Archive for Human Security
January 3, 2008 at 9:32 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Democracy, Human Security | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය විසිනි
මහේෂ්වරන්, බබියාන් සහ 2008
බබියාන් නොහොත් මුතුකුමාර් සිවපාලන් 2002 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයට තරඟ කළ මහේෂ්වරන්ගේ දෙවැන්නා විය. එමෙන්ම ඔහු වලිකාමම් ප්‍රදේශයේ නමගිය පුද්ගලයකු ද විය. ඔහු දිගටම යාපනයේ එජාපය නියෝජනය කලේ ය.
පසුගිය 21දා සිය යතුරු පැදියෙන් යමින් සිටි සිවපාලන් ට වෙඩි තබා මරා දමන ලදී. ඒ ගැන මේ තීරු ලිපිය කියවන කී දෙනෙකු දැන සිටියේදැයි නොදනිමි. මා දන්නා බොහෝ දෙනෙකු නම් ඒ පුවත දැන සිටියේ නැත. දකුණේ කිසිදු සිංහල පුවත්පතක් ඒ මරණය වාර්තා කලේ ද නැත.
බබියාන් සහ මහේෂ්වරන් දෙදෙනාම ඉදිරි මැතිවරණයක දී යාපනයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටියේ ය. දැන් ඒ දෙදෙනාම ජීවතුන් අතර නැත.
යාපනයේ දී කොපමන නිරායුද ජනයා දිනපතා මරා දැමෙමින් තිබෙන්නේ ද? …
January 2, 2008 at 9:08 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Democracy, Human Rights, Human Security | by Vikalpa Admin
අනවතර දුක් ගැහැට මැද දිවි ගෙවන සමාජයකට නව වසරක් උදා වීම කෙලෙසක සංකේතවත් කරන්නේ ද යන පැනය ඉන් බාහිර ව සිතන්නෙකුට ඇති විය හැකි ය. සුබ ප්‍රාර්ථනා සහ දහසකුත් නැවුම් සිතුවිලි මැද, සුබ මුහුර්තයක් සේ සැළකිය හැකි දිනයක් උදා වුව ද එය ඒ ආකාරයෙන් වැළඳ ගැනීමේ හැකියාව අද ලක් වැසියන්ට අහිමි ය. කෙතරම් වැදගත් හෝ සුබ යැයි උපකල්පනය කළ ද, දිනක් ගෙවී රැය උදා වන විට මෙන් ම, රැයක් ගෙවී දවස උදා වන විට ද අද ලාංකේය සමාජය මත පතිතව ඇත්තේ සැක, බිය, සංකා ය. එවන් සමාජයකට උදා වන සුබ මුහුර්තයක් නැත. එසේ නම් සුබ යැයි විශේෂණයක් යෙදිය හැකි දිනයක් ද නැත්තේ ය.
මේ සියලූ තුන් බිය වසර දශක ගණනාවක් පුරා අත් විඳින ජාතිකත්වයක් වේ නම් ඒ දමිළ ය. උඩින්, …
December 28, 2007 at 10:40 am · Categories: Colombo, සිංහල, Life quips, Economic issues, Human Security | by Vikalpa_R
කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ.
කොළඹ නගර සභාවේ නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි මහතා පවසන පරිදි කොළඹ නගරය තුළ ආහාර පාන අලෙවි සැල් 1115 ප්‍රමානයක් තිබුනද එයින් කොළඹ නගර සභාවේ ලියාපදිංචි වී ඇත්තේ 782 පමණක්බවයි. ලියාපදිංචි වූ හා නොවූ සියලු ආහාර පාන වෙළඳ සැල් මෙම සමීක්ෂණයට භාජනය කළ අතර එයින් 90% ක්ම ප්‍රමිතියෙන් තොර අපිරිසිදු තත්වයේ පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී ඇත. අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය වෙළද සැල් අතරින් 448 කට මේවන විට නීති මගින් කටයුතු කර දඩ නියම කර ඇතිබවත් අනෙක් පිරිසටත් ලඟදීම …
December 22, 2007 at 11:33 am · Categories: Colombo, සිංහල, Governance, Democracy, Human Security | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
කියනු! පකිස්තානය !!
පකිස්තාන ජාතික කවියකු වන පායිස් ගේ කළකට පෙර ලියූ මේ වචන මුෂාරප් විරෝධි අරගලය තුල ළෙලදුනි.
කියනු
කියනු, ඔබ දෙතොල් නිදහස් ය
කියනු, දිව ඔබේ ම දිව ය
කියනු, සිරුර ද ඔබේ ම ය
කියනු, ඔබ ජීවිතය තව ම ඔබ සතු ය.
බලනු, කම්හලෙහි වියරුවුනු ගිනිදලු
යදම් රත්පැහැ ගන්වනයුරු
අගුලු සිය හකු විවරකර
සියලු යදම් බිදලනෙනයුරු
කියනු, මේ කෙටි හෝරාව ඇති තරම් දිගුය
සිරුර මියෑදි සහ හඩ නෑසී යාමට පෙර.
කියනු, තවමත් පනැති ඇත්ත,
කියනු, කියනු කවරක් වුවත් කිය යුතු.
පායිස්
ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොන්දේසි විරහිත සහයෝගය නොසළකා ජෙනරල් මුෂාරප්ට පළමුව සිය යුද හමුදා ඇදුම ගැලවීමට ද දෙවනුව හදිසි නීතිය …
December 21, 2007 at 11:34 am · Categories: Colombo, සිංහල, Governance, Democracy, Human Security | by Vikalpa_R
පසුගිය දෙසැම්බර් 18 වන දින මාත් මගේ බිරිදත් මාගේ මිතුරියකුත් ත්‍රීරෝද රථයකට නැග්ගේ නගරාන්තර දුම්රියේ ආසන වෙන්කරවා ගැනීමට කොටුව දුම්රිය පොළ වෙත යාමටයි. අප ගමන්ගත් ත්‍රීරෝද රථය දුම්රිය පොළ ඉදිරිපිට ඇති වාහන නැවතුම වෙත යාමට ප්‍රවිෂ්ඨ මාර්ගයට ඇතුළු වුනා. බැරියර් එකක් තිබුනට ඒක උස්සලයි තිබුනෙ. ඒ නිසා අප ඉදිරියට ගියා එකවරම හෝව්..හෝව්… කොහිද යන්නේ නවතිනව නවතිනව…. කියා කෙනෙකු කෑගසනව ඇහුන ඒ සැනෙන්ම අපි ගමන් ගත් ත්‍රීරෝද රථයේ තිරිංග තදවුනා.
කොහේද යන්නේ එල්.ටී.ටී.ඊ ද.. එල්.ටී.ටී.ඊ ද.. එල්.ටී.ටී.ඊ ද? බොහෝම සැර කටහඬක්
පොලිස් රාළහාමි කෙනෙක්, ඔහුගේ නිළ අංකය 29925 , බැරියරය අසල කූඩුවක් ඇතුලෙ ඉදගෙනයි ඔහු කෑගහන්නේ.
අප සිටි ත්‍රීරෝද රථයේ රියදුරාට හොදටම තදවුනා. ඔව් එල්.ටී.ටී.ඊ තමයි ඔහු කිව්ව.
‛‛එල්.ටී.ටී.ඊ ද එහෙනම් ගන්නව ත්‍රීවීලරේ …
December 18, 2007 at 11:27 am · Categories: Peace and reconciliation, සිංහල, IDPs and refugees, Human Rights, Human Security | by Vikalpa_N

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව හැම රජයක්ම යොදාගත්තේ සිය බල තුලනය පවත්වාගෙන යන්නයි. මෙය මැතිවරණ දේශපාලනයේදීත්, යුද්ධ මෙහෙයුම්වලදීත්, සංවර්ධන කටයුතුවලදීත් දකින්න පුළුවන්.
දෙමළ, මුස්ලිම්, සිංහල, බර්ගර් ජන කොටස් වෙසෙන මේ ප්‍රදේශයේ ජන සංයුතිය පාලකයන් තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න කටයුතු කළේ අද ඊයෙක නොවේ. ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ජනපදකරණයේ සිට මෙය ක්‍රියාත්මක වෙනවා, මහවැළි සංවර්ධන යෝජනා ක්‍රමයේදි වුණේ මේක තවදුරටත් වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යාමක්.
නැගෙනහිර නවෝදය යටතේ අද සිදුවන්නේත් ඒ දේමයි. රජයේ හමුදා යුද මෙහෙයුම්වලින් අත්පත් කරගත් ප්‍රදේශ අද අධි ආරක්ෂිත …
December 18, 2007 at 10:35 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Democracy, Human Security | by Vikalpa_R

මමත් මගේ පෙම්වතියත් පුරුද්දක් විදියට සිකුරාදාට වැල්ලවත්තෙ මයුරාපති කෝවිලට යනවා. පහුගිය සතියේ සිකුරාදාත් කෝවිලට ගිහිල්ලා ආපහු ඇවිදගෙන ආවේ කොළඹ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට නගින්න හිතාගෙන. එතෙන තියෙන බුදු පිළිමය ගාව ලොකු Check Point එකක් තිබුණත් කවදාවත් අපිව චෙක් කළේ නැහැ.
නමුත් එදා Check Point එක පහුකරද්දිම එතන හිටපු පොලිස් නිලධාරි මහත්මයෙක් අපිව නවත්වලා අපේ ජාතික හැඳුනුම්පත් ඉල්ලා සිටියා. අපිත් කිසිම ප්‍රශ්නයක් නැතිව අපේ ජාතික හැඳුනුම්පත් ලබා දුන්නා. ඒ මේ අත හරවලා හැඳුනුම්පත පරීක්‍ෂා කළ නිලධාරියා ඒවා අපට ආපහු ලබා දුන්නත්, මගේ පෙම්වතියගේ අතේ තිබුණු බෑගය පරීක්‍ෂා කරන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.
මීට මාසයකට විතර කලින් ලංකාවේ අග විනිසුරු තුමා,
‛‛චෙක් පොයින්ට් තියෙන්නෙ හැඳුනුම්පත් පරීක්‍ෂා කරන්න නෙවෙයි. බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය ගෙන යනවාදැයි පරීක්‍ෂා කරන්න විතරයි …
« Previous entries ·
Next entries »