Archive for Life quips
April 2, 2008 at 4:23 pm · Categories: Peace and reconciliation, සිංහල, Life quips, Human Security | by Vikalpa_R
එකම ඉර යට
එකම හඳ යට
එකම පොළවක ඉපදිලා
මහපොළව අපෙ අපෙ යැයි කියා
දෙකට බෙදිලා යුධකළා
උතුරුකරයේ තරුණයින්
මහවිරු සොහොන්වල සැතපිලා
දකුණුකරයේ තරුණයින්
දැයෙන් සමුගෙන සැතපිලා
යුද්දෙ මැද්දෙම ඉපදිචීච
කිරිසප්පයෝ
අද
තරුණයො වෙලා
ඉමක් නොපෙනෙන
නිමක් නොදකින
පිටරැටියන්ව පෝසත් කරන
අපේ උන්ව දුප්පත් කරන
අනුන්ගේ අවි අතදරා
අපේ උන්ගෙ දිවි තොරකරන
යුද්ධයක වල්මත් වෙලා?
හර්ෂණ බණ්ඩාර
2008/03/30
…
April 2, 2008 at 3:01 pm · Categories: සිංහල, Matale, Life quips, Economic issues | by Vikalpa_R
March 27, 2008 at 2:10 pm · Categories: සිංහල, Life quips, Stories from the silent, Batticaloa | by Vikalpa_R
තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා….
හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන යනව. සිගරට් ඉල්ලන අයට සාක්කුවේ ඇති සිගරට් පැකට්ටුවෙන් සිගරට් දෙන ඔහු ඒ සැනෙන් කුස්සියට දිවගොස් බයිට් පිඟානක් රැගෙන යන්නේ බයිට් ඉල්ලන අයගේ කෑගැහීමටයි. ඔහු ගේ මුහුණෙන් මහන්සියක සේයාවක් නොපෙනෙයි.
තම්බි ඔන්ගඩ පේර එන්න?
‛‛මගේ නම ජනත්, මට වයස අවුරුදු 14යි. අපේ පවුලේ හතර දෙනයි මායි අම්මයි, අක්කයි, මල්ලීයි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. එයා යුද්ධයෙන් මැරේන කොට මං හුගක් පොඩියිලු. මට හම්බ වෙන එකෙන් තමයි මම අම්මව බලාගන්නේ. මං වැඩ කරේ නැත්නම් අම්මට කන්ඩ දෙන්න බැරිවෙනව. අම්මත් කුලී වැඩ කරනව ඔය ගොයම් කපන වගේ වැඩ. ඒත් …
March 24, 2008 at 10:40 pm · Categories: සිංහල, Badulla, Life quips, Stories from the silent | by Vikalpa_R
බදුල්ලේ සිට නෙත්
මහත්තයා ඉන්නවාද?
ඕව් ඇයි
මට මහත්තයාට කතා කරන්න ඕනි
ඔයා හම්බවෙන්න කවුද ඇවිල්ල
මා නිවසේ ඉදිරි දොරටුව වෙත පිය නැගුවෙමි. මා ඉදිරිපස ඉතා වයෝවෘද්ධ වුත් කෙසඟ ශරීරයකට හිමිකම් කිමට හැකි අයෙකු සිටි. මෙම පුද්ගලයා අන්කවරෙකු නොව අප ප්‍රදේශයට වඩේ, පැටිස් අලෙවිකරන වඩෙ මාමායි. මෙම පුද්ගලයා සතියේ දිනවල සෑම නිවසකටම ගොස් සිය රාජකාරියේ යෙදෙයි. ඔහු ගෙන් පැටිස් මිලදී ගැනිම නිසා අප දෙදනා අතර දැඩි හිතවත් කමක් ද විය.
හේ මුස්ලිම් ජාතිකයෙකු වුවත් මනාලෙස සිංහල බස හැසිරවීමට සමත්විය. කාලයක්ම මෙම පුද්ගලයා නොපැමිණි අතර කලකට පසුව පැමිණ මා හට කතා කරයි.
මහත්තයා හමුවෙන්න ආවේ ලොකු උදවුවක් ඉල්ලාගෙනයි
මොකද්ද ?
මහත්තයා මට දූලා තුන්දෙනෙක් ඉන්නවා උන් බන්දලා දෙන්න ඕනි. ඒකට ලොකු වියදමක් යනවා මගේ ලඟ ලොකු …
March 24, 2008 at 1:57 pm · Categories: සිංහල, Badulla, Governance, Life quips, Education | by Vikalpa_R
නයන තෙන්නකෝන් - බදුල්ල


බදුල්ල ආපදා කලමනාකරණ ඒකකය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙයවු ආපදා කලමනාකරණ වැඩසටහනක් ඇකිරියන් කුඹුර පාසලේදී පැවැත්වුනා.මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබුනු ඇකිරියන්කුඹුර පාසල රිදීමාලියද්ද කියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වුවක්. රිදීමාලියද්ද කියන්නේ ලංකාවේ තිබෙන දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්.
ඇකිරියන්කුඹුර බදුල්ල දිසාවේ කෙලවර එහා පැත්තෙන් අම්පාර අරන්තලාවට ආසන්න ගමක්. කෙටියෙන් පවසනවා නම් මායිම් ගම්මානයක්. ගම වටේට බංකර් ඉදිකරලා මෙවැනි දුෂ්කරතා මැද ඇකිරියන් කුඹුරේ වැසියන් ජීවත් වෙනවා. ප්‍රවාහනයද දුෂ්කරයි.
ඇකිරියන්කුඹුර පාසලට තිබෙන පහසුකම් අඩු වුවත් තිබෙන පහසුකම් වලින් උපරිම පලයන් නෙලා ගන්නා පාසලක් කීවොත් වැරදී නෑ. පාරිසරික වශයෙන් ගත්කල සෑම වර්ෂයකම නියං වලින් මෙම පලාතේ වැසියන් පීඩා විඳිනව. කැලෑ ගිනි තැබීම් ද බහුලයි.
…
March 24, 2008 at 10:15 am · Categories: Peace and reconciliation, සිංහල, Life quips, Eastern Elections | by Vikalpa_R
පසුගියදා පැවැති මඩකළපුව පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ වාකරේ ප්‍රදේශයේ සංචාරය කළ විකල්ප කණ්ඩායමට එම ප්‍රදේශයේ වාසය කරන සිංහල ධීවර පවුල් රාශියක් මුණගැසුනා.ඉහත දැක්වෙනුයේ එම වැසියන් කිහිප දෙනෙක් විකල්ප සමග කළ සාකච්ඡා ඇතුලත් විඩියෝ පටයයි
March 21, 2008 at 7:08 pm · Categories: Colombo, සිංහල, Life quips | by Vikalpa_R
·
Next entries »