Archive for Kurunegala
February 29, 2008 at 2:08 pm · Categories: සිංහල, Kurunegala, Gender | by Vikalpa_N
මොනාලි මගේ යෙහෙළියකි. පෙබරවාරි 20 දා ඇය මගේ දොරකඩට පැමිණියාය. දොරකඩම සිටගෙන බිඳුණු හඬින් ඇය මුහුණ පෑ බිහිසුණූ අත්දැකීම විස්තර කළාය.
’‛මං දන්න අඳුනන කොල්ලෙක් මාව රේප් කරලා ගියා අක්කෙ..’’
සිද්ධිය සිදු වී ඇත්තේ එදින සවස 5.30 ට පමණය. ඇය මා හමුවීමට පැමිණියේ රාත්‍රී 7. 30ට පමණය. හැකි ඉක්මනින් පොලීසිය වෙත යාමට අපි තීරණය කළෙමු. මගේ තවත් යෙහෙළියක සමග ළඟම ඇති පොලිස් ස්ථානය වෙත අප යන විට වේලාව රාත්‍රී 9.00ට පමණය.
මොනාලි දෙදරු මවකි. පුරුෂයාගේ අඩන්තේට්ටම් ඉවසිය නොහැකි වූ ඈ දරුවන් සමග කුලී ගෙදරක තනිව ජීවත් වෙයි.
අප එහි යනවිට පැමිණිලි කාමරය තුළ පොලිස් නිලධාරීහු හතර දෙනෙක් රාජකාරියේ නිරතව සිටියහ. සාජන් මහතා අප ආ කාරණය විමසීය. කාන්තා පොලිස් අංශයක් තිබේදැයි අපි ඇසුවෙමු. ‛‛රෑට ඒගොල්ලො නෑ’’ අපට …
February 16, 2008 at 11:19 pm · Categories: Peace and reconciliation, සිංහල, Kurunegala, Badulla, Life quips | by Vikalpa_R
කුරුණෑගලින් බදුල්ල ගෝනකැලේ වතු යායට නෑ ගමනක්

වතුකරයේ ජනතාවගෙන් සියයට එකක් විතරයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබෙන්නේ එයිනුත් කිසිම කෙනෙක් වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට ගිහින් නෑ.
ගෝනකැලේ තිබෙන ඇටැම්පිටිය කෝවිලේ තිබෙන්නේ 1931 දී සුද්දගේ ආණ්ඩුව කාලේ වහපු ටකරන් ඊට පස්සෙ කවුරුවත් මේවා අළුත්වැඩියා කරන්න කටයුතු කරල නෑ. ඒක තමයි මේ ජීවිතේ හැටි. ඔබ ගියොත් පුදුම වෙයි මේ ප්‍රදේශයේ පොලීසි වල දෙමළෙන් පැමිණිල්ලක් ලියා ගන්න කෙනෙක් නෑ, තැපැල් කන්තෝරුවක දෙමළෙන් ටෙලිග්‍රූම් එකක් ලියා ගන්න කෙනෙක් නෑ, උසාවියේ ඔක්කොම වැඩ කෙරෙන්නේ සිංහලෙන්. ලංකාවේ ජාතික ප්‍රශ්නයක් නැතැයි කියන අයට පෙන්වන්න මීට වඩා හොද උදාහරනයක් තවත් තියේද? මෙරට වතුදෙමළ ජනයා දෙවන ගනයේ අඩු වරප්‍රසාද ලබන පුරවැසියන් ලෙෂ තවමත් ජීවත්වන බව නොවේද …
December 15, 2007 at 7:31 pm · Categories: සිංහල, Kurunegala, Gender | by Vikalpa_R
පාසැල ඇරී ගෙදර ඒමට මා බසයට ගොඩ වුයේ වැහැර හන්දියෙන්. එතැන් සිට කුරුණෑගල නගරයට යාමට බසයට විනාඩි 10 ක් තරම් කාලයක් ගන්නවා. මා බසයට ගොඩ වූ තැනින්ම මැදිවියේ කාන්තාවක්ද ගොඩ වුණා. මා දන්නා තරමින් ඇය සමුපකාර රෝහලේ ඖෂධහලේ ඖෂධවේදිනියකි. බසයට ගොඩ වන ගමන් ඇය මා වෙත සිනහවක් පෑවේ නිතර බෙහෙත් ගැනීමට ගොස් මා දැක පුරුදු නිසා විය හැකියි.
බසය ඊළගට නැවතුනේ රෝහල අසල ය. මා සිටි අසුන හිස් වූ නිසා ඇය මා අසලින් වාඩි වුයේ කතාවකට ද මුල පුරමින්.
‛‛ඔයාලනං එකයි තිහට ඇරෙනව. අපි දවසම ඉන්න ඕන පැය ගණනක් හිටගෙන. කකුල් දෙකත් රිදෙනව.’’
‛‛අපිත් ඉතිං එකයි තිහ වෙනකං ළමයි එක්ක ඔට්ටු වෙලා ඉතුරු හරිය කරන්නෙ ගෙදර ගෙනිහින්. අතේ තිබුණ ප්‍රගති වාර්තා පොත් මිටිය පෙන්නමින් මා කිව්ව’’.
…
December 10, 2007 at 4:32 pm · Categories: Peace and reconciliation, සිංහල, Kurunegala, Human Rights | by Vikalpa_N
මැණික් - කුරුණෑගල
2007 වසරේ මා ඉගැන්වූයේ හත වසර පන්තියට. මා උගන්වන එක් විෂයක් තමයි සිංහල. මේ වසරේ අවසාන වාර පරික්ෂණයට 7 වසර සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනා මාතෘකා 5ක් තිබුණා. සාමයෙන් පිරි රටක් ගොඩ නගමු යන්න ඉන් එකක්. සාමය ගැන හඩක් නොනැගෙන මේ වගේ කාලයක 7 වසරේ කුඩා දරුවන්ට එවැනි මාතෘකාවක් ලබා දීම සතුටට කාරණයක්. ඊටත් වඩා වැදගත් වන්නේ පොඩි එවුන් රචනා වල ලියා තිබුණ අදහස්. මේ මා බැලු උත්තර පත්‍රයන්හි හත වසරේ දරුවන් සාමය ගැන ලියා තිබු අදහස් ය.
“ සාමය යනු එකමුතු කමයි. එකට එක්ව ජීවත් වීමයි. රටේ භෞමික අඛණ්ඩ තාවය උදෙසා ජාතීන් අතර සාමය අත්‍යවශ්‍යම සාධකයකි. එය රටෙහි ඉදිරි සංවර්ධනය උදෙසාද බෙහෙවින් බලපායි.”
“සාමය නැති තැන යුද්ධයකි. නමුත් සාමය රැකුණොත් යුද්ධයක් ඇති …
November 21, 2007 at 10:45 am · Categories: Districts, සිංහල, Kurunegala, Education | by Vikalpa_N
පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව.
ඔයාල කරන්න කැමති රැකියාව මොකක්ද?
දරුවන් මේ විදියට පිළිතරු දුන්න.
29 දෙනෙක් වෛද්‍ය වෘත්තිය.
10 දෙනෙක් ඉංජිනේරු.
2 ක් ගුරු වෘත්තිය.
2ක් නීතීඥ
2 ක් ගුවන් නියමු.
5ක් ආරක්ෂක සේවය.
පාසැල් යන ඕනෑම දරුවකුගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් අපට ලැබෙන්නෙ මීට සමාන පිළිතුරු.
මෙයින් පැහැදිලි වෙන්නෙ පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් තුළ රැකියා පිළිබද තිබෙන ආකල්පයයි. මේ ආකල්පය සමාජය පුරා ඇති කර තිබෙන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන්. දැනට අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වසර හැටක් පමණ තිස්සේ උත්සහා දරා ඇත්තේ උගතුන් බෝකිරීමටය.
මා දරුවන්ට ඊළග ප්‍රශ්නය යොමු …
October 16, 2007 at 2:24 pm · Categories: සිංහල, Kurunegala, Governance, Education | by Vikalpa_N
මා උගන්වන්නේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසැලක ය. දරුවන් කෙරෙන් නිරායාසයෙන් ඉදිරිපත්වන සමාජ විවේචන පිලිබඳ සටහනකි මේ.
එහි 3 වසර එක් පංතියක ගුරුතුමිය වෙනත් රාජකාරියක් සඳහා පිටතට ගියේ සිසුන්ට මෙසේ පවසමිනි. “කව්රුත් කෑ ගහන්න එපා. දැන් සිංහල පොත් අරන් මගේ රට ගැන වාක්‍ය පහක් ලියන්න”
ටික වේලාවකින් ආපසු පැමිණෙන විට සිසුන් කෑ ගසමින් විශාල ඝෝෂාවක් කරමින් සිටිනු දුටු ගුරුතුමිය මෙසේ පැවසුවා ය. “මම කීවේ කෑගහන්න එපා කියලනෙ. මොකද මේ කෑ ගැහිල්ල? ” එවිට කටකාර සිසුවකු මෙසේ කීය. “ටීචර් අපේ පංතිය හරියට දැන් පාර්ලිමේන්තුව වගේ.”
අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි යන කියමන සිහියට නගන මේ සිදුවීම එම ගුරුවරිය මට කීවේ “ පාර්ලිමේන්තුවට ගිය කලක් ” යැයි කියා කළකිරීමෙන් යුතුව ය.
කුඩා දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ …
September 30, 2007 at 10:26 am · Categories: සිංහල, Kurunegala, Stories from the silent, Newsletter | by Vikalpa Admin

දේවසරණ සංවර්ධන කේන්ද්‍රය : ඊමේල් පුවත් හසුන - සැප්තැම්බර්.
Read and download the full PDF here.
September 18, 2007 at 10:42 am · Categories: සිංහල, Kurunegala, Gender, Human Rights, Human Security | by Vikalpa_N
2007 අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනි සිටීමට ගිය පස්සර කාංචනා දුෂණය කර මරා දැමුනේ පසුගිය අගෝස්තු 20 වෙනිදාය. මේ සිදුවීම දැනගත් වෙලේ පටන් මා රිදවුයේ සදුනි ගැන මතකයයි.
සදුනි මා හට මුණ ගැසුනේ 10 වසර පංතියට ගිය අවස්ථාවෙිදිය. ඇගේ මව මිය ගියේ සදුනි ඉපදීමෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීමෙනි. එතැන් පටන් ඇය රැකබලා ගන්නේ පුංචි අම්මා විසිනි. (තාත්තා පසුව කසාද බැන්ඳ බිරිද) සදුනිට සිටියේ වැඩිමල් අක්කා කෙනෙකු පමණි. පවුලේ මේ සිවු දෙනා පුංචි ගෙයක් සාදා ගෙන ජිවත් වුයේ කුරුණෑගලට සැතපුම් 05ක් පමණ දුරිනි. පියාගේ රැකියාව වුයේ රියදුරු වෘත්තියයි. තමාගේම වාහනය පැදවූ වු පියා 2005 වසරේ කුරුණෑගල රථගාලෙන් කුලියට ගමනක් යාම සඳහා පිටත් වුවත් ආපසු පැමිණියේ නැත.
මංකොල්ල කල්ලියක් විසින් වාහනය පැහැර ගෙන ගිය ඔහුගේ …
·
Next entries »