vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Peace and reconciliation

මඩකළපුව - පුංචි ඡන්දයට පෙරවදනක්

bote-tmvp.jpg

සටහන සහ ඡායාරූප - සුනන්ද දේශප්‍රිය

15දා උදෑසන නමයට එන්න, සිවිල් සංවිධාන රුස්වීම, එතනදි හැමෝම හමුවෙන්න පුලුවන්. එහෙම උපදෙස් දුන්නෙ සදීක්. වෑන් එකෙන් බහින කොටම මඟ හරස් වුණ තලතුනා වයසෙ පාපැදිකරුවෙක් නතර වුණා. ඒ පළමුවැන්නා: “සුනන්ද දේශප්‍රිය නේද? මගේ නම අහන්න එපා. ඡන්ද වැටෙවි. බලෙන් ඉල්ලන අයත් ඉන්නවනෙ. ඒත් ඡන්දයක් අපට දැන් අවශ්‍ය නෑ. ” ඒ කෙටි උත්තර.

මේ දෙවැන්නා කළක් දන්නා මාධ්‍යවේදියෙක් ශාලාව ඇතුළට යන ගමන්. “ඡන්දය බොරුවක්. සියයට 35- 40 ක් ඕන නම් ඡන්දය දේවි. ටීඑම්වීපි යට ආයුධ තියෙනවා. ඒත් ඇපල් කණ්ඩායමට වාසි වැඩියි. ඒත් දෙමළ මුස්ලිම් මිශ්‍ර ප්‍රදේශවල ටීඑම්වීපියට වාසි වැඩිවේවි. මුස්ලිම් ඡන්ද කොන්ග්‍රසයට යාවි. පසුගිය මාසෙ උදලු 10,000 ක් බෙදල දුන්නා. කොවිල් වලට රු.15,000 ගානෙ දුන්නා. …

ඡන්දෙ අපිට- අපි ඡන්දෙට

- ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් ක්‍රිශ්නානන්දරාජා
මඩකළපු ප්‍රධාන අපේක්ෂක ( ටීඑම්වීපී -පොදු පෙරමුණ)

ජන්දයක් මඩකළපුවට එපා කියන්නේ කව්ද? අපට අව්රුදු විස්සක් ජන්දයක් තිබුනේ නැහැ. මඩකළපුවේ අනෙක් ප්‍රදේශවල පළාත් පාලන ජන්ද තිබුනා. දැන් දිස්ත්‍රික්කයම නිදහස්. පාලනය ආණ්ඩුව අතේ. වාකරේ නැවත පදිංචි කිරීම් අවසන්. පෝරතිව් වැනි ප්‍රදේශ වල තවම අවසන් නැහැ. එරාවුර් පත්තුවේ 8000 ඉන්නවා පදිංචි කරන්න.

මේ ජනයා ඡන්දයට කැමතියි. 10 වෙනිදට ඇවිත් ඒ බව බලාගන්න. මැතිවරණ නිරීක්ෂනයට එන්න. අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. අපේ ළඟ ආයුධ නෑ. ඒවා මාසයකට කලින් කැලේ හැංගුවා. අපට ආරක්ෂාව ලබා දෙන්නෙ පොලීසියෙන්.

අපි ආයුධ සංස්කෘතියෙන් කැඩෙන්න කැමැතියි. ඒත් එල්ටීටීඊ ය ප්‍රහාර දෙන නිසා ආයුධ නැතිව කොහොම ද ආරක්ෂාව ලබා ගන්නෙ. පොලිස් ආරක්ෂාව අපේක්ෂකයින්ට ප්‍රමාණවත්. නමුත් සංවිධානෙට?

මේ ඡන්දයට …

ළමා සොල්දාදුවො පෙන්නන්න අපිත් එක්ක එන්න…

රාසයියා තුරෙයිරත්නම් ( ඊපීආර්එල්එෆ් පත්මනාභා පාර්ශවය)

අපි දේශපාලනේ පටන් ගත්තේ පාසැලෙන්. මං බැදුනේ ඊළාම් පොදු ශිෂ්‍ය ව්‍යාපාරයට 1978 දී. ඒ වැඩ වලට රෝනියෝ මැෂින් එකක් උස්සන්න වුණා. ඒක එළි දරව් වුනා. හැංගෙන්න වුනා. පුහුණුවට ගියා කින්යාවෙ. ඊපීආර්එල්එෆ් නායකයො හැමොම පුහුණු වුනේ එහේ. එදා ඉදළ ව්‍යාපාරෙ. මං මේ කතාව කියන්නෙ මේකයි. මේ ඉතිහාසයම අයුධ සංස්කෘතියේ ඉතිහාසයක්.

83 තමයි මඩකළපුවේ සන්නද්ධ සංවිධාන ආරම්භය. එදා ඉදළ අද දක්වා තියෙන්නෙ ආයුධ සංස්කෘතියක්. 83- 86 දක්වා දෙමළ සංවිධාන සහ මුස්ලිම් ග්‍රාමාරක්ෂකයින් ගහගත්තා. එදා ත්‍රිවිධ හමුදාවම අනුගමනය කළේ දෙමළ ජනයා පිඩාවට පත් කිරීමේ පිළිවෙතක්. ග්‍රාමාරක්ෂකයින්ට සහාය දුන්නේ ඔවුන්. ඒක මැරවර යුද්ධයක්. රාජ්‍ය යන්ත්‍රය සීමා රහිතව වැඩ කළේ.

1986 දී එල්ටීටිඊ ය සහෝදර ඝාතක යුද්ධය පටන් ගත්ත. එතකොට අපි දෙගොල්ලො මරා …

මේ වෙලේ මොන ඡන්දයක්ද?

බෙනඩික්ට් තනබාලසිංහම් (ප්ලොට්)

මේ වෙලේ මොකටද ඡන්දයක්. තවම ආයුධ සංස්කෘතිය ඉවර වෙලා නෑනෙ. මඩකළපු නගරෙ නම් ආයුධ ගත්ත අය නෑ. ඒත ටිකක් එහාට යන්න ඕන බලන්න. තුරෙයි නිලාවලි, කලවංචිකුඩි අපේ කාර්‍යාලවලට ආයුධ ගත්ත ටීඑම්වීපී පිරිස් ඇවිත් තර්ජනය කරා. පැමිණිළි දාල තියෙන්නෙ. බලහත්කාරය යොදවන ටීඑම්වීපී ප්‍රධානීන් ගැනත් අපි පොලිසියට කියළ තියෙන්නේ. නමුත් පොලීසිය උනන්දු නෑ. ඔවුන් ජනයාට කියන්නෙ අපට ජන්දෙ නොදුන්නොත් වැඩ වරදියි කියළ. නාවක්කුඩාවල ගෙවල් බින්දෙ ආයුධ සන්නද්ධ පිරිස්. පොලීසිය අහක බලාගෙන ඉන්නෙ. අන්තිමේදි මිනිස්සු අල්ලල දුන්න.

පොදු පෙරමුණයි ටීඑම්වීපී යයි කියනවා කොහොම හරි දිනනවා කියළ. ප්‍රශ්නෙ ඒකයි. ටීඑම්වීපී ය ඉන්නේ ආණ්ඩුවේ හමුදාව සමඟ. එක් ප්‍රසිද්ධ රහසක්නෙ. යුද්ධ ප්‍රධානින් ටීඑම්වීපී යට කිට්ටුයි. අපේ අපේක්ෂකයින්ට එහෙම තත්ත්වයක් නෑ. කළවංචිකුඩියේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය උනා …

பாதுகாப்பும் விட்டுக்கொடுப்பும்

கொழும்பை அண்டிய பிரதான நகரம் ஒன்றில் வார நாள் ஒன்றின் பரபரப்பான காலைப் பொழுது. பெரும்பான்மை சிங்கள இனத்தைச் சேர்ந்த ஒருவர். மேலிந்த கரிய உருவம். அழுக்கான உடை. வெறும் கால். குழம்பிய தலை. கைகளில் இரண்டு பெரிய பைகள். ஒரு வாய் மூடி கட்டப்படாத உரப்பை நிறைய அகத்திக் கீரை. ஒரு ஔி ஊடுபுக விடும் பொலிதீன் பை நிறைய அகத்திப் பூ. புறக்கோட்டை நோக்கிப் போகின்ற பேரூந்தில் ஏற மிகத் தீவிரமாக முயற்சித்து தோற்றுக் கொண்டிருந்தார். கிட்டத்தட்ட 10‚ 12 பேரூந்துகள் அவரை ஏற்றிக் கொள்ள மறுத்தது. பாவம் அந்த அப்பாவி கீரை வியாபாரி. அன்று அவனது வியாபாரம் என்னானது? அன்றைக்கு அந்தக் கீரையையும் பூவையும் விற்க முடியாவிட்டால் அவன் என்ன செய்வான். இந்தப் பேரூந்து தரிப்பிடத்தில் நின்ற மூன்று பேர் தங்களுக்குள் ‘இப்போது அனேகமான பேரூந்துகளில் பொதிகளை ஏற்றிச் செல்ல அனுபதிப்பதில்லை. கொழுப்புக்குள் மட்டுமல்ல தூர இடங்களுக்கான பேரூந்துகளிலும் இதே நிலைமைதான்’ என்று கதைத்துக் கொண்டனர்.

இந்த அப்பாவி வியாபாரிக்கு நடந்ததும்‚ அந்த மூன்று பேர் கதைத்துக் கொண்டதும் அப்படியே தென் இலங்கை முழுவதும் …

මඩකලපු ඡන්දේ රස කතා

නැගෙනහිර පළාතේ මඩකළපුව නගර සභාව සහා ප්‍රාදේශිය සභා 8ක් සඳහා වූ පළාත් පාලන මැතිවරණයට දින නියම වී තිබේ.එය මාර්තු 10 වැනිඳා පැවැත්වීමට නියමිතය. මේ දිනවල එහි මැතිවරණ උනුසුම ක්‍රමයෙන් නැගෙමින් තිබේ. මැතිවරණයට තරඟ වඳින ප්‍රධාන පාර්ශවයක් වන්නේ ‛‛තමිල් මක්කල් විඩුදලේ පුලිගල්’’ හෙවත්‛ දෙමළ ජනතා විමුක්ති කොටි ’’ (TMVP) සංවිධානයයි. එය එල්ටීටීඊ සංවිධානයෙන් කැඩීගිය කරුණා පාර්ශවයට අයත් එකකි. එය එහි හැඳින්වෙන්නේ ටී.එම්.වී.පී යන කෙටි නමිනි. මේ දිනවල මැතිවරණය සහා එම සංවිධානයේ අපේක්ෂකයින් සම්බන්ධ කතා රැසක් මඩකළපුව ප්‍රදේශයේ ජනතාව අතර තිබේ මේ ඉන් කිහිපයකි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වෙද්දී ටී.එම්.වී.පී සංවිධානයට සිවිල් ජනතාව අතර පුළුල් දේශපාලන සංවිධානයක් තිබුණේ නැත. ඒනිසා ඔවුනට මැතිවරණයකට තරග කිරීම සඳහා දේශපාලන සංවිධානයක් හදා ගැනීමට සිදුවිය. ඔවුන් එහිදි මුලින්ම මඩකළපුව නගර සභාව සඳහා පොදු කණ්ඩායමක් ලෙස තරගයට ඉදිරිපත්වීමට …

தனக்கு மூக்கு போனாலும் பரவாயில்லை எதிரிக்கு சகுனம் பிழைக்க வேண்டும்.

ஐக்கிய நாடுகள் சபை‚ 2008ஐ ‘சர்வதேச மொழிகள் ஆண்டு’ என்று பிரகடனப்படுத்தியுள்ளது. இதனை கொண்டாடுவதற்கு எல்லர மொழிகளையும் பாதுகாக்கவும் விருத்தி செய்யவும் முன்வருமாறு எல்லர அரசாங்கங்கள்‚ ஐக்கிய நாடுகள் சபையின் கீழ் இயங்கும் அமைப்புகள்‚ சிவில் சமூக அமைப்புகள்‚ கல்வி நிறுவனங்கள்‚ துறைசார் நிபுணர்களின் சங்கங்கள்‚ மற்றும் அனைத்து பங்குதாரர்களையும் யுநெஸ்கேர நிறுவனம் அழைப்பு விடுத்துள்ளது. இலங்கையை பொருத்தவரை சிங்களம்‚ தமிழ்‚ ஆங்கிலம் எனும் மூன்று மொழிகள் பிரதானமாக உள்ளன.

இலங்கை சுதந்திரம் அடைந்து 60 வருடங்கள் கடந்ததுவிட்டது. இந்த 60 வருடங்களில் அரைவாசியான 30 வருடங்களுக்கு மேலாக இலங்கையில் தமிழர் பிரச்சினை தீர்க்கப்பட மாட்டாமல் உள்ளது. இலங்கை சுதந்திரம் அடைந்து பின்னர் இடம்பெற்ற முக்கிய அரசியல் நிகழ்வுகளில் 1956ம் ஆண்டு கொண்டுவரப்பட்ட சிங்களம் மட்டும் சட்டம் தனியிடம் பெறும் ஒரு நிகழ்வாகும். இன்று இலங்கை முகம் கொடுத்துள்ள போருக்கும் சிங்களம் மட்டும் சட்டத்திற்கும் சம்பந்தம் இல்லை என வாதம் புரிகின்ற தரப்புகள் இருக்கின்றன. யார் ஏற்றுக்கொள்ள மறுத்தாலும் சிங்களம் மட்டும் சட்டமானது இலங்கையின் இன்றைய நிலைமைக்கு பாரிய அளவில் காரணமாய் அமைந்தது என்பதுதான் யதார்த்தம்.

ஐக்கிய …

කිරිමැටිය වත්තේ පුංචි කලු ජූලියක්…

වැලිඔය දී එල් ටී ටී ඊ ය සහ ශ්‍රී ලංකා හමුදාව අතර ඇති වූ ගැටුවලදී මිය ගිය මහනුවර කිරිමැටිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නවීර නිලන්ත කුමාර ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා දින (පෙබරවාරි 19) ඔහුගේ නිවසට ගෙන ඒමත් සමගම ප්‍රදේශයේ සිංහල තරුණයින් කණ්ඩායමක් විසින් අවට ජීවත් වන දෙමළ වතුකර ජනයාට තර්ජන සහ බිය වැද්දවීම් එල්ල කරන්නට පටන් ගෙන තිබෙන බව ප්‍රදේශයේ වතුකර දෙමළ ජනතාව ප්‍රකාශ කරති.

බහුතරය සිංහල වැසියන් වෙසෙන කිරිමැටිය වත්ත පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ කොට්ඨාශයේයි. මෙහි සිංහල තරුණයෝ සැළකිය යුතු ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ සේවයට බැඳී සිටිති.

රත්නවීර නිලන්ත කුමාරගේ මළ සිරුර ගමට ගෙන ඒමත් සමගම ඒ අවට ප්‍රදේශවල සිංහල තරුණයින් අතර විශාල කැළඹීමක් හට ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිලන්ත කුමාරගේ අවසන් කටයුතු …

« Previous entries · Next entries »