vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Stories from the silent

IIGEP - ඉවත් වීම හා ජනාධිපති කොමිසමේ ස්වාධීනත්වය


‛‛2006 වර්ෂයේ ජනවාරි මස දී ත්‍රිකුණාමලයේදී තරුණයන් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා 2006 අගොස්තු මස දී මූතූර් ප්‍රදේශයේදී AFC නැමැති ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු පසුගිය කාලය තුළ සිදුවු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරු නිස්සංක උඳුලාගම මහතාගේ මූලිකත්වයෙන් ‛‛බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම’’ පත්කරනු ලැබූ අතර එයට අමතරව ජනාධිපතිවරයා විසින්ම එහි කටයුතු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ස්වාධීන විද්වත් මංඩලයක්ද පිහිටුවනු ලැබුවා. නමුත් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු රජයේ විවිධ පාර්ශව විසින් මෙම ස්වාධීන විද්වත් මංඩලය විවිචනයට ලක්කල අතර ඔවුනගේ කටයුතු වලට සහායෝගය නොදක්වන තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.මේ අතර ප්‍රකාශයක් නිකුත් කල ජාත්‍යන්තර …

යුද්ධයේ දරුවෝ….

තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා….
හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන යනව. සිගරට් ඉල්ලන අයට සාක්කුවේ ඇති සිගරට් පැකට්ටුවෙන් සිගරට් දෙන ඔහු ඒ සැනෙන් කුස්සියට දිවගොස් බයිට් පිඟානක් රැගෙන යන්නේ බයිට් ඉල්ලන අයගේ කෑගැහීමටයි. ඔහු ගේ මුහුණෙන් මහන්සියක සේයාවක් නොපෙනෙයි.
තම්බි ඔන්ගඩ පේර එන්න?

‛‛මගේ නම ජනත්, මට වයස අවුරුදු 14යි. අපේ පවුලේ හතර දෙනයි මායි අම්මයි, අක්කයි, මල්ලීයි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. එයා යුද්ධයෙන් මැරේන කොට මං හුගක් පොඩියිලු. මට හම්බ වෙන එකෙන් තමයි මම අම්මව බලාගන්නේ. මං වැඩ කරේ නැත්නම් අම්මට කන්ඩ දෙන්න බැරිවෙනව. අම්මත් කුලී වැඩ කරනව ඔය ගොයම් කපන වගේ වැඩ. ඒත් …

ලාබයි… වකුගඩුවක් විකිණීමට තිබෙ

බදුල්ලේ සිට නෙත්

මහත්තයා ඉන්නවාද?
ඕව් ඇයි
මට මහත්තයාට කතා කරන්න ඕනි
ඔයා හම්බවෙන්න කවුද ඇවිල්ල

මා නිවසේ ඉදිරි දොරටුව වෙත පිය නැගුවෙමි. මා ඉදිරිපස ඉතා වයෝවෘද්ධ වුත් කෙසඟ ශරීරයකට හිමිකම් කිමට හැකි අයෙකු සිටි. මෙම පුද්ගලයා අන්කවරෙකු නොව අප ප්‍රදේශයට වඩේ, පැටිස් අලෙවිකරන වඩෙ මාමායි. මෙම පුද්ගලයා සතියේ දිනවල සෑම නිවසකටම ගොස් සිය රාජකාරියේ යෙදෙයි. ඔහු ගෙන් පැටිස් මිලදී ගැනිම නිසා අප දෙදනා අතර දැඩි හිතවත් කමක් ද විය.
හේ මුස්ලිම් ජාතිකයෙකු වුවත් මනාලෙස සිංහල බස හැසිරවීමට සමත්විය. කාලයක්ම මෙම පුද්ගලයා නොපැමිණි අතර කලකට පසුව පැමිණ මා හට කතා කරයි.
මහත්තයා හමුවෙන්න ආවේ ලොකු උදවුවක් ඉල්ලාගෙනයි
මොකද්ද ?

මහත්තයා මට දූලා තුන්දෙනෙක් ඉන්නවා උන් බන්දලා දෙන්න ඕනි. ඒකට ලොකු වියදමක් යනවා මගේ ලඟ ලොකු …

யுத்தத்தின் குழந்தைகள்

தம்பி சிகரட் எங்க? பய்ட் கொண்டு வாங்க. தம்பி தண்ணி கொண்டுவாங்க. கொகாகோலர எங்க?

ஹோட்டல் ஒன்றில் வேலைசெய்யும் சிறுவன் ஒருவனிடமே இவ்வாறு கேட்கப்படுகிறது. மட்டக்களப்பு மாவட்ட உள்ளுராட்சி மன்றத் தேர்தல்களில் இடம்பெறும் வன்முறைகளைக் கண்காணிப்பதற்காக எமது அலுவகத்திலிருந்து குழுவொன்று அங்கு சென்றிருந்தது. அந்தக் குழுவில் நானும் மட்டக்களப்பிற்குள் புதிய முகமாக நுழைய அனுமதிக்கப்பட்டேன்.

அங்கு நாங்கள் தங்கி வேலைசெய்ய வேண்டியிருந்ததால் ஹோட்டல் ஒன்றில் தங்கவேண்டிய நிலை ஏற்பட்டது. நாங்கள் சென்ற நாளன்று இரவு சக நண்பர்கள் (அதிகாரிகள்) மது அருந்துவதற்குத் தயாரானார்கள். அப்போதுதான் அந்த சிறுவனைக் கண்டேன். பார்ப்பதற்கு 8‚ 9 வயதுபோல் இருக்கும்.

அந்தச் சிறுவனைப் பற்றி தெரிந்துகொள்ள வேண்டும் என்ற ஆர்வம் எனக்கு ஏற்பட்டது. இது தொடர்பாக எனது சக நண்பர்கள் இருவரும் ஆர்வம் காட்டினர்.

தம்பி உங்கட பெயர் என்ன? ஜனாத் என்றான் சிரித்த முகத்துடன். நாங்கள் சொல்லும் ஒவ்வொரு வேலையையும் சுறுசுறுப்புடனும் சந்தோஷத்துடனும் செய்தான். அந்தச் சிறுவனை எனது அருகில் உட்கார வைத்தோம். அவன் எங்களிடம் சொன்னவை‚

நான் 1993ஆம் ஆண்டு அன்னமலையில்தான் நான் பிறந்தேன். …

අප්පා කවර කළේ..

saman.jpg
8 B පංතියට සිකුරාදා සිංහල පොතේ 4 වෙනි පාඩම තිබුණෙ. පාඩම ඉවරවෙලා අභ්‍යාස කීපයක් මං පංතියට දුන්නා.

’‛හැමෝම පොත් ගන්න’’

සමන් අදත් පොත ගෙනත් නෑ.

’‛කෝ සමන් පොත?’’

සමන් ඇඹරුණා. බිම බලාගත්තා. මේ වාරෙ මුල ඉඳන්ම සමන් පොත ගේන්නෙ නැති බව මට මතක් වුණා. මම සමන්ට එළියට අඬගැහුවා.

’‛පුතේ ඔයාගෙ පොත් කෝ?’’

’‛ටීචර්, අපේ පොත් ඔක්කොම පිච්චුණා. තාත්ත බීලා ඇවිත් අම්මා එක්ක රණ්ඩුවෙලා ගෙට ගිනි තිබ්බා.’’
’‛තාත්තා දැන් කෝ?’’
’‛හිරේ’’
‛‛ඔයාලා කොහෙද ඉන්නෙ?’’
‛‛අයියයි මායි පිරිමි ළමා නිවාසෙ ඉන්නෙ.’’
‛‛අම්මා කොහෙද?’’
‛‛අම්මයි නංගියි කොහෙද ඉන්නෙ කියලා කිව්වෙ නෑ.’’
‛‛අම්ම මොනවද කරන්නෙ?’’
‛‛අම්ම කඩේක වැඩ කරනවා කිව්වා’’

සමන්ගෙ ඉගෙනීම ගැන කතාකරන්න මට හිතුණෙ නෑ. තාත්තලා තමන්ගෙන් ඉපදුණු දරුවො ගැන …

ධර්ම රාජ්‍යයේ මොහොතක්

මමත්, මනීත්, ධාරණීත් වැඩ කරන්නේ එකම සංවිධානයකට අයිති කාර්යාලවල යි. වැදගත් තොරතුරු වගයක් දෙමළ භාෂාවෙන් හොයා ගන්න වුවමනා වෙලා පසුගිය සතියේ මනීත් ධාරණීත්, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියා. ඇතුල්වෙන තැනම තියෙන ආරක්ෂක මැදිරියට හැඳුනුම්පත් ලබා දීලා ඔවුන්ට ඇතුලට යන්න ලැබිලා තියෙන්නෙ ටික දුරක් විතරයි.

“මිස් ව චෙක් කරන්න ඕනෙ. පොඩ්ඩක් මෙහාට එනවාද? ”

ආරක්ෂක නිළධාරිනියක් ධාරණීගේ ඉහේ සිට දෙපතුළටම පරීක්ෂා කරලා තිබුණා. පරීක්ෂාවෙන් පස්සේ , ඔවුන්ව ගොඩනැගිල්ල ඇතුලට යොමු කරලා තිබුණත් අදාළ කරුණු නොමැති කමින් ඔවුන්ට ආපසු එන්න සිද්ධ වුණා. ඊළගට ඔවුන් ගියේ ජාතික පුස්තකාලයට. සාමාන්‍ය පරිදි ආරක්ෂක කවුළුවට හැඳුනුම්පත් ලබා දීලා ඔවුන් පුස්තකාලය තුලට ගිහින් තිබුණා. පළමුවෙන්ම ඔවුන් මුණ ගැසිලා තියෙන්නෙ මැදිවිය පසු කරන හොඳින් සිංහල දන්න කුළ කාන්තාවක්. ඇය තමයි පුවත්පත් ලිපි සම්බන්ධව තොරතුරු ලබා දෙන්න ආයතනය විසින් …

මිතුරනි , පැරණි

ඔබට
නො ඇසුනාට
මලටද කටහඬක් ඇත

සිඳ දමන විට නටුවෙන්
නඟන කෙඳිරිය
ඇසෙන්නේ
ගසට විතරද ?

මළවුන්ට පවා
ජීවිතයක් ඇතැයි
කියන විට අපි
ඔබ කියන්නේ
කඳුළ
සතුටින් උපදින බවද?

සිඳින්නට පෙර මල
නටුවෙන්
රැදී තිබුණි
පෙත්තක් මත
සීතල පිනි බිඳුවක්


මලේ සතුටද ?
ඔබේ සතුටද ?

මංජුල වෙඩිවර්ධන

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා
අඳුරු ගුහාවක හරියට දුක් වින්දා
තහඩු වහලෙ හිල් අතරින් වෙක් රන්දා
හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා

ඉරද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ
බරට අඩි තබා නගරෙට විදිල්ලේ
කෙවිට ගසාගෙන සෙනෙහෙන් කිහිල්ලේ
බුබුළු මලින් මල බඹරෙක් ඉගිල්ලේ

විදුලි කොටා වැසි වැස්සෙන් තෝන්තුව
විදුලි රැහැන් පට හොන්දු මාන්දු
කෙවිට තුඩු අගින් විදුලිය කාන්දුව
උස්සා පොළොවෙ ගැහුවයි අපෙ සාන්තුව

අඳුර ගලාගෙන විත් තැන තැන රන්දා
පඳුරු ලලා වැඩුනයි නුඹ නැති හන්දා
විදුලි සැරෙන් පියඹන රූ කොයිබින්දා
විදුලි කණුත් හිස බර කර ඉකිබින්දා

නිවන පතන මණ්ඩලයේ බැනර් වල
කඳුළු වැලක් ඇඳ තිබුනයි ගලන්නට
ලැයිමෙ අඳුර මැද වැළපෙන දෙ ඇස් වල
ගලන ගලන හැම කඳුළෙම කරන්ට් එක

මහත්තුරුත් දෙණ ළඟ උැස් මහත්කර
රාත්තිරිය දුළවන්නයි පොරොන්දුව …

· Next entries »