Archive for Eastern Elections
March 21, 2008 at 7:01 pm · Categories: Peace and reconciliation, සිංහල, IDPs and refugees, Eastern Elections | by Vikalpa_R
වාකනේරි යනු පසුගිය වසර 20 පුරාවට එල්ටීටීඊ පාලනය යටතේ පැවැති මඩකලපුව දිස්ත්‍රික්යට අයිති ප්‍රදේශයකි. එහි වැසියන් පසුගිය විසිවසර පුරාවටම ජීවත්වූයේ අවම වරප්‍රසාද සහිතවයි. ඔවුන්ට රෝහල් ,පාසැල්, මංමාවත් වැනි මූලික පහසුකම් නොතිබුනි. මාරනාසන්න රෝගියෙකු උව ඔවුන් මඩකළපුවට රැගෙන ආයුතුය. බොහෝ රෝගීන් එන අතර මගදි මරණය වැළඳ ගැනීම සාමාන්‍ය සිදුවීමකි. මේ ප්‍රදේශයේ පාසැල් ක්‍රියාත්මක නොවු නිසා දරුවන් පාසැල් නොගියාය. පසුගිය විසිවසර පුරාවටම කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකොට නොමැති අතර දරුවන් මෙන් ම වැඩිහිටියන් ද මන්ද පොෂණ තත්ත්වයෙන් පසුවේ. පසුගිය කාලයේ සිදුකළ තොප්පිගල මුදාගැනීමේ මෙහෙයුම් වලදී යුධ අනාතයන් ලෙස මෙම ප්‍රදේශයේ ජනයා මඩකළපුවට පැමිණියය. පසුව ඔවුනව පුනානි ප්‍රදේශයේ තාවකාලික කුඩාරම් වල රැදවු අතර මේවන විටත් ඔවුන් රැදිසිටින්නේ එම තාවකාලික කුඩාරම් වලයි.
ඉහත …
March 7, 2008 at 4:26 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Eastern Elections | by Vikalpa_R

සටහන සහ ඡායාරූප - සුනන්ද දේශප්‍රිය
15දා උදෑසන නමයට එන්න, සිවිල් සංවිධාන රුස්වීම, එතනදි හැමෝම හමුවෙන්න පුලුවන්. එහෙම උපදෙස් දුන්නෙ සදීක්. වෑන් එකෙන් බහින කොටම මඟ හරස් වුණ තලතුනා වයසෙ පාපැදිකරුවෙක් නතර වුණා. ඒ පළමුවැන්නා: “සුනන්ද දේශප්‍රිය නේද? මගේ නම අහන්න එපා. ඡන්ද වැටෙවි. බලෙන් ඉල්ලන අයත් ඉන්නවනෙ. ඒත් ඡන්දයක් අපට දැන් අවශ්‍ය නෑ. ” ඒ කෙටි උත්තර.
මේ දෙවැන්නා කළක් දන්නා මාධ්‍යවේදියෙක් ශාලාව ඇතුළට යන ගමන්. “ඡන්දය බොරුවක්. සියයට 35- 40 ක් ඕන නම් ඡන්දය දේවි. ටීඑම්වීපි යට ආයුධ තියෙනවා. ඒත් ඇපල් කණ්ඩායමට වාසි වැඩියි. ඒත් දෙමළ මුස්ලිම් මිශ්‍ර ප්‍රදේශවල ටීඑම්වීපියට වාසි වැඩිවේවි. මුස්ලිම් ඡන්ද කොන්ග්‍රසයට යාවි. පසුගිය මාසෙ උදලු 10,000 ක් බෙදල දුන්නා. කොවිල් වලට රු.15,000 ගානෙ දුන්නා. …
March 6, 2008 at 10:28 pm · Categories: Peace and reconciliation, සිංහල, Governance, Eastern Elections | by Vikalpa_R
- ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් ක්‍රිශ්නානන්දරාජා
මඩකළපු ප්‍රධාන අපේක්ෂක ( ටීඑම්වීපී -පොදු පෙරමුණ)
ජන්දයක් මඩකළපුවට එපා කියන්නේ කව්ද? අපට අව්රුදු විස්සක් ජන්දයක් තිබුනේ නැහැ. මඩකළපුවේ අනෙක් ප්‍රදේශවල පළාත් පාලන ජන්ද තිබුනා. දැන් දිස්ත්‍රික්කයම නිදහස්. පාලනය ආණ්ඩුව අතේ. වාකරේ නැවත පදිංචි කිරීම් අවසන්. පෝරතිව් වැනි ප්‍රදේශ වල තවම අවසන් නැහැ. එරාවුර් පත්තුවේ 8000 ඉන්නවා පදිංචි කරන්න.
මේ ජනයා ඡන්දයට කැමතියි. 10 වෙනිදට ඇවිත් ඒ බව බලාගන්න. මැතිවරණ නිරීක්ෂනයට එන්න. අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. අපේ ළඟ ආයුධ නෑ. ඒවා මාසයකට කලින් කැලේ හැංගුවා. අපට ආරක්ෂාව ලබා දෙන්නෙ පොලීසියෙන්.
අපි ආයුධ සංස්කෘතියෙන් කැඩෙන්න කැමැතියි. ඒත් එල්ටීටීඊ ය ප්‍රහාර දෙන නිසා ආයුධ නැතිව කොහොම ද ආරක්ෂාව ලබා ගන්නෙ. පොලිස් ආරක්ෂාව අපේක්ෂකයින්ට ප්‍රමාණවත්. නමුත් සංවිධානෙට?
මේ ඡන්දයට …
March 6, 2008 at 10:17 pm · Categories: Peace and reconciliation, සිංහල, Governance, Eastern Elections | by Vikalpa_R
රාසයියා තුරෙයිරත්නම් ( ඊපීආර්එල්එෆ් පත්මනාභා පාර්ශවය)
අපි දේශපාලනේ පටන් ගත්තේ පාසැලෙන්. මං බැදුනේ ඊළාම් පොදු ශිෂ්‍ය ව්‍යාපාරයට 1978 දී. ඒ වැඩ වලට රෝනියෝ මැෂින් එකක් උස්සන්න වුණා. ඒක එළි දරව් වුනා. හැංගෙන්න වුනා. පුහුණුවට ගියා කින්යාවෙ. ඊපීආර්එල්එෆ් නායකයො හැමොම පුහුණු වුනේ එහේ. එදා ඉදළ ව්‍යාපාරෙ. මං මේ කතාව කියන්නෙ මේකයි. මේ ඉතිහාසයම අයුධ සංස්කෘතියේ ඉතිහාසයක්.
83 තමයි මඩකළපුවේ සන්නද්ධ සංවිධාන ආරම්භය. එදා ඉදළ අද දක්වා තියෙන්නෙ ආයුධ සංස්කෘතියක්. 83- 86 දක්වා දෙමළ සංවිධාන සහ මුස්ලිම් ග්‍රාමාරක්ෂකයින් ගහගත්තා. එදා ත්‍රිවිධ හමුදාවම අනුගමනය කළේ දෙමළ ජනයා පිඩාවට පත් කිරීමේ පිළිවෙතක්. ග්‍රාමාරක්ෂකයින්ට සහාය දුන්නේ ඔවුන්. ඒක මැරවර යුද්ධයක්. රාජ්‍ය යන්ත්‍රය සීමා රහිතව වැඩ කළේ.
1986 දී එල්ටීටිඊ ය සහෝදර ඝාතක යුද්ධය පටන් ගත්ත. එතකොට අපි දෙගොල්ලො මරා …
March 6, 2008 at 9:38 pm · Categories: Peace and reconciliation, සිංහල, Governance, Eastern Elections | by Vikalpa_R
බෙනඩික්ට් තනබාලසිංහම් (ප්ලොට්)
මේ වෙලේ මොකටද ඡන්දයක්. තවම ආයුධ සංස්කෘතිය ඉවර වෙලා නෑනෙ. මඩකළපු නගරෙ නම් ආයුධ ගත්ත අය නෑ. ඒත ටිකක් එහාට යන්න ඕන බලන්න. තුරෙයි නිලාවලි, කලවංචිකුඩි අපේ කාර්‍යාලවලට ආයුධ ගත්ත ටීඑම්වීපී පිරිස් ඇවිත් තර්ජනය කරා. පැමිණිළි දාල තියෙන්නෙ. බලහත්කාරය යොදවන ටීඑම්වීපී ප්‍රධානීන් ගැනත් අපි පොලිසියට කියළ තියෙන්නේ. නමුත් පොලීසිය උනන්දු නෑ. ඔවුන් ජනයාට කියන්නෙ අපට ජන්දෙ නොදුන්නොත් වැඩ වරදියි කියළ. නාවක්කුඩාවල ගෙවල් බින්දෙ ආයුධ සන්නද්ධ පිරිස්. පොලීසිය අහක බලාගෙන ඉන්නෙ. අන්තිමේදි මිනිස්සු අල්ලල දුන්න.
පොදු පෙරමුණයි ටීඑම්වීපී යයි කියනවා කොහොම හරි දිනනවා කියළ. ප්‍රශ්නෙ ඒකයි. ටීඑම්වීපී ය ඉන්නේ ආණ්ඩුවේ හමුදාව සමඟ. එක් ප්‍රසිද්ධ රහසක්නෙ. යුද්ධ ප්‍රධානින් ටීඑම්වීපී යට කිට්ටුයි. අපේ අපේක්ෂකයින්ට එහෙම තත්ත්වයක් නෑ. කළවංචිකුඩියේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය උනා …
March 3, 2008 at 10:16 pm · Categories: Peace and reconciliation, සිංහල, Life quips, Eastern Elections | by Vikalpa_R
නැගෙනහිර පළාතේ මඩකළපුව නගර සභාව සහා ප්‍රාදේශිය සභා 8ක් සඳහා වූ පළාත් පාලන මැතිවරණයට දින නියම වී තිබේ.එය මාර්තු 10 වැනිඳා පැවැත්වීමට නියමිතය. මේ දිනවල එහි මැතිවරණ උනුසුම ක්‍රමයෙන් නැගෙමින් තිබේ. මැතිවරණයට තරඟ වඳින ප්‍රධාන පාර්ශවයක් වන්නේ ‛‛තමිල් මක්කල් විඩුදලේ පුලිගල්’’ හෙවත්‛ දෙමළ ජනතා විමුක්ති කොටි ’’ (TMVP) සංවිධානයයි. එය එල්ටීටීඊ සංවිධානයෙන් කැඩීගිය කරුණා පාර්ශවයට අයත් එකකි. එය එහි හැඳින්වෙන්නේ ටී.එම්.වී.පී යන කෙටි නමිනි. මේ දිනවල මැතිවරණය සහා එම සංවිධානයේ අපේක්ෂකයින් සම්බන්ධ කතා රැසක් මඩකළපුව ප්‍රදේශයේ ජනතාව අතර තිබේ මේ ඉන් කිහිපයකි.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වෙද්දී ටී.එම්.වී.පී සංවිධානයට සිවිල් ජනතාව අතර පුළුල් දේශපාලන සංවිධානයක් තිබුණේ නැත. ඒනිසා ඔවුනට මැතිවරණයකට තරග කිරීම සඳහා දේශපාලන සංවිධානයක් හදා ගැනීමට සිදුවිය. ඔවුන් එහිදි මුලින්ම මඩකළපුව නගර සභාව සඳහා පොදු කණ්ඩායමක් ලෙස තරගයට ඉදිරිපත්වීමට …
March 3, 2008 at 5:11 pm · Categories: සිංහල, Life quips, Eastern Elections | by Vikalpa_R

වෙලාව හරියට ම දහවල් 1.10 යි. මද්දහනේ ඉර අව්ව එච්චර තදින් ම දැනෙන්නෙ නැහැ. උදේ ඉදන් තියෙන වැහි පොද නිසා වෙන්න ඇති. ඇඟට දැනෙන්නෙ හරිම සෞම්‍ය ගතියක්. නගරය මැද්දට උදේට වඩා සෙනඟ ඇවිදින්. ටිකක් කලබලකාරියි. වෙළඳ සැල් වල සෙනඟත් අඩුවක් නැහැ. ස්කූටර් වල නැඟුණු තරුණියන් නිතරම එහෙ මෙහෙ යනවා. හමුදා භටයනුත් පොලිස් නිලධාරිනු ත් තැනින් තැන රාජකාරි වල නිරත වෙනවා. පුංචි පුංචි ඡන්ද පෝ්ස්ටර් නගරය පුරා ම ඇලවිලා. වැඩිය ලොකු නැති වුනත් ‛‛ඡන්ද කටවුට්’’ එහෙමත් තැනින් තැන තියෙනවා. නගරය ඒ විදියට කලබලකාරි වුණත් ‛‛සින්දු කියන මාළුන්’’ ඉන්න කලපුව කල්අඩි පාලමට යටින් තවමත් නිසොල්මනේ බලාගෙන ඉන්නවා.
මඩකලපුව, ඇත්තට හරිම පුදුමයි. අපි කොළඹ ඉදන් යන්න බයයි කියන මඩකලපුවම ද මේ ? කිසිම ප්‍රශ්නයක් පෙනෙන්න නෑ. හරිම …
February 22, 2008 at 3:56 pm · Categories: Peace and reconciliation, සිංහල, Human Security, Eastern Elections | by Vikalpa_R
மேலிடத்து உத்தரவை மீறமாட்டோம்.
நடுத்தர குடும்பத்தைச் சேர்ந்த ஒருவர் ஆட்டேர செலுத்தி அதில் கிடைக்கும் பணத்தைக் கொண்டுதான் தனது குடும்பத்தை கொண்டுசெல்கிறார். காலையில் ஆட்டேர ஓடி உழைத்தால்தான் அன்று வீட்டில் அடுப்பு எரியும் நிலை.
இந்த நிலையில்‚ இவருக்கும் பெருமளவு பணம் சம்பாதிக்க ஆசை ஏற்பட்டுவிட்டது போலும். பெருமளவு பணம் என்றால் வேறு என்ன அரசியலில்தான். கொழும்பில் ஆட்டேர செலுத்திக்கொண்டிருந்த இம்தியாஸ் என்பவர் தேர்தலில் போட்டியிட்டு தற்போது கொழும்பு மாநகர சபையின் மேயராக பதவி வகித்துவருகின்றமை இவருக்கு தெரிந்துவிட்டது போல். இதனால்‚ அவருக்கும் ஒரு அவா. மட்டக்களப்பு உள்ளுராட்சித் தேர்தல் இடம்பெறவிருக்கும் நிலையில் அவர் போட்டியிட முன்வந்துள்ளார். வேட்புமனுவும் தாக்கல் செய்துவிட்டார்.
தேர்தலில் போட்டியிடும் வேட்பாளர்களுக்கு அச்சுறுத்தல் அதிகரித்திருப்பதனால் அரசினால் பாதுகாப்புக்காக இரண்டு பொலிஸார் வீதம் வழங்க தீர்மானக்கப்பட்டது. தற்போது இந்த நபருக்கும் பாதுகாப்புக்காக இரண்டு பொலிஸார்.
ஆட்டேர செலுத்தினால்தான் வீட்டில் அடுப்பு எரியும் என்ற நிலையில் காலையில் வேலைக்காக ஆட்டோவை எடுத்தவுடன் இந்த இரண்டு பொலிஸாரும் அதில் ஏறி உட்கார்ந்துவிடுவார்களாம். எங்கு சென்றாலும் பின்னால் அவர்கள்‚ பாதுகாப்புக்கா. இதனால்‚ எவரும் ஆட்டோவில் ஏறுவதில்லையாம். …
« Previous entries ·