Archive for Corruption
April 4, 2008 at 3:43 pm · Categories: සිංහල, Badulla, Governance, Corruption | by Vikalpa_R
බදුල්ලේ සිට නෙත්

‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’
මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි.
සරත්චන්ද්‍ර මහතාගේ වසර 33 ක සේවා කාලය තුළ දී විවිධ පර්යේෂණයන් මගින් ඔහු විසින් දේශයට දායාද කලදේ බොහෝයි.
කැඩී ගිය ටියුබ් බල්බ් උපයෝගී කොට ගනිමින් නිපදවු ක්‍ග ත්‍ග ඛ බල්බය හා අහක දමන කුනු පිලිස්සීමෙන් එක්වන තාප ශක්තිය මගින් ක්‍රියාකරන බහු ඉන්ධන දැලි නොබැදෙන උදුන ඒ අතර ප්‍රමුඛ තැනත් ගනී.
ඔහුගේ නවතම පර්යේෂණය මගින් කසල ප්‍රතිචක්‍රීයකරනය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වාදී ඇත. මෙම ක්‍රියාවලිය මගින් බදුල්ල නගරයේ කසල ගැටළුවට විකල්පයක් ලබාදීමට ඔහු බලාපොරොත්තු වෙයි.
බදුල්ල නගරයෙන් දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය …
December 21, 2007 at 2:45 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Corruption, Economic issues | by Vikalpa_R

හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන සිතන්නේ ඇයි ද කියා ය.
පළමුවෙන් ම කිව යුත්තේ බජිරි දැන් සහල්වලට වඩා මිල බව යි. සහල් කිලෝවක් රුපියල් 50- 60 අතර වන අද බජිරි කිලෝවක මිල රුපියල් 90 -110ත් අතර වේ. එය අතුරු කතාවකි. දැන් කතාවට යමු.
හෙළ උරුමය යනු මෙම ආණ්ඩුවේ ලොකු කකුලකි. ඇත්තටම කියනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එක් ප්‍රධාන පෙලේ උපදේශකවරයකු වන්නේ හෙළ උරුම නායක චම්පික රණවක මහතා ය.
ඒ ටික ලීවේ සමිකරණයේ මුල් කොටස තේරුම් ගැනීම පිණිස ය. එනම් මෙරට ජනතාවට බඩ ගැන නොහිතා ආණ්ඩුවට සහාය දෙන්නැයි …
December 20, 2007 at 12:22 pm · Categories: සිංහල, Badulla, Corruption, Stories from the silent, Human Rights | by Vikalpa_N
උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ.
හැදුනුම්පත් ලබාගැනීම, උප්පැන්න සහතික ලබාගැනීම, බැංකුවට බඩු උකස් කිරීම, බැංකුවේ මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, ඒ අදාළ ආකෘති පත්‍ර පිරවීම වැනි කටයුතුවලදී තැරැව්කරැවෝවිශාල මිල ගණන් අය කරති.
තේ වතු කම්කරුවන් වෙනුවෙන් වාණිජ බැංකු අසල ආකෘති පිරවීමට ඇතැම් පුද්ගලයෝ කාර්යාල පවා ආරම්භ කර තිබේ.
සිරිල් සෙනෙවිරත්න
බදුල්ල
December 13, 2007 at 3:21 pm · Categories: සිංහල, Corruption, Education, Transport | by Vikalpa_N

දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා යාමටය. පාසල් සිසුන් ගමන් කරන්නේ සීසන් වලිනි.
මේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා සීසන් වලින් යන මේ දරුවන්ව හපුතලෙන් බස්සවා වෙනත් බස් එකක එන ලෙස කියා, මග සිටින වෙනත් මගීන්ව නග්ගාගෙන පිටත්ව යති. ඊළඟ බස් රිය එනතුරු සීතලේ ගැහි ගැහී බලා සිටින්නට මේ අසරණ දරුවන්ට සිදුවෙයි. එසේ එන බස් රියේ සීසන් පෙන්නා යන්නටද බැරිය. මන්ද, කලින් බස් රියේ කොන්දොස්තර මහතා ඒ සීසන් කපා ඇති නිසාය.
මේ තතත්වය නිසා මේ දරුවන් හැමදාම පාසලට එන විට පාසල පටන් ගෙන හමාරය. …
November 5, 2007 at 11:11 am · Categories: Districts, සිංහල, Moneragala, Governance, Corruption, Human Rights | by Vikalpa_R

සම්පත් බණ්ඩාර සමරකෝන්
කෝ ටිකට්…..
අහස් ගැබ කලුවලාවන්ගෙන් පිරී තිබිණි. මොහොතකින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. වැල්ලවාය තෙලුල්ල මහා විද්‍යාලය අවසන් වී කඩි රැලක් මෙන් ළමුන් දුව විත් බසයට ගොඩවිය. පුද්ගලික බසය ළමුන්ගෙන් පිරී ගියේ ලංකාවේ මගී ප්‍රවාහන සේවාවේ තරම කියාපාමිණි.
ඇයි ඔයාලට සීසන් නැද්ද..?
එක් ශිෂ්‍යාවකගෙන් මම විමසුවෙමි
නෑ තියනවා… ඇයි එහෙනන් මේ බස්වල යන්නේ..?
මේ දවස් ටිකේම මේ වෙලාවට යන ලංගම බස් එක එන්නේ නෑ. ඒ හිංදා මේ බස්වල තමයි යන්නෙ. ඈ මට පිළිතුරු දුන්නා.
වෙල්ලස්සේ උදානය තුළින් මේ ප්‍රදේශවල අලුත් බස් නැවතුම් පොළවල් ඉදිවිය. ඒවා වඩා නවීනත්වයෙන් ඉදි කර ඇති බව පෙනෙන්ට විය. සමහර බස් නැවතුම් පොළවල් විවෘත කරන ලද්දේ රාත්‍රි සංගීත සංදර්ශණ ද පවත්වමිණි. ඒවාට විශාල ලෙස මුදල් ද වැය කොට තිබිණ. නමුත් උදානයක …
October 30, 2007 at 11:54 am · Categories: සිංහල, Badulla, Corruption, Economic issues | by Vikalpa_N
බණ්ඩාරවෙල නගර සභාවේ පොදු වැසිකිළි භාවිතයේදී වැසිකිළි යාමට රුපියල් 10 ක්ද, සුළුදිය දැමීමට රුපියල් 5 ක්ද අය කෙරේ. නමුත් මේ ගණන් අය කරන බවට නගර සභාව විසින් සනාථ කොට ඇති දැන්වීමක් කිසිතැනෙක අලවා නැත.
නගරයට පැමිණෙන අය මේ ගසාකෑම ගැන දෙස් දෙවොල් තබති. බදුල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන බදුල්ලේ මහ නගර සභාව පොදු වැසිකිළි සදහා අය කරන්නේ මීට වඩා අඩු මුදලකි. එනම් වැසිකිළි යෑමට රුපියල් 7ක් සහ සුළුදිය දැමීමට රුපියල් 3ක් වශයෙනි. සෑම වැසිකිළියකම අලවා ඇති නගර සභාවේ නිල දැන්වීමකින් මේ මිග ගණන් අනුමත කොට ඇත.
බණ්ඩාරවෙල නගර සභාවට බදුල්ල නගර සභාවෙන් ආදර්ශයක් ගැනීමට බැරි ඇයිදැයි නගරයට පැමිණෙන ජනතාව ප්‍රශ්න කරති.
සිරිල් සෙනෙවිරත්න
හල්දුම්මුල්ල
September 16, 2007 at 7:45 am · Categories: Colombo, සිංහල, Corruption, Life quips | by Vikalpa Admin
පුරවැසි සටහන්
අහවල් රෝහලේ ඔසුසළක් තියෙනවා. රෝගීන් මුදල් දී ඖෂධ ගත යුත්තේ එතැනින්. නමුත් ඔසුසළේ අක්ෂි කාච විකුනන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා (නමක් දිනූ අයෙක්) සිය ඥාතියකු හරහා ඒ ලඟම පාමාසියක් පවත්වා ගෙන යනවා. ඔහු සියළු රෝගීන්ට කාච ගැනීමට ලියන්නේ එතැනින්. එහි කාචයක මිල ඔසුසලට වඩා රුපියල් 3000ක් විතර වැඩි යි. සාමාන්‍යයෙන් දවසකට රෝගීන් 40 දෙනෛකගේ පමණ අක්ෂි ශල්‍ය කර්ම කෙරෙනවා එම රෝහලේ. සතියට දවස් හතරයි ශල්‍ය කර්ම කෙරෙන්නේ. එතකොට 160යි.
ඉන් 60 දෙනෙකුම ආණ්ඩුවේ හෝ වෙනත් ආයතනයක අය යැයි සිතමු. ඔවුන්ට ආයතනයෙන් කාච ලබා දෙනවා. ඉතිරි සියදෙනාගෙන් ශ=ද්ධ ලාබය 3000 X 100 = 300,000. ඒ කියන්නේ සතියකට ලක්ෂ 3යි.
ඔය කතා මට ඇහුනේ වාහනයක දී. දන්නා කියන දෙතුන් දෙනෙක් බර කතාවක වැටිල උන්නා. කතා ඇතිවුනේ නම් ගම් ඇතිව. ඒත් …
September 11, 2007 at 10:34 am · Categories: Colombo, English, Governance, Democracy, Corruption, Life quips, Economic issues | by Vikalpa Admin
Dear Mihin Uncle,
Mihin air, Mihin cost of living, Mihin law, Mihin entourage and Mihin war are making people’s life miserable.
The 25 year old war is an earning for few people who attach to my uncles regime. War may create wounds in the minds of civilians specially Tamils. Before my uncle became the leader neither support nor against the any issue regarding the ethnic conflict. I feel this is a tactic.
Now the cat is out of the sack. People of North East are suffering. People of South getting familiar with barralism this was first reappeared in 1988 and 1989 period. The barralism symbolizes the rising of abductions, extrajudicial killings disappearances and torture in almost all parts of the country.
…