vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Gender

ඇයව සිය වතාවක් කෙළෙසීම

මොනාලි මගේ යෙහෙළියකි. පෙබරවාරි 20 දා ඇය මගේ දොරකඩට පැමිණියාය. දොරකඩම සිටගෙන බිඳුණු හඬින් ඇය මුහුණ පෑ බිහිසුණූ අත්දැකීම විස්තර කළාය.

’‛මං දන්න අඳුනන කොල්ලෙක් මාව රේප් කරලා ගියා අක්කෙ..’’

සිද්ධිය සිදු වී ඇත්තේ එදින සවස 5.30 ට පමණය. ඇය මා හමුවීමට පැමිණියේ රාත්‍රී 7. 30ට පමණය. හැකි ඉක්මනින් පොලීසිය වෙත යාමට අපි තීරණය කළෙමු. මගේ තවත් යෙහෙළියක සමග ළඟම ඇති පොලිස් ස්ථානය වෙත අප යන විට වේලාව රාත්‍රී 9.00ට පමණය.

මොනාලි දෙදරු මවකි. පුරුෂයාගේ අඩන්තේට්ටම් ඉවසිය නොහැකි වූ ඈ දරුවන් සමග කුලී ගෙදරක තනිව ජීවත් වෙයි.

අප එහි යනවිට පැමිණිලි කාමරය තුළ පොලිස් නිලධාරීහු හතර දෙනෙක් රාජකාරියේ නිරතව සිටියහ. සාජන් මහතා අප ආ කාරණය විමසීය. කාන්තා පොලිස් අංශයක් තිබේදැයි අපි ඇසුවෙමු. ‛‛රෑට ඒගොල්ලො නෑ’’ අපට …

කමලාන් පිහෙල් ලියනගේ වජිරා වූවාය…!

ඇගේ දෙමාපියන් ඇයට තබපු නම මාරිමුත්තු කමලාන්පිහෙල්. එහෙත් කවුරුත් දැන් ඇයව හඳුනන්නෙ ලියනගේ වජිරා කියායි. වැන්දඹුවක් වු ලියනගේ වජිරා තරුණ දූවරු දෙදෙනෙකු සිටින තරුණ මවක්. ඇගේ ලොකු දුවගෙ වයස අවුරුදු 16 කි දෙවැනි දුවගෙ වයස අවුරුදු 14කි ඇයගේ වයස අවුරුදු 34 කි. ඇයට ස්තීර රැකියාවක් හො ආදායම් මාර්ගයක් ඇත්තේ නැත. දැනට ඇය ඉන්නේ මඩකළපුව මංගලාරාමයේ. එහි එළවළු කොටුව වැවිම,වතුර දැමීම,පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම, ඉවුම් පහුම් ආදී බොහෝ වැඩ සිද්ධකරන්නෙ කමලාන් පිහෙල් නැතිනම් වජිරා අතිනි. මෙයින් තමයි ඇයත් ඇගේ දූවරු දෙදෙනාත් ජීවත් වන්නේ.

අක්ක කොහෙමද මෙච්චර හොදට සිංහල කතා කරන්නෙ? මම කතාවට මුල පිරුව ‛‛ මම හිටියේ අවිස්සාවේල්ලෙ.’’
ඒතකොට මෙහෙට ආවෙ කෙහොමද? ‛‛ මගේ ගම මඩකළපුවෙ කල්ලඩියේ මම දෙමළ.මම පොඩි කාලෙදීම මගේ තාත්තා නැතිවෙලා අපිව හැදුවෙ අම්ම. …

ආදරවන්තයින්ගේ දිනයට පෙර……..

valanting-sampath-art-2-ph-2.jpg
හෙට ආදරවන්තයින්ගේ දිනයයි. ආදරවන්තයින්ගේ දිනය ශිෂ්ඨ ලෝකය දකිනු ලබන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එහෙත් එය ඉන්දියන් සාගරය හරහා අප වැනි රටවලට එන විට එහි නියම මුල් ස්වරූපය වෙනස්වෙලා ගෝත්‍රික ගති ලක්ෂණ එයට ආරුඪ කරනු ලබනවා.

විශේෂයෙන් ලංකාවේදී ආදරය කියන්නෙම විවාහයට. කසාදය ඉලක්ක වු බැඳීමකට. එය කොතෙක්ද යත් කසාදය කියන්නේ ස්ත්‍රියගේ (බොහෝ විට)නිදහස අහිමිවීම ආරම්භ කරන ලක්ෂයකට.
අනික් පසින් ආදරයේ මුල් අයිතිය ලාංකීය පිරිමියා විසින් අත්පත් කර ගෙන සිටීම මෙහි කේන්ද්‍රිය ලක්ෂණයක්. තමන්ට ආස හිතෙන, ආදරේ හිතෙන, පිරිමියාව තෝරාගෙන ඔහුට ආදරේ කියන්න තරම් ශක්තියක් ඇති ස්ත්‍රීන් ලංකාවේදී හමුනොවන තරම්.
පිරිමින් විතරමයි කෙල්ලන් එක්ක යාඑ වෙන්නේ. මම ඔයාට ආදරේ කියන්නේ.

ඒ නිසාම ස්වාභාවිකම ලාංකීය ස්ත්‍රියට සිදුවෙනවා ආදරේ කරද්දී පුරුෂයාගේ නීති රීතිවලට යටත් වෙන්න.(සමහර විට එසේ නීති නොදමන …

රස්සාවයි ගෙදර වැඩයි…..!

පාසැල ඇරී ගෙදර ඒමට මා බසයට ගොඩ වුයේ වැහැර හන්දියෙන්. එතැන් සිට කුරුණෑගල නගරයට යාමට බසයට විනාඩි 10 ක් තරම් කාලයක් ගන්නවා. මා බසයට ගොඩ වූ තැනින්ම මැදිවියේ කාන්තාවක්ද ගොඩ වුණා. මා දන්නා තරමින් ඇය සමුපකාර රෝහලේ ඖෂධහලේ ඖෂධවේදිනියකි. බසයට ගොඩ වන ගමන් ඇය මා වෙත සිනහවක් පෑවේ නිතර බෙහෙත් ගැනීමට ගොස් මා දැක පුරුදු නිසා විය හැකියි.

බසය ඊළගට නැවතුනේ රෝහල අසල ය. මා සිටි අසුන හිස් වූ නිසා ඇය මා අසලින් වාඩි වුයේ කතාවකට ද මුල පුරමින්.

‛‛ඔයාලනං එකයි තිහට ඇරෙනව. අපි දවසම ඉන්න ඕන පැය ගණනක් හිටගෙන. කකුල් දෙකත් රිදෙනව.’’

‛‛අපිත් ඉතිං එකයි තිහ වෙනකං ළමයි එක්ක ඔට්ටු වෙලා ඉතුරු හරිය කරන්නෙ ගෙදර ගෙනිහින්. අතේ තිබුණ ප්‍රගති වාර්තා පොත් මිටිය පෙන්නමින් මා කිව්ව’’.

නීති පීඨයට ආ නවක සිසුවිය …..!

පසුගිය දිනක මම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන මගේ පාසල් මිතුරෙකු හමුවීමටයි. නීති පීඨයේ නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උත්සවය එහි පැවැත්වෙන බව මම එතැනට යන තෙක්ම දැන සිටියේ නැහැ. මගේ මිතුරා හමුවී ඉක්මණින් ආපසු එන්නට එහි ගිය මම මොහොතක් නැවතුනේ නවක සිසුවියන්ගේ රූප සුන්දරිය තේරීමේ තරඟය නැරඹීමට උපන් කුතුහලය නිසයි.
නා නා විධ වර්ණයන්ගෙන් යුතු සාරි වලින් සැරසුණු නීති පීඨයේ නවක සිසුවියන් වේදිකාව මත ඒ මේ අත ඇවිදිමින් සිටියා. අවසන් වටයට තේරුණු සිසුවියන් දොළොස් දෙනා ට විවිධ ප්‍රශ්න යොමු කළේ නිවේදන කටයුතු කළ සහෝදරිය සහ සහෝදරයායි.
ඔබ නීතිඥවරියක් වූ පසු විවාහ ජීවිතයේ දී එය සමබරව ගෙන යන්නේ කෙසේද?
ඔබේ අනාගත සැමියා කිව්වොත් රැකියාවක් කරන්න එපා කියලා ඔබ කාන්තාවක් විදියට මොකද කරන්නේ?
මේ ආකාරයේ ප්‍රශ්න සියළුම සිසුවියන් වෙත …

කාන්තාවන්ට ඒෙරහි ෙවනස්කම් පිටුදකිමු….!

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා. යුද්ධයෙන්,සුනාමියෙන් මෙන්ම ගෘහස්ථවද හිංසනයට ලක්වූ කාන්තාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියා. මෙහිදී විකල්ප සමග කාන්තාවන් දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.

පස්සර කාංචනා කුරුණෑගල සඳුනි

2007 අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනි සිටීමට ගිය පස්සර කාංචනා දුෂණය කර මරා දැමුනේ පසුගිය අගෝස්තු 20 වෙනිදාය. මේ සිදුවීම දැනගත් වෙලේ පටන් මා රිදවුයේ සදුනි ගැන මතකයයි.

සදුනි මා හට මුණ ගැසුනේ 10 වසර පංතියට ගිය අවස්ථාවෙිදිය. ඇගේ මව මිය ගියේ සදුනි ඉපදීමෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීමෙනි. එතැන් පටන් ඇය රැකබලා ගන්නේ පුංචි අම්මා විසිනි. (තාත්තා පසුව කසාද බැන්ඳ බිරිද) සදුනිට සිටියේ වැඩිමල් අක්කා කෙනෙකු පමණි. පවුලේ මේ සිවු දෙනා පුංචි ගෙයක් සාදා ගෙන ජිවත් වුයේ කුරුණෑගලට සැතපුම් 05ක් පමණ දුරිනි. පියාගේ රැකියාව වුයේ රියදුරු වෘත්තියයි. තමාගේම වාහනය පැදවූ වු පියා 2005 වසරේ කුරුණෑගල රථගාලෙන් කුලියට ගමනක් යාම සඳහා පිටත් වුවත් ආපසු පැමිණියේ නැත.

මංකොල්ල කල්ලියක් විසින් වාහනය පැහැර ගෙන ගිය ඔහුගේ …

කාංචනා සීගිරි ළඳක්ද?

kanchana.jpg කාංචනා…සමාජය වෙළාගත් බිහිසුණුබවේ තවත් ගොදුරක්

· Next entries »