Archive for සිංහල
April 24, 2008 at 2:17 pm · Categories: Colombo, සිංහල, Media | by Vikalpa_R
පුරවැසි මාධ්‍යකරුවෙකුගේ සටහන්..
සුනන්ද දේශප්‍රිය
ටී.එන්.එල් රූපවාහිනිය පොහොයක් නොවරදවා බණ විකාශනය කරන සංස්කෘතිය ගැන ද, බණ කියන රූපවාහිනී සේවාවකි. දැන් කළක සිට එහි ඇති විශේෂාංගයක් නම් එහි හිමිකරු වන ෂාන් වික්‍රමසිංහ සහ එහි ගුවන් විදුලි සේවාවේ අධ්‍යක්ෂ වන හඩ්සන් සමරසිංහ අතර කැරෙන උදෑසන සංවාදය යි. හිමිකරු විසින්ම වැඩ සටහන් මෙහෙයවන ශ්‍රී ලංකාවේ දෙවන නාලිකාව මෙයයි.
යහපත් ජනමාධ්‍ය ලක්ෂණයක් වන හිමිකාරත්වය සහ ජනමාධ්‍ය භාවිතය අතර තිබිය යුතු ස්වාධීනත්වය මෙවැනි වැඩ සටහන් මගින් සහමුලින්ම නැතිකර දමනු ලැබේ. සංස්කරණ නිදහස පිලිබඳ සංකල්පය ජනමාධ්‍ය නිදහසේ අත්‍යාවශය ලක්ෂණයකි.
තව ද ටී.එන්.එල් රූපවාහිනිය යනු මතවාදි වශයෙන් සිංහළ බෞද්ධ ජාතිකවාදය ද දේශපාලනමය වශයෙන් ෂාන් වික්‍රමසිංහගේ සහෝදරයා වන රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයට ද බර නාලිකාවකි.
…
April 23, 2008 at 2:19 pm · Categories: Colombo, සිංහල, Democracy, Human Rights | by Vikalpa_R
බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ‛‛ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයයන් කණ්ඩායම’’ එම වැඩකටයුතු වලින් ලබන 30 වැනිදා සිට ඉවත්වීමට තීරණය කළ බව ඊයේ (22) කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබුවා.
‛‛ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයාබැලීමට පත්කල ජනාධිපති කොමිෂන් සභාවේ වැඩකටයුතු විධිමත් කිරීම සඳහා අප විසින් රජයට නිර්දේශ රාශියක් ඉදිරිපත් කලා. එම යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වු නිසා අපගේ බලාපොරොත්තු සුන්වී තිබෙනවා. එසේම පැමිණිලිකරුවන් සහා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමත්, කොමිෂන් සභාවේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් තොරවීම හා කාර්‍යක්ෂමතාවයකින් තොරවීමත්, රාජ්‍ය ආයතන වල සහායෝගය නොමැතිවීමත් මෙම තීරණය සඳහා බලපෑබවත් …
April 22, 2008 at 5:17 pm · Categories: සිංහල, Human Security, Eastern Elections, Batticaloa | by Vikalpa_R
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව මේ වන විට අතිශය ප්‍රභල මට්ටමක පවතින බවට රජය නිරන්තරයෙන් පවසන අතර ජාතික ආදායමේ විශාල කොටසක් නිතිපතා ඒ වෙනුවෙන් වෙන් කෙරේ.ඔබ කොළඹ ප්‍රධාන වීදියක ගමන් ගන්නා විට දී, සමහර විට ඔබට මහ පාරෙන් ඉවත ඇති මුල්ලකට ගාල් කෙරේ. එපමණක් නොව ඔබ පාර දෙසට පිටුපා සිටිය යුතු බවටද අණ කෙරෙයි. ඔබ ඒ අතර වාරයේ හොර ඇහින් මහ පාර දෙස බැලුවොත් කළු වීදුරු සහිත වේගයෙන් පියාඹායන රථ හා හමුදා සාමාජිකයන් පුරවාගත් ජීප් රථ දැකිය හැකිය. එම හමුදා සාමාජිකයන්ගේ තුවක්කු බට එල්ල වී ඇත්තේ ඔබ දෙසටයි. ඔබට ඇතිවන නොසන්සුන්තාව නිසා අසල වැටි ඇති කෙසෙල් ලෙල්ලක් වැරදීමකින් හෝ පෑගී ශරීරයේ තුලනය පාලනය කර ගැනීමට නොහැකිව ඔබේ හිස යම් හෙයකින් පාර දෙසට නැමුන හොත් ඊළඟ මොහොතේ ඔබේ ඔලුව …
April 21, 2008 at 4:12 pm · Categories: සිංහල, Democracy, Eastern Elections, Ampara | by Vikalpa_R
නැගෙනහිර පලාත් සභා ඡන්දයට දින නියම කිරීමත් සමගම නැවතත් එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරව වෙසෙන ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එම ප්‍රදේශවල මුස්ලිම් කොංග්‍රසය හා ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් කොටස් අතර ගැටුම් වාර්ථාවන අතර විවිධ මැතිවරණ අසාධාරණයන් පිළිබඳව ද පැමිණිළි ලැබී ඇති බව කියවේ. ඉහත දැක්වෙනුයේ කල්මුණේ ප්‍රදේශයේ වැසියෙක් ඒ පිළිබඳව දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයකි.
…
April 21, 2008 at 1:56 pm · Categories: සිංහල, Transport | by Vikalpa_N
මගියා - කිරිබත්ගොඩට ටිකට් එකක් දෙන්න
(ඔහු රුපියල් 100 නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දිගුකරයි.)
කොන්දොස්තර - රුපියල් 16 ක් දෙනවද?
මගියා - අනේ මා ගාව නෑනෙ
කොන්දොස්තර - එහෙනං මොකටද ඕයි ලංගම බස්වල යන්නෙ? ප්‍රයිවට් බස්වල යන්නෙ නැතුව. අපිටම වද දෙනවා.
මගියා - එහෙම කියන්න එපා
කොන්දොස්තර -එහෙනං කොහොමද කියන්නෙ? ඉතුරු සල්ලි ගන්න ඩිපෝවට එන්න කියන්නද?
මේ සිදුවීම සිදුවුනේ 07.04.2008 කොල්ලුපිටියේ සිට කඩවතට
ධාවනය වූ 154 ල.ං.ග.ම බස්රථයක මගියෙක් සහ කොන්දොස්තර මහතා අතරයි.
සුරේන් ජුලියන්
April 21, 2008 at 10:04 am · Categories: සිංහල, Anuradhapura, Governance, Education | by Vikalpa_R
විනාශය රැගෙන කෙටි දුර දුවන
චණ්ඩ සැඩ සුළඟට අපි මඳ පවන වෙමු
රිඩ් මාවත පුරන බොල් දුවිල්ලට අපි මල් කිණිති වෙමු
අතු ඉති දොඩන හඩ පවනය
මල් කතා කරන හඩ සුවඳය . . . .
කොළඹ විශ්ව විද්‍යාලයට අපි ආදරයට කිව්වේ පුරවර සරසවිය කියලා. ඒ කාලේ මේ කවියට අපි ආදරේ වගේම රිඩ් මාවත දිගේ ඇවිදගෙන යද්දි ඇගේ වැදිච්ච හැම වැලි කැටයකටම අපි ආදරය කළා. හැමදාම රෑ 7- 8 වෙනකම් නව කලාගාරයේ පෙන්නපු චිත්‍රපටියක් බලලා හරි, එහෙමත් නැතිනම් faculty යේ ජෑම් ගහ වටේට බංකුවල ඉඳගෙන සින්දු කියමින් කාලය ගෙවපු මතකය තාමත් හිතට ඇති කරන්නේ පුදුමාකාර මිහිරි බවක්. අපි රීඩ් මාවතට පය ගහන්න කලින් තව ගොඩක් අය එහේ ඇවිත් ගිහිල්ලා තිබුණා. අපෙන් පස්සෙත් තවත් අය දැන් එහේ ඇවිල්ලා. නමුත් එදා …
April 9, 2008 at 4:01 pm · Categories: සිංහල | by Vikalpa_N
« Previous entries ·
Next entries »