ෂාවට ලක් කරනු ලැබීමෙන් පසු නැවත බසයට නැගිය හැක්කේ ටිත දුරක් පයින් ඇවිදගෙන ඉදිරියට යාමෙන් පසුවයි. සාමාන්‍යයෙන් අසනීප තත්ත්වයේ පසුවන අයට බසයෙන් බසින්නට බල කෙරෙන්නේ නැත. මෙහිදී තරුණ හමුදා නිලධාරීන් බසයට නැග අසනීප අයගේ හැදුනුම්පත්සහ ගමන් මලු පරීක්ෂා කරති.

එහෙත් මැදිවියේ පසුවන එක්තරා හමුදා නිලධාරියෙකු බෙ‍ාහෝ දිනවලදි මේ පරීක්ෂණ මුරපොළේ සේවයට යොදවා සිටිනු ලැබෙයි. ඔහුගෙන් නම් කොයිතරම් අසාධ්‍ය රෝගියෙකුට වුවත් බේරුමක් නැත. ඔහු රෝග නිදානයේ සිට සියලු දේ විමසන්නේ නුරුස්නා හඩකිනි. පසුව ‘’තමුසෙට ‍ෙලාකු අසනීපයක් නැහැනෙ..” කියමින් රෝගීන්ව බසයෙන් එලවා දමයි. කුඩා …

යාපනයේ ජීවිත…

 

jaffna-waiting.jpg
‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි.
‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු.
‛නම්බර්ස් දියල්ලා. මං කෝල් කරන්නම්’ අපේ දුරකථන අංක සිය ජංගම දුරකථනයේ සටහන් කර ගන්නා මිත්‍ර මේජර්වරයා නික්ම යයි. ඔහු යන්නේද යාපනය වෙත ය. ඔහුට අංක දුන් අපේ දුරකථන විසංධි කොට හමුදා බාරයට ගැනේ.
‛මුරුක්කණ්ඩි වලදි හම්බවෙයි’ ගුවන් හමුදා නිලධාරිනිය මඳහසින් යුතුව පවසයි.
පෙරවරු 7.30ට රත්මලානට ආ අප පලාලියට පැමිණෙන්නේ පස්වරු 2.00ට ය. පැයක ගුවන් ගමනක් නමුදු පැය 6.30ක රස්තියාදුවකි. ගුවනේ පැයකි. ඉතිරි කාලය ඉතිරි වැඩවලටය.
පලාලි හීදී ගුවනින් බට තැන ගැහැණු පිරිමි පෝලීම් දෙකකි. සේයා රූ සටහන් කර ගැනීටමත්, ආ තැන - යන තැන සටහන් කරගැනීමටත් ය. තරුණ ගුවන් හමුදා නිලධරයෝ දෙදෙනා …

ඒ 9 නැති උතුරු වන්නියේ ජීවිතය

මෙත්සිරි වඩුගේ

2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති කිරීමට සමත් වූ එවැනි වෙනත් එක් පියවරක් නැත.

දැන් ඒ සාමයේ මාවත වසා දමා වසරක් අවසන් ය. ඒ 9 පාර වසා දැමුනේ 2006 අගෝස්තුවේ දී ය.

දැන් ආරක්ෂ මුර කපොලු වල ඇති දැඩි සීමාකාරී බව නිසා ම ඒ 9 ඔස්සේ වන්නියට යාම අති දූෂ්කර ක්‍රියාවකි. මේ මුර කපොලු හිටි හැටියේ ම වසා දැමෙන්නේ කිසිදු ක්‍රමයක් හෝ දැනුම් දීමක් හෝ නැතිව ය. මහජනයාට, නිලධාරීන්ට සහ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානයන්ට මේ තාක් මේ මුර කපොලු හරහා යා හැකිව තිබුනේ සතියේ දින තුනක දී පමණි. …

යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය

මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ

‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද ඇතුළත්ව මාධ්‍ය සේවකයන් 7 දෙනෙකු අවම වශයෙන් ඝාතනය වී තිබේ. එක් මාධ්‍යවේදියෙකු අතුරුදහන් වී ඇති අතර අවම වශයෙන් පුවත්පත් අලෙවි කරන ස්ථාන 3ක් ප‍්‍රහාරයට ලක්ව තිබේ. මාධ්‍යවේදීන් සැළකිය යුතු ගණනක් ප‍්‍රදේශය හැර ගොස් හෝ තම වෘත්තීය හැර ගොස් හෝ තිබේ. රජය පොරොන්දු වී තිබියදී සහ සැකකරුවන් නම් කර තිබියදීත් ෙමි කිසිදු සිදුවීමක් පිළිබඳව බලවත් පරීක්‍ෂණයක් සිදුවී නොමැත.’’

ශී‍්‍ර ලංකාෙවි මාධ්‍ය නිදහස පිළිබඳ සොයාබැලීමට පැමිණි ජාත්‍යන්තර ¥ත මණ්ඩලයේ කොටස් කරුවන් වූ දේශසීමා නැති මාධ්‍යෙවිදියෝ (ඍීත්‍* සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව (ෂඵී* නියෝජිතයෝ ඒකාබද්ධව නිකුත් කළ නිරීක්ෂණ වාර්තාවේ එසේ …

ලබන ආත්මෙදිවත් සිංහලයෙක්ව බඳිනවා……

මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්‍රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තෙ‍ාටුපොළට එමින් සිටින අතරතුරේදීයි.

A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි. යමක් කමක් ඇති උදවිය ගුවනින් ගමන් කළ අතර අගහිඟකම් ඇති උදවිය මුහුදු මාර්ගය ඔස්සේ මගී නැවකින් සිය අවශ්‍යතා සපුරා ගත්තෝය.

යාපනේ නගරයේ සිට විනාඩි 50 ක පමණ ගමනකින් පසුව මගී පරීක්ෂාව සදහා කට්ටුවානේ හි වාහන නතර කෙරේ. හැඳුනුම්පත් සහ ගුවන් ටිකට්පත් පරීක්ෂාවට ලක් කෙරෙන තුරු මගීන් නැවතී සිටිය යුතුව ඇත්තේ කට්ටුවාන කෝවිලේ කැඩී බිඳී ගිය බිත්ති අතරේය.

පසුව වරකට පස්දෙනා බැගින් ගෙනා ගමන්මලු හා හැඳුනුම්පත් පරීක්ෂාවට ලක් කෙරේ. ගමන් මලු තුළ ඇති සියලුම දේ එළියට අදින පොලිස් හා හමුදා නිලධාරී නිලධාරිනි‍යෝ ඒවා නැවත අසුරාගැනීම මගීන්ටම පවරති.

ඊට පසුව සිදුවන්නේ …

« Previous entries ·