Archive for Economic issues
December 8, 2007 at 6:48 pm · Categories: Colombo, සිංහල, Economic issues, Human Security | by Vikalpa_R
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලිය නැරඔම සදහා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ජාතික ක්‍රිකට් ලෝලීන් අතරින් පස් දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටිති.
දෙදෙනෙක් රෝහල් ගතව සිටින්නේ ශ්‍රී ලාංකික නරඔන්නකුගේ උණුසුම් ගුටි ප්‍රහාරයකට ගොදුරු වීමෙනි. අනෙක් තිදෙනා රෝහල් ගතව සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ වහලයේ ටකරන් ගැලවී හිස මත වැටීමෙනි. (වාසනාවකට බෙල්ල බේරී ඇත.)
අප දන්නා පරිදි විදේශික සංචාරකයන් ගෙන්වා ගැනීමට මේ දවස් වල ලංකාව දරන්නේ පුදුම වෙහෙසකි.
බිම බැලුවොත් බිම් බෝම්බ පුපුරණ, උඩ බැලුවොත් නාදුනන ගුවන් යානා සැරිසරන, පාර දිගේ ගිනි අවි දරාගත් යුධ සෙබලුන් සහිත මුර කපොළු ඉදිවී තිබෙන, දෙනෝ දාහක් පොදිකන වෙළදසල් ඉදිරිපිට බෝම්බ පුපුරන, මෙහෙව් රටකට එන සංචාරකයන් සැබවින්ම සංචාරකයන් ලෙස නොව මෙරට ඉතිහාසයේ වීරයන් ලෙස ලියැවීමට තරම් …
November 28, 2007 at 12:23 pm · Categories: සිංහල, Badulla, Economic issues | by Vikalpa_N
බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශවල වෙළදුන් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගෙන ඇත.
උපරිම සිල්ලර මිල සටහන් මත වැඩි මිල සදහන් ලේබල් අලවා මේ ව්‍යාපාරය ගෙන යන අතර මේ ගැන සෙවීමට බදුල්ල මිල පාලන අංශය යොමු නොවිම පිළිබදව ගම්වාසීහු විමතිය පළ කරති.
හාල්, මිරිස්, සීනි, පිටි, පරිප්පු වැනි භාණ්ඩ වල මිල ද කිසිම වෙළද සැලක සටහන් කර නොමැත. පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගෙන මුදල් ගෙවන තුරු වෙළදුන් මිල කීමට මැලිවෙන බවද පැවසේ.
ගම්බද වෙළදසැල් වහාම පරීක්ෂාකර කූට වෙළදුන්ට දඩුවම් දීමට මිල පාලන නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
සී. සෙනෙවිරත්න
November 24, 2007 at 5:00 pm · Categories: Colombo, සිංහල, Governance, Economic issues | by Janith Vipulaguna
අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ උද්‍යෝගය තියුණු කිරිමට හේතු විය. අය-වැය දෙ වන හා තෙ වන වර කියවීමෙන් පසු ඡුන්ද විමසීම් ආණ්ඩුවේ ආයු කාලය තීරණය කිරීමට සමත් වීම එහි ඇති වැදගත්කම යි. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන තීරණාත්මක සාධක කිහිපයක් නිර්මාණය වී තිබීම අය-වැය ඡුන්ද විමසීම තුළ ජුගුප්සාජනක බවක් ද ඇති කර තිබුණි. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ නිතැතින් ම සුවිශේෂී විය.
ජනතා විමුක්ති පෙරමුණ රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවා ලෙස මන්ත‍්‍රී ධූර 37 කට හිමිකම් කීම පමණක් නොව, ජනතාව මත බර පැටවෙන අය - වැයක් ඉදිරියේ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නඟන්නේ කෙසේ ද යන්න පිළිබඳ උගතෝකෝටිකයක් නිර්මාණය වී …
November 13, 2007 at 4:03 pm · Categories: Colombo, සිංහල, Governance, Economic issues | by Vikalpa_R
පසුගිය 7වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ 5 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.සාමාන්‍ය ජනතාව ඒ පිළිබදව දැක් වු අදහස් ඉහත විඩියෝ පටයෙන් දැක්වෙයි.
November 9, 2007 at 3:42 pm · Categories: Districts, සිංහල, Puttalam, Democracy, Economic issues | by Vikalpa_R
මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය කළ යුතුය. 1990 දශකයේ සිට බලයට පැමිණි විවිධ රජයයන් විසින් සෑදීමට උත්සාහ ගනිමින්, පසුව අතහැර දමමින් පැවති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කෙසේ හෝ ඉදි කිරීමට කැස කවන රජය ඒ සඳහා ගත හැකි සියලු පියවර ගනිමින් සිටි.
පැවති රජයයන් සියල්ල අභිබවා යන දැවැන්ත මර්දනයක් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කරවමින්, සියලුම රාජ්‍ය බලයයන් යොදවමින් කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරිමේ උත්සාහයක රජය මේ වන විට යෙදී සිටි. තමන්ගේ ඉඩම්, ජීවිකාවන් හා ගම්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා වසර 10 කට අධික කාලයක් පුරා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ ජනතාව ගෙන ගිය අරගලය …
November 1, 2007 at 4:01 pm · Categories: සිංහල, Moneragala, Life quips, Economic issues | by Vikalpa_R

දසත පැතිරෙන ඝන අඳුරය. අඳුරු මේඝවලා පිරිවරා සිටි අහස් කුස ගොලුව වේදනාවෙන් දුක දරා සිටින්නාක් මෙනි. හඳපානාගල වැව් තාවුල්ලේ සිට පෙරදා මා වින්දනය කළ සඳ තරු පිරි අහසෙහි සුන්දරත්වය සොරා ගත්තේ කවුරුන්ද..? වැව් ඉස්මත්තේ සිටින මගේ හදවත යම් අඳුරකින් පිරී ඇතැයි මට දැනේ. මී විත දෙතොළ තැවරෙන විට වෙනදා මුවින් නැගෙන ගී පද, කවි සිතිවිලි සිතට නොනැගෙයි. හඳපානාගල වැව් ඉසමත්තේ වල් අලියෙකුට දැමූ වෙඩිල්ලකින් මා සිත අවදිවේ.
බිම්බරක් සෙනඟ ගැවසුනු
චන්ද්‍ර සූර්‍යයා ඉපදුනු
රම්‍ය භූමියේ මනරම්
මාළිගාව කෝ…
සොදුරු මිනිසෙක් වූ ගුණදාස කපුගේ සහෘදයාණන්ගේ ඒ ගීතය පුංචි සහනයක් වෙමින් මා සිත වෙලා ගනියි. මීට වසර කීපයකට පෙර වෙල්ලස්ස බහුජාතික සමාගම්වල යකඩ සපත්තුවෙන් මෙහි ගොවීන් සහ ඉඩම් බේරා ගැනීම සදහා ඔහු ඇතුලු සොදුරු මිනිසුන් එක් වූ සැටි …
October 30, 2007 at 11:54 am · Categories: සිංහල, Badulla, Corruption, Economic issues | by Vikalpa_N
බණ්ඩාරවෙල නගර සභාවේ පොදු වැසිකිළි භාවිතයේදී වැසිකිළි යාමට රුපියල් 10 ක්ද, සුළුදිය දැමීමට රුපියල් 5 ක්ද අය කෙරේ. නමුත් මේ ගණන් අය කරන බවට නගර සභාව විසින් සනාථ කොට ඇති දැන්වීමක් කිසිතැනෙක අලවා නැත.
නගරයට පැමිණෙන අය මේ ගසාකෑම ගැන දෙස් දෙවොල් තබති. බදුල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන බදුල්ලේ මහ නගර සභාව පොදු වැසිකිළි සදහා අය කරන්නේ මීට වඩා අඩු මුදලකි. එනම් වැසිකිළි යෑමට රුපියල් 7ක් සහ සුළුදිය දැමීමට රුපියල් 3ක් වශයෙනි. සෑම වැසිකිළියකම අලවා ඇති නගර සභාවේ නිල දැන්වීමකින් මේ මිග ගණන් අනුමත කොට ඇත.
බණ්ඩාරවෙල නගර සභාවට බදුල්ල නගර සභාවෙන් ආදර්ශයක් ගැනීමට බැරි ඇයිදැයි නගරයට පැමිණෙන ජනතාව ප්‍රශ්න කරති.
සිරිල් සෙනෙවිරත්න
හල්දුම්මුල්ල
September 27, 2007 at 3:47 pm · Categories: සිංහල, Gampaha, Economic issues | by Vikalpa_N
මීගමුව තලාදුව ග්‍රාමසේවක කොට්ටාශයේ පිහිටි කඩොල්කැලේ ප්‍රදේශයේ කලපුව අසල බිම් කොටසේ වැවී තිබෙන කඩොලාන ශාඛ විනාශ කර පස් පුරවා නිවාස ඉදිකිරීමට විරුද්ධව කඩොල්කැලේ ග්‍රාමවාසීහු නැගීසිටිති.
සුනාමි ව්‍යසනයේදී කඩොල්කැලේ ප්‍රදේශයට මෙම කඩොලාන ශාඛ නිසා මුහුදු වතුර ඇතුල්වුණේ නැත. කඩොල්කැලේ ග්‍රාමවාසින්ට මේ නිසා කිසිම ජීවිත හානියක් සිදුවී නැත. ඒ වගේම එම ජනතාවගේ නිවාස වලටත් කිසිම හානියක් සිදුවී නැත. කඩොල්කැලේ ගම සුනාමි ව්‍යසනයෙන් හානියට පත් නොවීමට ආධාර වු කඩොලාන ශාඛ විනාශ කිරීම අපරාදයක් බව ග්‍රාමවාසීහු පවසති.
මෙම ප්‍රදේශයේ අක්කර 9ක කඩොලාන ශාඛ වැවී ඇත. සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ ජනතාවට ගෙවල් ඉදිකිරීමට මෙම ප්‍රදේශය තෝරාගෙන ඇත. කඩොල්කැලේ ග්‍රාමයේ තරුණයක් මේ ගැන කරුණු පැහැදිලි කරයි.
සුනාමි ව්‍යසනයේදී කඩොල්කැලේ ග්‍රාමවාසීන්ගේ ජීවිත හා ගෙවල් බේරුණේ මෙම කඩොලාන ශාඛ නිසයි. දැන් සුනාමියෙන් …
« Previous entries ·
Next entries »