vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Kurunegala

කුරුණෑගල අධ්‍යපන කලාපයේ සිංහල භාෂා තරඟ පැවැත් වූ හැටි

වසරක් පාසා කොට්ඨාෂ කලාප, පළාත් සභා සහ සමස්ත ලංකා මටට්ටමින් ඉහත සඳහන් තරඟ ශ්‍රී ලංකාවේ සෑම අධ්‍යාපන කලාපයකම පැවැත්වේ. මේ තරඟවලට සහභාගි කරන්නේ පාසැල්වල සංහල භාෂාව පිළිබඳව ඉහළම දක්ෂතා ඇති සිසුසිසුවියන්ය. මේ දරුවන් තෝරා සුදානම් කිරීම සඳහා ගුරුවර ගුරුවරියන් මේ සඳහා සෑහෙන වෙහෙසක් දරති.

පෙර වසරවලදී කොට්ඨාෂ මට්ටමින් පැවැත්වෙන තරඟ පළමු පාසැල්වාරය තුළ දීම අවසන් කරන ලදී . නමුත් මෙවර මෙම තරඟ දැනුම් දන්නේ දෙවැනි වාරයේ අවසන් මාසය වන ජූලි මාසයේ ය. ප්‍රථමයෙන් 27වන දින පැවැත්වෙන බව දැනුම් දුන් ලිඛිත තරඟ පසුව සැප්තැම්බරි 08 දිනට කල් දමන ලදී. තරඟ පැවැත්වෙන්නේ කු/මලියදේව ආදර්ශ සහ සර් ජෝන් කොතලාවල යන විදුහල්වල යැයි දැනුම් දී තිබුණි. පසුව එම තරඟ ස්ථාන කු/සාමෝදය සහ කු/නිශ්ශංක යන විදුහල්වලට මාරු කර ඇති බව සැප්තැම්බර් 03දා …

Not fair Sir!

Our school is one of the popular mix schools in the major city in North Western province. We are sitting for the GCE (O/L) examination in three months time. In school days we spend nearly half of the day at school. By now we are so much familiar with the school and specially close to each other in the class. We go to school together, study, eat, play, laugh, organize special events and do all the stuff together. As all the teenagers we are stuck to our groups every minute. And this is the final year that all of us are staying together sharing our joys.

Although we are on the school holidays extra classes are held in the school. No …

මිකා

මිකා 5 වසරේ ඉඳන් මාත් එක්ක එකට හිටපු මගේ යාළුවෙක්. අපි දෙන්නම 2007 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිනවා. එයා දෙමළ මාධ්‍යයෙන්. මම සිංහල මාධ්‍යයෙන්. අපි දෙන්නම කතා බහ කර ගන්නේ ඉංග්‍රීසියෙන්. මම කුරුණෑගල ජනප්‍රිය පාසලකට ගියත් මිකා තාමත් යන්නේ ගමේ ඉස්කොලෙට. ඒකට හේතුව තමයි කුරුණෑගල නගරාසන්නයේ ජනප්‍රිය හෝ ජාතික පාසල් වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කෙරෙන්නේ නැති වීම. ඒ වගේම ඉංග්‍රිසි සිංහල හැර වෙනත් එකම විෂයකටවත් ඇයට අපට වගේ ප්‍රසිද්ධ අමතර පංති වලට ගිහින් පුළුල් දැනුමක් ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද කුරුණෑගල නගරයේ විශාල පරිමාණයේ එකදු අමතර ගණිත පංතියක්වත් දෙමළ මාධ්‍යයෙන් පවත්වන්නේ නැහැ. ඒ නිසා මිකාට සිදු වෙනවා අමතර ඉගෙනීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව ගුරුවරයෙකු වෙත ගොස් වැඩිපුර මුදල් ගෙවා ඉගෙන ගැනීමට. ඔවුන්ගේ පවුලට ඒ හැකියාව නැහි. ඒ නිසා …

තොප්පිගල තොප්පිය

මෙි තොප්පිය වැටුණේ් විදුහල්පතිවරයකුට. දෙමළ විදුහලක විදුහල්පති වරයකුට. තොප්පිගල ජය සැමැරීමට සෑම පාසැලකම උත්සව සංවිධානය කළ යුතු බවට අධ්‍යපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබුණා. එහි කියා තිබුණේ කැවුම් කිරිබත් සංග්‍රහයක් ද ඊට ඇතුළත් කරන ලෙස යි.

දෙමළ ජනයාගේ උත්සව පැවැත්වෙන්නේ කැවුම් කිරිබත් සමඟ නොවන නිසා විදුහල්පතිවරයා සංග්‍රහය ගැන උනන්දු වුණේ් නැහැ. අනෙත් අතට දෙමළ ජනයා ලක්ෂ ගණනින් සරණාගත වී තිබිය දී උත්සව පවත්වන්නේ කෙසේදැයි යන උභතොකෝටිකයට මැදි වූ විදුහල්පතිවරයා උත්සවය පැවැත්වූයේත් නැහැ.

පාසැලේ කව්රු හරි මෙය කේළමක් කොට ඉහළ තැන්වලට කිව්වා. ඒ නිසාම අධ්‍යපන අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ කට උත්තරයක් විදුහල්පතිවරයාගෙන් ගත්තා. ඔහු තමන් හිතන විදිය ඒ විදියටම සිය ප්‍රකාශයේ සදහන් කළා.

දැන් මේ දුප්පත් දෙමළ පාසැල සංවර්ධනය කිරීමට හුගාක් වෙහෙස වූ මෙම විදුහල්පතිවරයා දඩුවම් මාරුව එනතුරු …

පෞද්ගලික බස් රථයේ පොඩි එකාට ඉඩ නැතේ

මේ පෞද්ගලික බස් රථ වල රියැදුරු කොන්දොස්තර උන්නැහේලගෙන් මඟීන්ට සිදු වන හිරිහැර කරදර ගැන මම කොච්චරවත් අහලා තිබුණා වුණාට මොකද මේවා හැබහින්ම අත් දකින්න හම්බවුණේ මම කුරුණෑගල නගරයේ පදිංචිය අත ඇරලා ටිකක් දුර පළාතකට ගියාට පස්සෙයි. පෞද්ගලික බස් රථයේ යන්න එන්න ගත්තට පස්සෙයි. කුරුණෑගලින් බස් රථයට ගොඩ වුණාම කොන්දොස්තර තැන ඉබ්බාගමුවෙන් මෙහා යන අය වාඩි වෙන්න එපා කියලා සැර පරුෂ විදියට කියලා තමයි මගීන් කරුණාවෙන් පිළි ගන්නේ. මොනවා කරලා හරි මටයි මගේ දරුවටයි වාඩිවෙන්න කියලා ආසනයක් හොයා ගත්තත් ඔන්න ඊලඟ කරදරයට මුහුණ දෙන්න ඕනේ. වාඩි වෙච්ච වෙලේ ඉඳලා කොන්දෙස්තර උන්නැහේ බෙරිහන් දෙනවා අවුරුදු 11 මගේ කොළුවව ඔඩොක්කුවට ගන්න කියලා. කීප දවසක් මම එහෙමත් කෙරුවා. ගෙදර ලඟින් බහින කොට කකුල් දෙක හිරි වැටිලා. එච්චර ලොකු කොළුවෙක් ඔඩොක්කුවේ තියාගෙන හැතැප්ම දහයක් …

රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්.

අපි ගමන් ගත් වෑන් රථය රත්තොට නගරයට එනකොට හවස 2කට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්.

රත්තොට තරමක් ජනාකීර්ණ නගරයක් වුවත් එතිනින් එහාටනම් ඇත්තේ නිස්කලංක පරිසරයක්. අපි තරමක් අපහසුවෙන් කන්ද නගින්න පටන් ගත්තා. අවවාදයයි. මෙහි දිය නෑම භයානකයි. දැනට මරණ 13යි.’ ඒ අපි කි.මී.4ක් විතර එනකොට අපිට හමුවනිඹබරකිරි ඇල්ල.’ නකල්ස් පරිසර කලාපයේ තියන සුන්දර ඒ වගේම දිගු නියගයකින්වත් නොසිදෙන දිය ඇල්ලක්. අපි ඹබරකිරි ඇල්ල බලන්න ්වාහනේ පාර අයිනේ නතර කර මීටර 200ක් විතර ඇතුලට ගියා. ඒ වෙනකොට මෝසම නිසා වැස්ස ලැබුනු බැවින් වතුර ටිකක් වැඩියි. දිය ඇල්ල හරියට සුදු සාරියකින් හැඩවුනු මණමාලියක් වගෙයි. වැඩිය උස නැතිවුනත් මේ මණමාලි සුදු පාටින් මීටර් 3*4ක් පමණ උස සිට කඩා හැලෙනවා. කඩා හැලෙන තැන දෑස් පිනවන චමත්කාරයක්. වතුර …

Vikalpa - A new Citizen Journalism website in Sinhala and Tamil

Vikalpa

We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on conflict transformation, democracy, good governance and peace in Sri Lanka, this website aims to showcase voices rarely featured in mainstream media in the vernacular.

Vikalpa demonstrates the commitment of the Centre for Policy Alternatives (CPA), Colombo, Sri Lanka to critique and strengthen governance and democracy through citizen journalism and new media. It also complements Groundviews, Sri Lanka’s first citizen journalism site and now a recognised standard for alternative perspectives, news, analysis and information on Sri Lanka.

Please download our flyer here.

For further details, …

« Previous entries ·