Video of slain UNP MP T. Maheswaran’s funeral in Colombo
Vikalpa captured scenes from the assassinated UNP MP T. Maheswaran’s funeral held In Colombo on 3rd January 2008.
Vikalpa captured scenes from the assassinated UNP MP T. Maheswaran’s funeral held In Colombo on 3rd January 2008.
උද්ඝෝෂණයේ අවස්ථා
වෘත්තීය පත්‍රකළා ෙව්දීන්ෙග් සංගමය උප සභාපති හා රූපවාහිණී නිෂ්පාදක වරුන්ෙග් සංගමෙය් සභාපති කාංචන මාරසිංහ
ඊයේ ( දෙසැම්බර් 27) උදෑසන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට කඩාවැදුනු කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා මහතා හා පාතාල මැරයන් එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ටී.එම්.ජී.චන්ද්‍රසේකර මහතාට පහරදුන් සිද්ධියට අදාළව ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමත්, මාධ්‍ය ආයතනයකට කඩාපැන මාධ්‍යවේදීන්ට පහරදීමටත් එරෙහිව අද (දෙසැම්බර් 28) ප්‍රධාන මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා රූපවාහීනී සේවක සංගමය එක්ව රූපවාහීනී සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පවත්වනු ලැබුවා. ඉහතින් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා හා එහිදී මාධ්‍ය සංවිධාන නියෝජිතයන් දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පටයි.
…
සුනන්ද දේශප්‍රිය
ජනමාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පසුගිය 20දා පුවත්පත් සාකච්ඡාවක කතා කරමින් ජනමාධ්‍යවේදියාට අලූත් නිර්වචනයක් දුන්නේ ය. එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්‍යවේදියා යනු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ඇති අය පමණක් බව යි. මේ විග්‍රහය අප මේ අසන්නේ පළමු වතාවට ය. ඇත්තටම නම් කණගාටුවෙන් නමුත් කිව යුත්තේ මේ කතාව පෙන්වන්නේ ජනමාධ්‍ය ඇමැතිවරයාගේ සහ ඔහුගේ උපදේශකයින්ගේ නොදැනුවත්කම පමණක් බව යි.
ඒ අනුව විග්‍රහ කරමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ මෙරට ඝාතනය වී ඇත්තේ එකම ජනමාධ්‍යවේදියකු පමණක් බව යි. නමුත් ඔහුගේ නම කීමට ඇමැතිවරයා අසමත් විය. උදයන් පුවත්පතෙහි සේවය කළ සෙල්වරාජ් රජීව්වර්මන් 2007 අෙප්‍රල් 29 දා යාපනයේ දී ඝාතනය කෙරුණි. ඔහු සතුව හෝ 2007 වර්ෂය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ හැදුනුම් පතක් තිබුනේ යැයි සිතීමට නොහැකි ය. එසේ නොතිබුනේ …
- நாரதர்-
“அய்யேர பாவம் பாருங்கள் இந்தப் பாடசாலை பிள்ளை நுகேகொடையில் புலிகள் வைத்த குண்டு வெடித்ததில் பரிதாபகரமாக உயிரிழந்துள்ளார்.இவளின் தாய் தந்தையின் உள்ளம் எவ்வளவு வேதனைப்படும்” என என்னுடன் பணிபுரியும் பெரும்பான்மை யுவதியொருவர் புலம்பியதை கேட்ட எனக்கும் மிகுந்த வேதனை அளித்தது.ஆனால் (28.11.2007) ஆம் திகதியன்று கிளிநொச்சி ஐயங்கேனியில் வைத்து இராணுவத்தினரின் ஆழ ஊடுறுவித் தாக்கும் படையினரின் தாக்குதலில் பலியான ஒன்பது பாடசாலை மாணவர்களினதும் பெற்றோர்களின் மனமும் இவ்வாறு தானே வேதனையுற்றிருக்கும் என நான் அளித்த பதிலிற்கு அவள் அப்படியொரு சம்பவம் இடம்பெற்றதர என என்னிடம் மீண்டும் ஒரு கேள்வியை என்னிடம் கேட்டபோது நான் திகைத்துப் போனேன்‚மிகவும் ஆச்சர்யமடைந்தேன்.
நான் இங்கு அன்மையில் கிளிநொச்சியிலும் நுகேகொடையிலும் இடம்பெற்ற இரு குண்டு வெடிப்புச் சம்பவங்களையும் ஒப்பிட்டு அவ்விரண்டு சம்பவங்கள் தொடர்பாகவும் சிங்கள ஆங்கில நாளிதழ்கள் எந்தளவு முக்கியத்துவத்தினை வழங்கியிருந்தன என்பதனையே அங்கு சுட்டிக்காட்ட முயன்றுள்ளேன் ஆகையால் கொலைகளை நியாயாப்படுத்துவதாக இது அர்த்தப்படுத்திக்கொள்ளக்கூடாது வாசகர்கள் என்பதனையும் தெரிவித்துக்கொள்கின்றேன்.
அதாவது வடகிழக்கில் பயங்கரவாதத்திற்கெதிரான போர் என்ற போர்வையில் அப்பாவி தமிழ் மக்கள் வகைதொகையின்றி படுகொலை செய்யப்படுவதனை தென் சமூகத்தினர் …

The Press Emblem Campaign මගින් 2007 වසර තුළදී ලෝකයේ මාධ්‍යකරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන පිළිබදව කරන ලද සමීක්ෂණයකට අනුව මාධ්‍යකරුවන්ට සිය වෘත්තියේ නියැලීම සදහා අනාරක්ෂිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට පත්ව තිබේ. සමස්තයක් ලෙස ගත්විට පසුගිය වසරවලට සාපේක්ෂව 2007 වසර ලෝකය පුරාම මාධ්‍ය නිදහස දරුණු ලෙස උල්ලංඝණයට ලක්වූ සහ වැඩිම මාධ්‍යකරුවන් ප්‍රමාණයක් ඝාතනයට ලක් වූ වසර ලෙස වාර්තාගත වන බව එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. මේ වසර තුළදී ලෝකයේ විවිධ රටවල්වල මාධ්‍යකරුවන් 110 දෙනෙකු ඝාතනයට ලක් වී ඇත. 2006 සහ 2005 වසරවලදී ඝාතනය කෙරුණු මාධ්‍යවේදින්ගේ ගණන පිළිවෙලින් 96 සහ 68 ක් විය.
2007 වසර තුළදී රටවල් 27 ක මාධ්‍යකරුවන් ඝාතනයට ලක් වී ඇත. ඒ අතුරින් මාධ්‍යකරුවන්ට භයානකම රට ලෙස පිළිගැණෙන ඉරාකයේ මාධ්‍යකරුවන් …

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය.
’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම හාල් කිලෝ එකක් රුපියල් හැටයිනේ..’’ යන්නයි. තරුණයා ලව් බර්ඩ් කුරුල්ලන් ඇති කරන්නෙකි. ඔහු කොළඹ ඩෝසන් වීදියෙන් බජිරි කිලෝ එකක් මිලට ගන්නේ රුපියල් 110 බැගින්ලු.
ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ දැනගැනීම පිණිස සටහන් කරමි.
පී. ජේ.
උවිඳු කුරුකුලසූරීය
ඊයෙයි අදයි සිංහල පත්තර බැලුවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්‍යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්‍ය භාවිතාව පිළිබඳ පුළුල් දැනුමක් නෑ කියන එක.
මාකොළ දී බ්‍රිගේඩියර්වරයෙකුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ මහේස්ත්‍රාත් වාර්තාව ලංකාදීප ,දිවයින හා ලක්බිම පුවත් පත් වල පලවී තිබුණා. ඒ හැම වාර්තාවකටම අනුව පොලීසියෙන් පවසන්නේ මෙය මිනීමැරුමක් බවයි. මීනීමැරුමට සැකපිට තවමත් රිමාන්ඩ් භාරයේ පසුවන්නේ බ්‍රිගේඩියර්වරයා.
පෙරේදා මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඒ අවස්ථාවේ නිවසේ සිටි බිරිඳගේ සහෝදරයාගෙනුයි, බ්‍රිගේඩියර්වරයාගේ 15 හැවිරිදි පුතා ගෙනුයි කට උත්තර අරන් තිබ්බා. මේ පත්තර ඔක්කොම අර කට උත්තර අකුරක් නෑර පලකරලා අර දරුවගේ නම,වයස ඔක්කොමත් එක්ක!
අද දිවයින පත්තරෙත් ඒවාගේම සිද්ධියක් වාර්තාවෙලා ‛‛ස්වාමි පුරුෂයාගේ ඝාතනයට සම්බන්ධ නඩුවට සාක්ෂි නොදෙන්නැයි දියණියට බලපෑම් කළ මව රක්ෂිතයට’’ කියලා ඒ වාර්තාවේ තියෙනවා. මේ …
අද රටේ උද්ගතවී ඇත්තේ මාධ්‍ය නිදහසට එරෙහිව ඕනෑම ආකාරයේ මර්දනයක් දියත් කොට දඬුවම් නොලබා සිටිය හැකි සංස්කෘතියකි. මාධ්‍යකරුවන් මරා දැමීම,මාධ්‍යකරුවන් බිය වැද්දීම,මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම හා මාධ්‍ය ආයතන වසාදැමීම අද ඉතාම සමාන්‍ය සිදුවීම් බවට පත්වී ඇත.
මෙම මර්දනයට එරෙහිව ලෝක මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වනදා දැවැන්ත උද්ඝෝෂණයක් මාධ්‍ය මර්දනයට එරෙහි ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇත. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද ( දෙසැම්බර් 04) දින ශ්‍රි ලංකා පුවත් පත් ආයතනයේදී පැවැත්වූවා. එහිදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනන්ද දේශප්‍රිය, වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් …