vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Media

Citizen reports of election violence and malpractices in the Eastern Province

Vikalpa has launched a new micro-site on Twitter with short reports generated by its citizen journalist network in the Eastern Province on election related violence and malpractices. Please visit our Eastern Elections 2008 site for the latest updates, that are also featured on Vikalpa (see column in the middle).

This is the first time in Sri Lanka that reports via SMS from citizens at the grassroots are being used to provide perspectives from the Eastern Province in the lead up to and on the day of the elections (10th May 2008).

While we cannot check the veracity of each SMS we receive in a timely manner, we hope and expect that citizens themselves will actively engage with reports posted …

මුහමාලෙයි ජනමාධ්‍ය සටන

සුනන්ද දේශප්‍රිය

මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ මෙරට යුද්ධ වාර්තාකරණය දෙස විමසා බැලීම පිණිස ය.

අප්‍රෙල් 23දා මුහමාලෙයි හි සටනෙහි ගණන් හිලවු 24 දින ජනමාධ්‍ය වාර්තා කළ සැටි බලමු:

Monitoring Muhamalai

මෙරට වාර්තාකරණයේ කැපි පෙනෙන ලක්ෂණය නම් රජයේ සංඛ්‍යාලේඛන කෙරෙන් බැහැර නොවීමට ශ්‍රී ලංකාවේ සියලුම දිනපතා පුවත්පත් සහ රූපවාහිනී නාලිකා කටයුතු කළ අන්දමයි. ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන්ද පැවැතියේ මෙම තත්ත්වයම ය. ඉහත සටහන පෙන්වන්නේ මෙරට ජනමාධ්‍ය මුහමාලෙයි සටන අරභයා ඉදිරියෙන් යන බැටළුවා පසුපස අනෙක් සියළු බැටළුවන් ද යන පරිදි හැසිරුණ බව යි. මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් දත්ත මත හැකිතාක් දුරට …

ෂාන් වික්‍රමසිංහගේ නව මාධ්‍ය කලාව

පුරවැසි මාධ්‍යකරුවෙකුගේ සටහන්..

සුනන්ද දේශප්‍රිය

ටී.එන්.එල් රූපවාහිනිය පොහොයක් නොවරදවා බණ විකාශනය කරන සංස්කෘතිය ගැන ද, බණ කියන රූපවාහිනී සේවාවකි. දැන් කළක සිට එහි ඇති විශේෂාංගයක් නම් එහි හිමිකරු වන ෂාන් වික්‍රමසිංහ සහ එහි ගුවන් විදුලි සේවාවේ අධ්‍යක්ෂ වන හඩ්සන් සමරසිංහ අතර කැරෙන උදෑසන සංවාදය යි. හිමිකරු විසින්ම වැඩ සටහන් මෙහෙයවන ශ්‍රී ලංකාවේ දෙවන නාලිකාව මෙයයි.

යහපත් ජනමාධ්‍ය ලක්ෂණයක් වන හිමිකාරත්වය සහ ජනමාධ්‍ය භාවිතය අතර තිබිය යුතු ස්වාධීනත්වය මෙවැනි වැඩ සටහන් මගින් සහමුලින්ම නැතිකර දමනු ලැබේ. සංස්කරණ නිදහස පිලිබඳ සංකල්පය ජනමාධ්‍ය නිදහසේ අත්‍යාවශය ලක්ෂණයකි.

තව ද ටී.එන්.එල් රූපවාහිනිය යනු මතවාදි වශයෙන් සිංහළ බෞද්ධ ජාතිකවාදය ද දේශපාලනමය වශයෙන් ෂාන් වික්‍රමසිංහගේ සහෝදරයා වන රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයට ද බර නාලිකාවකි.

ඇමැති විහිළු….!

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

ඇමැතිවරයකු අතේ පත්තුවෙන බේගල් ඇද බාන විට ඇමැතිවරයා සිටින ආණ්ඩුව ද පත්වන්නේ පචයින්ගේ හවුලකට ය.

තමා මංත්‍රී ධුරයෙන් සහ ඇමැතිකමින්ද ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් තමා ව්‍යවස්ථා මංඩලයට පත් කරනු ඇති බවත් පසුගිය සති අන්තයේ දී මර්වින් සිල්වා කියා සිටියේ පත්තරවලට පමණක් නොවේ. ස්වකීය මිතුරන්ට ද ඔහු ඒ කතාව කියා සිටියේ ය. මෙම පුවත අන්තර් ජාතික ජනමාධ්‍යයෙන් ද ප්‍රචාරයට පත් විය. ඒ තරමටම උණු කැවුම් පුවතක් නිසා ය.

දෙදිනක් යෑමට කලින් ඇමැතිවරයා ඒ කතාව ඉල්ලා අස්කර ගත්තේ ය. උණු කැවුම පිලුණු විය.

ජනාධිපති ඈදා බේගලයක් අත හැරීම ගැන ද කතාවක් නැත. දී කිරට බළලුන්ද සාක්කි යැයි කීවා සේ උත්තර දුන්නේ හෙළ උරුමයේ වම්පික රණවක …

මාධ්‍ය නිදහසට අත නොතබනු..!

‛‛යුද්ධයට නොව සත්‍යයට ආදරය කරමු’’





මාධ්‍ය නිදහසට එරෙහිව දිගින් දිගටම සිදුවෙමින් පවතින තර්ජනයනුත්,මාධ්‍ය වේදීන්ට සිදුවෙන පහරදීම් හා බියවැද්දීම් නතර කරන ලෙසටත්,ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙසටත්, යුද්ධයට මුවා වී මර්ධනකාරී අණපනත් ගෙන ඒමට උත්සහා දැරීමත් එරෙහිව රජයා බලකිරීම සඳහා මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් විරෝධතා පාගමනක් හා සම්මන්ත්‍රණයක් පසුගිය 14 වැනිදා සංවිධානය කර තිබුනා. වෘත්තීය සමිති, සිවිල් …

ඩී. එස්. දරුවෝ….?

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

“මේ ඝාතන ගැන වචනයක් නොකියන ජනමාධ්‍ය සංවිධාන පහේ එවුන් තවම මේ පොලවේ ජීවත්වන එකනේ පුදුමේ” යැයි ගුවන් විදුලි නාලිකාවක කීවේ පසුගිය සතියේ ය. එය අසා සිටි සගයකු මෙසේ කීය. “ඇත්තටම නම් පුදුමය දරුවන් ඝාතනය ගැන දුක්වන ගුවන් විදුලි නාලිකාවක් අප මිය ගොස් නොසීටීම ගැන ප්‍රසිද්ධියේම දුක්විම නොවේ ද?”

මේ නාලිකාව අයත්වන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෙහොයුරු ෂාන් වික්‍රමසිංහට ය. ශ්‍රී ලංකාවේ මිලෙ කොලින්ස් රේඩියෝව විමට නියමිත මෙම නාලිකාව ගැන ඉදිරි දිනෙක විස්තර සහිතව ලියන්නට තබා දැන් ඩී.එස්. දරුවන් දෙසට හැරෙමු.

මේ දරුවන් ඝාතනය වුයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් කොටුව දුම්රිය පොළ තුළ දී පුපුරුවා ගත් නිසා ය. ඊට වගකිව යුත්තේ එල්ටීටිඊ ය හෝ එහි සහායක සංවිධානයක් බවට සැකයක් තිබිය නොහැකි ය. …

දෙමළ දරුවෝ

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

පසුගිය 29 දින මන්නාරමේ මඩු හිදී සිදුවූ ක්ලේමෝ ප්‍රහාරයේ වගකීම ගැනීමට කිසිවකු නැත. නමුත් සිංහල පුවත්පත් විසින් එම සිදුවීම වාර්ථා කළ අන්දම දෙස බලන විට පෙනෙන්නේ, එම පුවත්පත්වල කතුවරුන් එම සිදුවීමේ සැගවිය යුතු දෙයක් ඇතැයි කල්පනා කරන බවයි. මෙම ක්ලේමෝ ප්‍රහාරය එල්ල වූයේ පාසල් දැරියන් පිරි බසයකටය. එහි විපාකයක් ලෙස ශිෂ්‍යාවන් 12 දෙනෙකු, ගුරුවරියන් 03 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මිය ගියෝය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිම පිරිසක් ක්ලේමෝ ප්‍රහාරයකින් මිය ගිය අවස්ථාව මෙය වේ. එහිදී පාසල් විදුහල්පතිනියක්ද මිය ගියාය.

මන්නාරම බිෂොප්වරයා මෙම ඝාතනයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව කියා සිටියේය. එල්.ටී.ටී.ඊ.ය කියා සිටියේ මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා හමුදාවේ දුර දිගු විහිදුම් කණ්ඩායමක ක්‍රියාවක් බවයි. ආණ්ඩුව මෙම ප්‍රහාරයට තමන්ගේ හමුදාවන්ගේ සම්බන්ධයක් නැතැයි කියා සිටියේය.

නමුත්, සාමන්‍යයෙන් දකුණු …

60 වසරක නිදහස - ජාතික ගැටළුව හා කලාව


ලංකාවට නිදහස ලැබී හැට වසරක් සපිරෙන මේ මොහොතේ මෙරට ජාතික ගැටළුව අරඹයා කලාවේ කාර්‍යභාරය මැයෙන් සංවාදයක් ඇරඹීමට විකල්ප අදහස්කළා. එහි ප්‍රථම සංවාදය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම විචාරකයෙකුද වන ධර්මසිරි බණ්ඩාරනායක මහතාව අප එක්කර ගත්තා. ඉහත දැක්වෙනුයේ බණ්ඩාරනායක මහතා විකල්ප සමග කළ සංවාදය ඇතුළත් විඩියෝ පටයයි.

· Next entries »