vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Transport

මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ

මගියා - කිරිබත්ගොඩට ටිකට් එකක් දෙන්න

(ඔහු රුපියල් 100 නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දිගුකරයි.)

කොන්දොස්තර - රුපියල් 16 ක් දෙනවද?

මගියා - අනේ මා ගාව නෑනෙ

කොන්දොස්තර - එහෙනං මොකටද ඕයි ලංගම බස්වල යන්නෙ? ප්‍රයිවට් බස්වල යන්නෙ නැතුව. අපිටම වද දෙනවා.

මගියා - එහෙම කියන්න එපා

කොන්දොස්තර -එහෙනං කොහොමද කියන්නෙ? ඉතුරු සල්ලි ගන්න ඩිපෝවට එන්න කියන්නද?

මේ සිදුවීම සිදුවුනේ 07.04.2008 කොල්ලුපිටියේ සිට කඩවතට
ධාවනය වූ 154 ල.ං.ග.ම බස්රථයක මගියෙක් සහ කොන්දොස්තර මහතා අතරයි.

සුරේන් ජුලියන්

සීසන් නිසා දරුවන් මහමග…..!

school-chidren.jpg
දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා යාමටය. පාසල් සිසුන් ගමන් කරන්නේ සීසන් වලිනි.

මේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා සීසන් වලින් යන මේ දරුවන්ව හපුතලෙන් බස්සවා වෙනත් බස් එකක එන ලෙස කියා, මග සිටින වෙනත් මගීන්ව නග්ගාගෙන පිටත්ව යති. ඊළඟ බස් රිය එනතුරු සීතලේ ගැහි ගැහී බලා සිටින්නට මේ අසරණ දරුවන්ට සිදුවෙයි. එසේ එන බස් රියේ සීසන් පෙන්නා යන්නටද බැරිය. මන්ද, කලින් බස් රියේ කොන්දොස්තර මහතා ඒ සීසන් කපා ඇති නිසාය.

මේ තතත්වය නිසා මේ දරුවන් හැමදාම පාසලට එන විට පාසල පටන් ගෙන හමාරය. …

පෞද්ගලික බස් රථයේ පොඩි එකාට ඉඩ නැතේ

මේ පෞද්ගලික බස් රථ වල රියැදුරු කොන්දොස්තර උන්නැහේලගෙන් මඟීන්ට සිදු වන හිරිහැර කරදර ගැන මම කොච්චරවත් අහලා තිබුණා වුණාට මොකද මේවා හැබහින්ම අත් දකින්න හම්බවුණේ මම කුරුණෑගල නගරයේ පදිංචිය අත ඇරලා ටිකක් දුර පළාතකට ගියාට පස්සෙයි. පෞද්ගලික බස් රථයේ යන්න එන්න ගත්තට පස්සෙයි. කුරුණෑගලින් බස් රථයට ගොඩ වුණාම කොන්දොස්තර තැන ඉබ්බාගමුවෙන් මෙහා යන අය වාඩි වෙන්න එපා කියලා සැර පරුෂ විදියට කියලා තමයි මගීන් කරුණාවෙන් පිළි ගන්නේ. මොනවා කරලා හරි මටයි මගේ දරුවටයි වාඩිවෙන්න කියලා ආසනයක් හොයා ගත්තත් ඔන්න ඊලඟ කරදරයට මුහුණ දෙන්න ඕනේ. වාඩි වෙච්ච වෙලේ ඉඳලා කොන්දෙස්තර උන්නැහේ බෙරිහන් දෙනවා අවුරුදු 11 මගේ කොළුවව ඔඩොක්කුවට ගන්න කියලා. කීප දවසක් මම එහෙමත් කෙරුවා. ගෙදර ලඟින් බහින කොට කකුල් දෙක හිරි වැටිලා. එච්චර ලොකු කොළුවෙක් ඔඩොක්කුවේ තියාගෙන හැතැප්ම දහයක් …

අහෝ අපේ බස්….

මම 2007 ජූලි මාසයේ දිනෙක පිටිපන ජා ඇල මාර්ගයේ ගමන් කරන අංක 273 පෞද්ගලික බස්යක මීගමුව බලා එමින් සිටියෙමි. කොතලාවල පාලම පසු කරනවාත් සමගම බසයේ කොන්දොස්තර මහතා හිටිගමන් බසයෙන් එළියට පැන වේගයෙන් ඉදිරියට දුවන්නට පටන් ගත්තා. ඒ වෙන විට මම මගේ බස් ප්‍රවේශ පත්‍රය සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ.

එතනින් එහාට බසයේ රියදුරු කම මෙන්ම කොන්දාස්තර කමද කරන්නට සිදුවූයේ රියදුරු මහතාටයි. ඔහු ළඟ ඉතිරි මුදල් දෙන්නට මාරු කාසි තිබුණේ නැති නිසා මගීන් බොහෝදෙනෙකුට තමන්ගේ ඉතිරි මුදල් ලැබුණේ නැහැ. එම නිසා ගමන සඳහා වැඩි මුදලක් ගෙවා බසයෙන් බැස යාමට මගීන්ට සිදුවුණා. බසයේ ගමනාන්තය තෙක් පැමිණි මා බස් නවතුමේ වේලාව සටහන් කරන්නා හෙවත් ටයිම් කීපර් මහතාට මේ බව දැන්වූවා. ඔහු ගණනකට නොගෙන කීවේ මේ සිද්ධිය සාමාන්‍ය එකක් බවයි. කොන්දොස්තර එසේ …