Archive for Governance
March 6, 2008 at 10:17 pm · Categories: Peace and reconciliation, සිංහල, Governance, Eastern Elections | by Vikalpa_R
රාසයියා තුරෙයිරත්නම් ( ඊපීආර්එල්එෆ් පත්මනාභා පාර්ශවය)
අපි දේශපාලනේ පටන් ගත්තේ පාසැලෙන්. මං බැදුනේ ඊළාම් පොදු ශිෂ්‍ය ව්‍යාපාරයට 1978 දී. ඒ වැඩ වලට රෝනියෝ මැෂින් එකක් උස්සන්න වුණා. ඒක එළි දරව් වුනා. හැංගෙන්න වුනා. පුහුණුවට ගියා කින්යාවෙ. ඊපීආර්එල්එෆ් නායකයො හැමොම පුහුණු වුනේ එහේ. එදා ඉදළ ව්‍යාපාරෙ. මං මේ කතාව කියන්නෙ මේකයි. මේ ඉතිහාසයම අයුධ සංස්කෘතියේ ඉතිහාසයක්.
83 තමයි මඩකළපුවේ සන්නද්ධ සංවිධාන ආරම්භය. එදා ඉදළ අද දක්වා තියෙන්නෙ ආයුධ සංස්කෘතියක්. 83- 86 දක්වා දෙමළ සංවිධාන සහ මුස්ලිම් ග්‍රාමාරක්ෂකයින් ගහගත්තා. එදා ත්‍රිවිධ හමුදාවම අනුගමනය කළේ දෙමළ ජනයා පිඩාවට පත් කිරීමේ පිළිවෙතක්. ග්‍රාමාරක්ෂකයින්ට සහාය දුන්නේ ඔවුන්. ඒක මැරවර යුද්ධයක්. රාජ්‍ය යන්ත්‍රය සීමා රහිතව වැඩ කළේ.
1986 දී එල්ටීටිඊ ය සහෝදර ඝාතක යුද්ධය පටන් ගත්ත. එතකොට අපි දෙගොල්ලො මරා …
March 6, 2008 at 9:38 pm · Categories: Peace and reconciliation, සිංහල, Governance, Eastern Elections | by Vikalpa_R
බෙනඩික්ට් තනබාලසිංහම් (ප්ලොට්)
මේ වෙලේ මොකටද ඡන්දයක්. තවම ආයුධ සංස්කෘතිය ඉවර වෙලා නෑනෙ. මඩකළපු නගරෙ නම් ආයුධ ගත්ත අය නෑ. ඒත ටිකක් එහාට යන්න ඕන බලන්න. තුරෙයි නිලාවලි, කලවංචිකුඩි අපේ කාර්‍යාලවලට ආයුධ ගත්ත ටීඑම්වීපී පිරිස් ඇවිත් තර්ජනය කරා. පැමිණිළි දාල තියෙන්නෙ. බලහත්කාරය යොදවන ටීඑම්වීපී ප්‍රධානීන් ගැනත් අපි පොලිසියට කියළ තියෙන්නේ. නමුත් පොලීසිය උනන්දු නෑ. ඔවුන් ජනයාට කියන්නෙ අපට ජන්දෙ නොදුන්නොත් වැඩ වරදියි කියළ. නාවක්කුඩාවල ගෙවල් බින්දෙ ආයුධ සන්නද්ධ පිරිස්. පොලීසිය අහක බලාගෙන ඉන්නෙ. අන්තිමේදි මිනිස්සු අල්ලල දුන්න.
පොදු පෙරමුණයි ටීඑම්වීපී යයි කියනවා කොහොම හරි දිනනවා කියළ. ප්‍රශ්නෙ ඒකයි. ටීඑම්වීපී ය ඉන්නේ ආණ්ඩුවේ හමුදාව සමඟ. එක් ප්‍රසිද්ධ රහසක්නෙ. යුද්ධ ප්‍රධානින් ටීඑම්වීපී යට කිට්ටුයි. අපේ අපේක්ෂකයින්ට එහෙම තත්ත්වයක් නෑ. කළවංචිකුඩියේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය උනා …
March 4, 2008 at 3:57 pm · Categories: Colombo, සිංහල, Governance, Stories from the silent, Human Rights | by Vikalpa_R
මමත්, මනීත්, ධාරණීත් වැඩ කරන්නේ එකම සංවිධානයකට අයිති කාර්යාලවල යි. වැදගත් තොරතුරු වගයක් දෙමළ භාෂාවෙන් හොයා ගන්න වුවමනා වෙලා පසුගිය සතියේ මනීත් ධාරණීත්, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියා. ඇතුල්වෙන තැනම තියෙන ආරක්ෂක මැදිරියට හැඳුනුම්පත් ලබා දීලා ඔවුන්ට ඇතුලට යන්න ලැබිලා තියෙන්නෙ ටික දුරක් විතරයි.
“මිස් ව චෙක් කරන්න ඕනෙ. පොඩ්ඩක් මෙහාට එනවාද? ”
ආරක්ෂක නිළධාරිනියක් ධාරණීගේ ඉහේ සිට දෙපතුළටම පරීක්ෂා කරලා තිබුණා. පරීක්ෂාවෙන් පස්සේ , ඔවුන්ව ගොඩනැගිල්ල ඇතුලට යොමු කරලා තිබුණත් අදාළ කරුණු නොමැති කමින් ඔවුන්ට ආපසු එන්න සිද්ධ වුණා. ඊළගට ඔවුන් ගියේ ජාතික පුස්තකාලයට. සාමාන්‍ය පරිදි ආරක්ෂක කවුළුවට හැඳුනුම්පත් ලබා දීලා ඔවුන් පුස්තකාලය තුලට ගිහින් තිබුණා. පළමුවෙන්ම ඔවුන් මුණ ගැසිලා තියෙන්නෙ මැදිවිය පසු කරන හොඳින් සිංහල දන්න කුළ කාන්තාවක්. ඇය තමයි පුවත්පත් ලිපි සම්බන්ධව තොරතුරු ලබා දෙන්න ආයතනය විසින් …
February 22, 2008 at 12:35 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Governance, Democracy | by Vikalpa_R
ඊළාම් යුද්ධයේ හතරවන අදියර ආරම්භ වූයේ ද මෙයට පෙර අවස්ථාවන්හීදි මෙන්ම අළුත් උපාය මාර්ගයන් හා එය අවසන් කරන දින වකවානුද සමගිනි. අද වන විට යුද්ධය උපරීම අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එල්ටීටීය ද යුද්ධය දකුණට ගෙනවිත් තිබෙන්නේ සාමාන්‍ය ජනයා සිය යුධ ඉල්ලකය බවට පත්කරගනිමිනි. මෙම සන්ධර්භය තුළ සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව විකල්ප මෙරට ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිති නායකයෙකු වන බාලා තම්පෝ මහතා සමග සංවාදයක යෙදුනා.ඉහත දැක්වෙනුයේ එම සංවාදය ඇතුළත් විඩියෝ පටයයි.
February 22, 2008 at 7:49 am · Categories: Colombo, සිංහල, Governance, Democracy, Media | by Vikalpa_R
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
ඇමැතිවරයකු අතේ පත්තුවෙන බේගල් ඇද බාන විට ඇමැතිවරයා සිටින ආණ්ඩුව ද පත්වන්නේ පචයින්ගේ හවුලකට ය.
තමා මංත්‍රී ධුරයෙන් සහ ඇමැතිකමින්ද ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් තමා ව්‍යවස්ථා මංඩලයට පත් කරනු ඇති බවත් පසුගිය සති අන්තයේ දී මර්වින් සිල්වා කියා සිටියේ පත්තරවලට පමණක් නොවේ. ස්වකීය මිතුරන්ට ද ඔහු ඒ කතාව කියා සිටියේ ය. මෙම පුවත අන්තර් ජාතික ජනමාධ්‍යයෙන් ද ප්‍රචාරයට පත් විය. ඒ තරමටම උණු කැවුම් පුවතක් නිසා ය.
දෙදිනක් යෑමට කලින් ඇමැතිවරයා ඒ කතාව ඉල්ලා අස්කර ගත්තේ ය. උණු කැවුම පිලුණු විය.
ජනාධිපති ඈදා බේගලයක් අත හැරීම ගැන ද කතාවක් නැත. දී කිරට බළලුන්ද සාක්කි යැයි කීවා සේ උත්තර දුන්නේ හෙළ උරුමයේ වම්පික රණවක …
January 19, 2008 at 7:25 pm · Categories: Peace and reconciliation, සිංහල, Matale, Governance, Democracy | by Vikalpa_R

රුහුණු රටේ මාගම, කාවන්තිස්ස නම් රජකු සිටියා. එතුමාට සිටියා, පුතුන් දෙදෙනකු. වැඩිමහල් කුමාරයාගේ නම ගැමුණුය. බාල කුමාරයා තිස්සය.
දවසක් පිය රජතුමා, පුතුන් දෙදෙනාට කතා කොට, පුතේ නුඹලා දෙදෙන මේ රටේ ඉන්නා දෙමලුන් සමග කෝලාහල කරන්නට එපා.
ඔවුහූ බොහෝම නපුරුයි.
ඔවුන් සමග කවදාවත් කෝළාහල නොකරන බවට පොරොන්දු වී මේ බත් ගුළිය බෙදාගෙන කන්නැයි කීවා. බය නැති ගැමුණු කුමාරයා මේ කතාව අසා බත් ගුළිය විසිකර දමා ඇඳට ගොස් වකුටුව නිදා ගත්තා.
මව විහාර මහා දේවි පුතා වකුටුව නිඳා ඉන්නේ ඇයි දැයි ඇසුවා.
අම්මේ දකුණින් ගොඑ මුහුදය. උතුරින් හැඩි දෙමඑය. මම කෙසේ අත් පා දිග හරිම් දැ යි පුතා කීවා.
ඉහත උපුටා ගැනීම 2 වන ශ්‍රේණිය සදහා අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පුස්තකාල …
January 18, 2008 at 4:39 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Governance | by Vikalpa_R
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුන්නද ෙද්ශප්‍රිය
ප්‍රශ්නය: ජනාධිපති ප්‍රේමදාස ඉන්දු ලංකා ගිවිසුම කඩා කප්පල් කරා? ඔහු ශ්‍රී ලංකික දේශප්‍රේමියෙක් ද?
මහින්ද රාජපක්ෂ: හේතුව ඔහුට ඕනෑ වුනා මෙරට ජනාධිපතිවරයා විමට. ඒ සඳහා සමහර අන්තවාදීන්ගේ වාමංශිකයින්ගේ සහාය අවශ්‍ය වුනා
ප්‍රශ්නය: එකළ ජවිපෙ වගේ? ඔහු එය කළේ ජනාධිපතිවීමට තිබූ ආසාව නිසාම ද?
මහින්ද රාජපක්ෂ: ඔව්
2008 ජනවාරි මුල් සතියෙහි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ෂෙකර් ගුප්තා සමඟ එන්.ඩී රූපවාහිනිය සදහා කළ සාකච්ජාවෙහි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ එසේ ය.
එපමණක් නොව 20 වසරකට පෙර රජීව් ගාන්ධි සතුව අද ශ්‍රී ලංකාවට ඔබින දුර දැක්මක් තිබූ බවත් ඔහු කියා සිටියේ ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ඔබින හොඳම විසඳුම (එලෙස කඩා කප්පල් කරන …
« Previous entries ·
Next entries »