Archive for Economic issues
April 2, 2008 at 3:01 pm · Categories: සිංහල, Matale, Life quips, Economic issues | by Vikalpa_R
December 28, 2007 at 10:40 am · Categories: Colombo, සිංහල, Life quips, Economic issues, Human Security | by Vikalpa_R
කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ.
කොළඹ නගර සභාවේ නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි මහතා පවසන පරිදි කොළඹ නගරය තුළ ආහාර පාන අලෙවි සැල් 1115 ප්‍රමානයක් තිබුනද එයින් කොළඹ නගර සභාවේ ලියාපදිංචි වී ඇත්තේ 782 පමණක්බවයි. ලියාපදිංචි වූ හා නොවූ සියලු ආහාර පාන වෙළඳ සැල් මෙම සමීක්ෂණයට භාජනය කළ අතර එයින් 90% ක්ම ප්‍රමිතියෙන් තොර අපිරිසිදු තත්වයේ පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී ඇත. අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය වෙළද සැල් අතරින් 448 කට මේවන විට නීති මගින් කටයුතු කර දඩ නියම කර ඇතිබවත් අනෙක් පිරිසටත් ලඟදීම …
December 21, 2007 at 2:45 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Corruption, Economic issues | by Vikalpa_R

හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන සිතන්නේ ඇයි ද කියා ය.
පළමුවෙන් ම කිව යුත්තේ බජිරි දැන් සහල්වලට වඩා මිල බව යි. සහල් කිලෝවක් රුපියල් 50- 60 අතර වන අද බජිරි කිලෝවක මිල රුපියල් 90 -110ත් අතර වේ. එය අතුරු කතාවකි. දැන් කතාවට යමු.
හෙළ උරුමය යනු මෙම ආණ්ඩුවේ ලොකු කකුලකි. ඇත්තටම කියනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එක් ප්‍රධාන පෙලේ උපදේශකවරයකු වන්නේ හෙළ උරුම නායක චම්පික රණවක මහතා ය.
ඒ ටික ලීවේ සමිකරණයේ මුල් කොටස තේරුම් ගැනීම පිණිස ය. එනම් මෙරට ජනතාවට බඩ ගැන නොහිතා ආණ්ඩුවට සහාය දෙන්නැයි …
December 8, 2007 at 6:48 pm · Categories: Colombo, සිංහල, Economic issues, Human Security | by Vikalpa_R
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලිය නැරඔම සදහා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ජාතික ක්‍රිකට් ලෝලීන් අතරින් පස් දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටිති.
දෙදෙනෙක් රෝහල් ගතව සිටින්නේ ශ්‍රී ලාංකික නරඔන්නකුගේ උණුසුම් ගුටි ප්‍රහාරයකට ගොදුරු වීමෙනි. අනෙක් තිදෙනා රෝහල් ගතව සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ වහලයේ ටකරන් ගැලවී හිස මත වැටීමෙනි. (වාසනාවකට බෙල්ල බේරී ඇත.)
අප දන්නා පරිදි විදේශික සංචාරකයන් ගෙන්වා ගැනීමට මේ දවස් වල ලංකාව දරන්නේ පුදුම වෙහෙසකි.
බිම බැලුවොත් බිම් බෝම්බ පුපුරණ, උඩ බැලුවොත් නාදුනන ගුවන් යානා සැරිසරන, පාර දිගේ ගිනි අවි දරාගත් යුධ සෙබලුන් සහිත මුර කපොළු ඉදිවී තිබෙන, දෙනෝ දාහක් පොදිකන වෙළදසල් ඉදිරිපිට බෝම්බ පුපුරන, මෙහෙව් රටකට එන සංචාරකයන් සැබවින්ම සංචාරකයන් ලෙස නොව මෙරට ඉතිහාසයේ වීරයන් ලෙස ලියැවීමට තරම් …
November 28, 2007 at 12:23 pm · Categories: සිංහල, Badulla, Economic issues | by Vikalpa_N
බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශවල වෙළදුන් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගෙන ඇත.
උපරිම සිල්ලර මිල සටහන් මත වැඩි මිල සදහන් ලේබල් අලවා මේ ව්‍යාපාරය ගෙන යන අතර මේ ගැන සෙවීමට බදුල්ල මිල පාලන අංශය යොමු නොවිම පිළිබදව ගම්වාසීහු විමතිය පළ කරති.
හාල්, මිරිස්, සීනි, පිටි, පරිප්පු වැනි භාණ්ඩ වල මිල ද කිසිම වෙළද සැලක සටහන් කර නොමැත. පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගෙන මුදල් ගෙවන තුරු වෙළදුන් මිල කීමට මැලිවෙන බවද පැවසේ.
ගම්බද වෙළදසැල් වහාම පරීක්ෂාකර කූට වෙළදුන්ට දඩුවම් දීමට මිල පාලන නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
සී. සෙනෙවිරත්න
November 24, 2007 at 5:00 pm · Categories: Colombo, සිංහල, Governance, Economic issues | by Janith Vipulaguna
අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ උද්‍යෝගය තියුණු කිරිමට හේතු විය. අය-වැය දෙ වන හා තෙ වන වර කියවීමෙන් පසු ඡුන්ද විමසීම් ආණ්ඩුවේ ආයු කාලය තීරණය කිරීමට සමත් වීම එහි ඇති වැදගත්කම යි. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන තීරණාත්මක සාධක කිහිපයක් නිර්මාණය වී තිබීම අය-වැය ඡුන්ද විමසීම තුළ ජුගුප්සාජනක බවක් ද ඇති කර තිබුණි. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ නිතැතින් ම සුවිශේෂී විය.
ජනතා විමුක්ති පෙරමුණ රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවා ලෙස මන්ත‍්‍රී ධූර 37 කට හිමිකම් කීම පමණක් නොව, ජනතාව මත බර පැටවෙන අය - වැයක් ඉදිරියේ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නඟන්නේ කෙසේ ද යන්න පිළිබඳ උගතෝකෝටිකයක් නිර්මාණය වී …
November 13, 2007 at 4:03 pm · Categories: Colombo, සිංහල, Governance, Economic issues | by Vikalpa_R
පසුගිය 7වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ 5 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.සාමාන්‍ය ජනතාව ඒ පිළිබදව දැක් වු අදහස් ඉහත විඩියෝ පටයෙන් දැක්වෙයි.
·
Next entries »