Vikalpa Newsletter #2 Sinhala
The 2nd issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
The 2nd issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
The 2nd issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.
මෙත්සිරි වඩුගේ
2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති කිරීමට සමත් වූ එවැනි වෙනත් එක් පියවරක් නැත.
දැන් ඒ සාමයේ මාවත වසා දමා වසරක් අවසන් ය. ඒ 9 පාර වසා දැමුනේ 2006 අගෝස්තුවේ දී ය.
දැන් ආරක්ෂ මුර කපොලු වල ඇති දැඩි සීමාකාරී බව නිසා ම ඒ 9 ඔස්සේ වන්නියට යාම අති දූෂ්කර ක්‍රියාවකි. මේ මුර කපොලු හිටි හැටියේ ම වසා දැමෙන්නේ කිසිදු ක්‍රමයක් හෝ දැනුම් දීමක් හෝ නැතිව ය. මහජනයාට, නිලධාරීන්ට සහ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානයන්ට මේ තාක් මේ මුර කපොලු හරහා යා හැකිව තිබුනේ සතියේ දින තුනක දී පමණි. …
මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ
‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද ඇතුළත්ව මාධ්‍ය සේවකයන් 7 දෙනෙකු අවම වශයෙන් ඝාතනය වී තිබේ. එක් මාධ්‍යවේදියෙකු අතුරුදහන් වී ඇති අතර අවම වශයෙන් පුවත්පත් අලෙවි කරන ස්ථාන 3ක් ප‍්‍රහාරයට ලක්ව තිබේ. මාධ්‍යවේදීන් සැළකිය යුතු ගණනක් ප‍්‍රදේශය හැර ගොස් හෝ තම වෘත්තීය හැර ගොස් හෝ තිබේ. රජය පොරොන්දු වී තිබියදී සහ සැකකරුවන් නම් කර තිබියදීත් ෙමි කිසිදු සිදුවීමක් පිළිබඳව බලවත් පරීක්‍ෂණයක් සිදුවී නොමැත.’’
ශී‍්‍ර ලංකාෙවි මාධ්‍ය නිදහස පිළිබඳ සොයාබැලීමට පැමිණි ජාත්‍යන්තර ¥ත මණ්ඩලයේ කොටස් කරුවන් වූ දේශසීමා නැති මාධ්‍යෙවිදියෝ (ඍීත්* සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව (ෂඵී* නියෝජිතයෝ ඒකාබද්ධව නිකුත් කළ නිරීක්ෂණ වාර්තාවේ එසේ …
Our school is one of the popular mix schools in the major city in North Western province. We are sitting for the GCE (O/L) examination in three months time. In school days we spend nearly half of the day at school. By now we are so much familiar with the school and specially close to each other in the class. We go to school together, study, eat, play, laugh, organize special events and do all the stuff together. As all the teenagers we are stuck to our groups every minute. And this is the final year that all of us are staying together sharing our joys.
Although we are on the school holidays extra classes are held in the school. No …
මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්‍රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තොටුපොළට එමින් සිටින අතරතුරේදීයි.
A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි. යමක් කමක් ඇති උදවිය ගුවනින් ගමන් කළ අතර අගහිඟකම් ඇති උදවිය මුහුදු මාර්ගය ඔස්සේ මගී නැවකින් සිය අවශ්‍යතා සපුරා ගත්තෝය.
යාපනේ නගරයේ සිට විනාඩි 50 ක පමණ ගමනකින් පසුව මගී පරීක්ෂාව සදහා කට්ටුවානේ හි වාහන නතර කෙරේ. හැඳුනුම්පත් සහ ගුවන් ටිකට්පත් පරීක්ෂාවට ලක් කෙරෙන තුරු මගීන් නැවතී සිටිය යුතුව ඇත්තේ කට්ටුවාන කෝවිලේ කැඩී බිඳී ගිය බිත්ති අතරේය.
පසුව වරකට පස්දෙනා බැගින් ගෙනා ගමන්මලු හා හැඳුනුම්පත් පරීක්ෂාවට ලක් කෙරේ. ගමන් මලු තුළ ඇති සියලුම දේ එළියට අදින පොලිස් හා හමුදා නිලධාරී නිලධාරිනියෝ ඒවා නැවත අසුරාගැනීම මගීන්ටම පවරති.
ඊට පසුව සිදුවන්නේ …

මංජුල වෙඩිවර්ධන
‛‛දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’
වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලුමයිලුම් ප්‍රේචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන ම ය.
‛‛යං ඇතුළට’’
ඔහු අප සිය නිවහන වෙත කැඳවයි.
එකට යා කළ කුඩා තාවකාලික නවාතැන් පේළි කිහිපයකින් සමන්විත එය සුනාමියෙන් අවතැන් වූවන් වෙනුවෙන් ඉදිවූවකි. ත්‍රි’මලේ ‛‛සල්ලි’’හි පිහිටි එහි පදිංචිව සිටින පවුල් ගණන 27කි. ඉන් පළමු කුඩා නිවස ප්‍රේමචන්දන්ගේ වාසභවන යි.
ප්‍රේමචන්ද්‍රන් ලෑලි බිත්තියට සයිකලය බර කරයි. එසැණ ඔහු වට කර ගන්නා දූවරු තිදෙනෙකි. වැඩිමහලී - දයානා - දස හැවිරිදි ය. මද්දුමී - දිලුක්ෂියා - අක්කාට දෙවසරකින් බාල ය. බඩපිස්සී මධුෂායිනී - මද්දුමීට දෙවසරකින් බාල ය. සැබැවින් ම එය තාවකාලික නවාතැන් පළක් නොව සොම්නසින් පිරී ගිය කැදැල්ලකි.
ප්‍රේමචන්ද්‍රන්ගේ ‛අප්පා’ ධීවරයෙකි. …
මිකා 5 වසරේ ඉඳන් මාත් එක්ක එකට හිටපු මගේ යාළුවෙක්. අපි දෙන්නම 2007 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිනවා. එයා දෙමළ මාධ්‍යයෙන්. මම සිංහල මාධ්‍යයෙන්. අපි දෙන්නම කතා බහ කර ගන්නේ ඉංග්‍රීසියෙන්. මම කුරුණෑගල ජනප්‍රිය පාසලකට ගියත් මිකා තාමත් යන්නේ ගමේ ඉස්කොලෙට. ඒකට හේතුව තමයි කුරුණෑගල නගරාසන්නයේ ජනප්‍රිය හෝ ජාතික පාසල් වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කෙරෙන්නේ නැති වීම. ඒ වගේම ඉංග්‍රිසි සිංහල හැර වෙනත් එකම විෂයකටවත් ඇයට අපට වගේ ප්‍රසිද්ධ අමතර පංති වලට ගිහින් පුළුල් දැනුමක් ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද කුරුණෑගල නගරයේ විශාල පරිමාණයේ එකදු අමතර ගණිත පංතියක්වත් දෙමළ මාධ්‍යයෙන් පවත්වන්නේ නැහැ. ඒ නිසා මිකාට සිදු වෙනවා අමතර ඉගෙනීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව ගුරුවරයෙකු වෙත ගොස් වැඩිපුර මුදල් ගෙවා ඉගෙන ගැනීමට. ඔවුන්ගේ පවුලට ඒ හැකියාව නැහි. ඒ නිසා …