vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for IDPs and refugees

වාකනේරි අනාතයන් - මඩකළපුව


වාකනේරි යනු පසුගිය වසර 20 පුරාවට එල්ටීටීඊ පාලනය යටතේ පැවැති මඩකලපුව දිස්ත්‍රික්යට අයිති ප්‍රදේශයකි. එහි වැසියන් පසුගිය විසිවසර පුරාවටම ජීවත්වූයේ අවම වරප්‍රසාද සහිතවයි. ඔවුන්ට රෝහල් ,පාසැල්, මංමාවත් වැනි මූලික පහසුකම් නොතිබුනි. මාරනාසන්න රෝගියෙකු උව ඔවුන් මඩකළපුවට රැගෙන ආයුතුය. බොහෝ රෝගීන් එන අතර මගදි මරණය වැළඳ ගැනීම සාමාන්‍ය සිදුවීමකි. මේ ප්‍රදේශයේ පාසැල් ක්‍රියාත්මක නොවු නිසා දරුවන් පාසැල් නොගියාය. පසුගිය විසිවසර පුරාවටම කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකොට නොමැති අතර දරුවන් මෙන් ම වැඩිහිටියන් ද මන්ද පොෂණ තත්ත්වයෙන් පසුවේ. පසුගිය කාලයේ සිදුකළ තොප්පිගල මුදාගැනීමේ මෙහෙයුම් වලදී යුධ අනාතයන් ලෙස මෙම ප්‍රදේශයේ ජනයා මඩකළපුවට පැමිණියය. පසුව ඔවුනව පුනානි ප්‍රදේශයේ තාවකාලික කුඩාරම් වල රැදවු අතර මේවන විටත් ඔවුන් රැදිසිටින්නේ එම තාවකාලික කුඩාරම් වලයි.
ඉහත …

ලංකාවේ මානුෂවාදී අර්බුදය අතිශයින් බරපතලයි..

-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අලුත්ම වාර්තාව පෙන්වා දෙයි-

2006-2007 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ මානුෂවාදී අර්බුදය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් සහ තීරණාත්මක කාරණා අවධාරණය කෙරෙන වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඊයේ (2007 දෙසැම්බර් 19 ) නිකුත් කරනු ලැබුවා. මේ වාර්තාව මේ දිනවල ලංකාවට පැමිණ සිටින, අවතැන් වූවන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, වෝල්ටර් කේලීන් මහතා වෙත බාරදෙනු ලැබුවා.

ප්‍රධාන වශයෙන්ම යුද්ධය හේතුවෙන් අවතැන් වී සිටින උතුරු නැගෙනහිර ජනයා අද මුහුණ පාමින් සිටින මානුෂවාදි අර්බුදය කෙරෙහි අවධාරණය කෙරෙන මේ වාර්තාව මගින් මානව හිමිකම් හා බැඳුණු ප්‍රතිපත්තිමය සහ නෛතික කාරණා පිළිබඳවත් මානුෂවාදී ආධාර සපයන ජාත්‍යන්තර සහ ජාතික ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳවත් විග්‍රහයක යෙදෙයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය …

නැගෙනහිර ජනතාවගේ ඉරණම

svtamils_wideweb__470x33801.jpg
මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව හැම රජයක්ම යොදාගත්තේ සිය බල තුලනය පවත්වාගෙන යන්නයි. මෙය මැතිවරණ දේශපාලනයේදීත්, යුද්ධ මෙහෙයුම්වලදීත්, සංවර්ධන කටයුතුවලදීත් දකින්න පුළුවන්.

දෙමළ, මුස්ලිම්, සිංහල, බර්ගර් ජන කොටස් වෙසෙන මේ ප්‍රදේශයේ ජන සංයුතිය පාලකයන් තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න කටයුතු කළේ අද ඊයෙක නොවේ. ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ජනපදකරණයේ සිට මෙය ක්‍රියාත්මක වෙනවා, මහවැළි සංවර්ධන යෝජනා ක්‍රමයේදි වුණේ මේක තවදුරටත් වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යාමක්.

නැගෙනහිර නවෝදය යටතේ අද සිදුවන්නේත් ඒ දේමයි. රජයේ හමුදා යුද මෙහෙයුම්වලින් අත්පත් කරගත් ප්‍රදේශ අද අධි ආරක්ෂිත …

අපේ සේසතම අළු වුණා..




ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස 50 කට වැඩි ගණනක් පෙරේදා රාත්‍රියේ ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ වෙලාවේ නිවාස වල නිදා සිටි කිසිවෙකුටත් බරපතල හානි සිදු වී නැත. තමන් සන්තකයේ තිබූ සියලුම දේ පිච්චී අලු වී ගිය පැල්පත් වාසීන් දෙසීයකට ආසන්න පිරිසක් දැනට ග්‍රෑන්ඩ්පාස් සංඝරාජ විදුහලේ තාවකාලිකව ලැගුම් ගෙන සිටිති.

මහවත්ත යනු දහසකට ආසන්න පැල්පත් නිවාස සහිත ප්‍රදේශයකි. මේ පැල්පත් සාදාගෙන ඇත්තේ කොළඹ නගරයේ කුණු ගොඩ ගසන සුප්‍රසිද්ධ බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුලය. මේ පැල්පත් ඉදිරියෙන් රේල්පාරය. දෙපැත්තෙන් කුණු ඇලය. ගින්න ඇති වූයේ කුණු …

ආණ්ඩුවේ නැගෙනහිර පිළිවෙත

සුනන්ද දේශප‍්‍රිය

මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි වත්මන් ප‍්‍රධානීන් වන ආචාර්්‍ය ශී‍්‍රධරන් සහ ආචාර්්‍ය රාජන් හූල් ජීවත්වන්නේ සහමුලින්ම වාගේ රහසිගතව ය.

ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය පිළිබඳව වඩාම නිර්පාක්ෂික වාර්තා ඉදිරිපත් කරන එකතුවක් වන්නේ එය යි. එහි වාර්තා පුළුල් අන්තර්ජාතික පිළිගැනීමකින් යුතු ය.

2007 අගෝස්තු දාතමින් එය විසින් ප‍්‍රකාශයට පත්කර ඇති වාර්තාව නැගෙනහිර තත්ත්වය ගැන ඉදිරිපත් කරන මෙම අදහස් වැදගත් වන්නේ එනිසා ය. මෙරට සිංහල පුවත්පත් බොහෝ කොට පළකරන්නේ මෙම එකතුවෙහි වාර්තාවන්හි එන එල්ටීටීඊ විරෝධී කොටස් පමණකි. දෙමළ පුවත්පත් මෙම වාර්තාවන්ට කිසිදු ප‍්‍රචාරයක් දෙන්නේ නැත.

“ආණ්ඩුව නැගෙනහිර ජයග‍්‍රහණය ගැන ප‍්‍රීති උත්සව පවත්වන්නේ තීරණාත්මක යුද්ධමය සහ දේශපාලන අස්ථාවරත්වයන් …